Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Supermarket වල pack නොකළ පලතුරු සහ එළවළු මිලෙන් අඩුයි කියල හිතුවට එහෙම නොවෙන්නත් පුළුවන්

Woolworths is charging more for unpackaged fresh produce, data from a review shows. Source: AAP / Julian Smith

Woolworths is charging more for unpackaged fresh produce, data from a review shows. Source: AAP / Julian Smith

ඇසුරුම් වල ඇති පලතුරු සහ එළවළු වලට වඩා ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු සඳහා වැඩි මුදලක් අය කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැඩි කිරීමට සහය වන බව සමාලෝචනයක් සොයාගෙන තිබෙනවා .


Published

Updated

By Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS




Share this with family and friends


ඇසුරුම් වල ඇති පලතුරු සහ එළවළු වලට වඩා ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු සඳහා වැඩි මුදලක් අය කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැඩි කිරීමට සහය වන බව සමාලෝචනයක් සොයාගෙන තිබෙනවා .


Supermarket වල pack නොකළ පලතුරු සහ එළවළු මිලෙන් අඩුයි කියල හිතුවට එහෙම නොවෙන්නත් පුළුවන්  

ඇසුරුම් වල ඇති පලතුරු සහ එළවළු වලට වඩා ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු සඳහා වැඩි මුදලක් අය කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැඩි කිරීමට සහය වන බව සමාලෝචනයක් සොයාගෙන තිබෙනවා .

ඔස්ට්‍රේලියානු පවුල් විසින් ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු මිලදී ගැනීම සඳහා වසරකට ඩොලර් 155ක් වැඩිපුර වැය කරන අතර, සුපිරි වෙළඳසැල් ප්ලාස්ටික් ඇසුරුම් සහිත නිෂ්පාදන සඳහා අඩු මුදලක් අය කරන බව මෙම සමාලෝචනයෙන් සොයාගත් අතර 2024 නොවැම්බර් මස 21 වනදා The Australian Marine Conservation Society විසින් සුපිරි වෙළඳසැල්වල ප්ලාස්ටික් භාවිතය පිළිබඳ දෙවන සමාලෝචනය දියත් කල බව පැවසේ .

ඇසුරුම් රහිත පලතුරු සහ එළවළු බොහෝ විට ප්ලාස්ටික් ඇසුරුම් සහිත නිෂ්පාදනවලට වඩා මිල අධික බව මෙම සමාලෝචනයෙන් සොයාගෙන ඇති අතර ඇසුරුම් රහිත අර්තාපල් බෑග් වලට වඩා සියයට 53කින් වැඩි බව පැවසේ.

ඇසුරුම් නොකළ නැවුම් නිෂ්පාදන සඳහා වැඩි මුදලක් අය කිරීමේ සමස්ත සුපිරි වෙළඳසැල් සාමාන්‍යය සියයට 73 ක්  වන අතර Woolworths හි එම අගය 77 කට වඩා වැඩි බව පැවසේ.

ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය යනු සාගර සහ ජල මාර්ග දූෂණය කිරීම, සාගර ජීවීන් මරා දැමීම සහ මිනිස් සෞඛ්‍යයට බලපාන මුළුමහත් සමාජයටම බලපාන පාරිසරික අර්බුදයක් බව The Australian Marine Conservation Society සාමාජිකා Cip Hamilton පවසයි.

ඇසුරුම් අඩු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමේ ජාතික වැඩසටහනට මෙම සුපිරි වෙළඳසැල් ප්‍රමාණවත් ලෙස සහය ලබා නොදෙන බවත් මෑත කාලීන පර්යේෂණවලින් පෙනී යන්නේ ප්ලාස්ටික් නිෂ්පාදනය වැඩි වන විට ප්ලාස්ටික් මගින් සිදු වන දූෂණයද වැඩි වන බව ඇය පවසයි.

Woolworths, Coles සහ Aldi විසින් ප්ලාස්ටික් ඇසුරුම් වල ඔතා ඇති නිෂ්පාදන වලට වඩා 70 කට වැඩි මුදලක් ඇසුරුම් නොකළ  පලතුරු සහ එළවළු සඳහා අය කරන බවත් එම මිල වෙනස පුදුම සහගත බවත් ඇය පවසා සිටි.

Woolworths ප්‍රකාශකයෙකු පැවසුවේ, ඔවුන් 2018 වසරේ සිට පිරිසිදු ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 1.6කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේම වෙළඳසල් තුලින් ඉවත් කර ඇති බවත්, අඩු කළ හැකි සියලුම ඇසුරුම්වලින් සාමාන්‍යයෙන් සියයට 51ක් ප්‍රතිචක්‍රීකරණය සදහා යැවු බවත්ය.

කිරීමට තවත් බොහෝ දේ ඇති බවත් ඔවුන්ගේ සැපයුම්කරුවන්වද ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අඩු කිරීම දිරිමත් කරන බවත් Woolworths වෙනුවෙන් අදහස් දැක්වීමට ඉදිරිපත් වූ ප්‍රකාශකයා පැවසීය.

Coles හි ප්‍රකාශකයෙකු පැවසුවේ ඇසුරුම් කරන ලද නැවුම් නිෂ්පාදන සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා වන අතර එමඟින් පාරිභෝගිකයින්ට වැඩි තේරීමක් ලබා දෙන අතර වගාකරුවන්ට ඔවුන්ගේ බෝගයෙන් වැඩි ප්‍රතිශතයක් භාවිතා කිරීමට ඉඩ සලසන බවයි.

තවද 2021 වසරේ සිට, Coles සන්නාමයේ නිෂ්පාදන වලින් ප්ලාස්ටික් ඇසුරුම් මිලියන 500 කට වඩා ඉවත් කර ඇති අතර, මෙම වෙළඳසැල් විසින් ඇසුරුම් රහිත පලතුරු සහ එළවළු මිලදී ගැනීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීම සඳහා තෝරාගත් වෙළඳසැල්වල කාඩ්බෝඩ් පෙට්ටි ඇසුරුම් භාවිතය අත්හදා බලමින් සිටින බවද ඇය පවසා සිටියාය.

“අනවශ්‍ය ප්ලාස්ටික් ඇසුරුම් අවම කිරීම සඳහා අපි අපගේ ඇසුරුම්වල වැඩිදියුණු කිරීම් දිගටම කරගෙන යන බව ය තවදුරත් අදහස් දක්වමින් පැවසුවාය.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now