2019 අගෝස්තු 11 සහ 12 දෙදින තුළ මෙල්බර්න් නුවර පැවති 8 වන ලෝක Health Qigong තරගාවලියේදී ලංකාව රන් පදක්කම් දෙකක් හිමි කරගත්තේය. ලංකා Health Qigong සංවිධානයේ ලේකම් සහ මෙම තරගාවලියට සහභාගී වූ ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ එරංග වීරසිංහ එම දක්ෂතාව දැක්වූ අතර ඔහු SBS සිංහල සේවයත් සමග මෙසේ සාකච්ඡාවකට එක් විය.
Share






