Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙල්බර්න් සරසවිය යළිත් ඔස්ට්‍රේලියාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස කිරුළු පළඳින අතරේ ලෝකයේම 35 වන තැනට

University of Melbourne.jpg
Credit: Facebook/ University of Melbourne

ARWU ශ්‍රේණිගත කිරීමට අනුව මෙල්බර්න් විශ්ව විද්‍යාලය ලෝකයේ හොදම 35 වන විශ්ව විද්‍යාලය ලෙසටද තේරී පත්වී ඇත.


Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


ARWU ශ්‍රේණිගත කිරීමට අනුව මෙල්බර්න් විශ්ව විද්‍යාලය ලෝකයේ හොදම 35 වන විශ්ව විද්‍යාලය ලෙසටද තේරී පත්වී ඇත.


ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලය ලෝක විශ්ව විද්‍යාලවල නවතම ARWU ශ්‍රේණිගත කිරීම්වලට (Academic Ranking of World Universities) අනුව ඔස්ට්‍රේලියාවේ හොදම විශ්ව විද්‍යාලය ලෙසට කිරුළු පළඳියි.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීමට අනුව මෙල්බර්න් විශ්ව විද්‍යාලය ලෝකයේ හොදම 35 වන විශ්ව විද්‍යාලය ලෙසටද තේරී පත්වී ඇත.

ප්‍රධාන ශ්‍රේණිගත කිරීම් තුනෙන්ම මෙල්බර්න් සරසවිය ඔස්ට්‍රේලියාවේ අංක එකට

ලෝකයේ විශ්ව විද්‍යාල ආශ්‍රිතව සිදුකරන ප්‍රධාන ශ්‍රේණිගත කිරීම් ත්‍රිත්වයේම ඉහළම ශ්‍රේණිගත ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය බවට මෙල්බර්න් විශ්ව විද්‍යාලය තේරී පත්වෙයි.

Times Higher Education, ‎Quacquarelli Symonds සහ ARWU යනු එම ප්‍රධාන ශ්‍රේණිගත කිරීම් වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ලෝකයේ ප්‍රමුඛතම පර්යේෂණ විශ්ව විද්‍යාලයක් ලෙස මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කීර්තිය නැවත වරක් ARWU විසින් පිළිගෙන ඇතැයි මෙම ශ්‍රේණිගත කිරීම් හරහා පෙනී යන බව මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වැඩබලන නියෝජ්‍ය උපකුලපති (පර්යේෂණ) Mark Hargreaves පැවසීය.

ලොව පුරා විශ්ව විද්‍යාල 2500 කට අධික සංඛ්‍යාවක් මෙම ARWU ශ්‍රේණිගත කිරීමට සහභාගී කරගත් නමුත් පළමු විශ්ව විද්‍යාල 1,000 පමණක් ප්‍රසිද්ධියට පත් කර ඇතැයි ARWU ශ්‍රේණිගත කිරීම ක්‍රියාත්මක කරන ShanghaiRanking පවසයි.

ඒ සෑම විශ්ව විද්‍යාලයක්ම පහත සඳහන් ප්‍රධාන නිර්ණායක 4 යටතේ ලබාගන්නා ලකුණු අනුව ARWU ශ්‍රේණිගත කිරීමට හසු කරගනී.

  • අධ්‍යාපනයේ ගුණාත්මකභාවය
  • විශ්ව විද්‍යාල පීඨවල ගුණාත්මකභාවය
  • පර්යේෂණවල ප්‍රතිඵල
  • විශ්ව විද්‍යාලයේ ඒක පුද්ගල අධ්‍යයන කාර්ය සාධනය

මෙල්බර්න් විශ්ව විද්‍යාලයට ඉහත නිර්ණායක ඔස්සේ ලකුණු 34.5 ක් හිමිවී තිබේ.

ARWU ශ්‍රේණිගත කිරීමට අනුව ලොව හොඳම විශ්ව විද්‍යාල 10

  1. Harvard විශ්ව විද්‍යාලය - ඇමෙරිකාව
  2. Stanford විශ්ව විද්‍යාලය - ඇමෙරිකාව
  3. Massachusetts Institute of Technology (MIT) - ඇමෙරිකාව
  4. Cambridge විශ්ව විද්‍යාලය - එක්සත් රාජධානිය
  5. California විශ්ව විද්‍යාලය, Berkeley - ඇමෙරිකාව
  6. Princeton විශ්ව විද්‍යාලය - ඇමෙරිකාව
  7. Oxford විශ්ව විද්‍යාලය - එක්සත් රාජධානිය
  8. Columbia විශ්ව විද්‍යාලය - ඇමෙරිකාව
  9. California Institute of Technology - ඇමෙරිකාව
  10. Chicago විශ්ව විද්‍යාලය - ඇමෙරිකාව

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now