Key Points
- වයස අවුරුදු 18 ට අඩු පිරිස vape කිරීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ දත්ත පවතී.
- vape නිෂ්පාදන විකිණීම සම්බන්ධයෙන් නීති පැවතුනද කළු කඩ වෙළඳපොල තුල ඒවා ලබා ගැනීමේ හැකියාව දිගටම පවතී නම් ඒ සඳහා ළමුන්ගේ ප්‍රවේශය වළක්වා ගත නොහැක.
- නොදැනුවත්වම නිකොටින් වලට ඇබ්බැහි වීම යෞවනයෙකුට vape උපකරණ භාවිතා කිරීම අත්හැරීමට අපහසු වීමට හේතුවක් විය හැකිය.
ඕස්ට්‍රේලියාවේ vape නිෂ්පාදන සඳහා ප්‍රවේශය විශාල ලෙස සීමා වී ඇත.
සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, Vaping නිෂ්පාදන “ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක්” සහ “බොහෝ පාසල්වල අංක එකේ චර්යාත්මක ගැටලුවක්” ලෙස සඳහන් කර ඇති අතර vape නිෂ්පාදන ඔස්සේ තරුණ පරම්පරාව නිකොටින් සඳහා ඇබ්බැහි කරයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, සෑම ඕස්ට්‍රේලියානු ද්විතීයික පාසල් සිසුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් 2022/2023 දී e cigarette නොහොත් vape භාවිතා කරයි.
Becky Freeman යනු සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ සහකාර මහාචාර්යවරයෙකි.
ඇය Generation Vape යන ව්‍යාපෘතියට නායකත්වය දී ඇති අතර, එය යෞවනයන්ගේ විශ්වාසයන් සහ vape සම්බන්ධයෙන් හැසිරීම් විමර්ශනය කරන අධ්‍යයනයක් වේ.
යෞවනයන් තුළ e-cigarettes භාවිතයේ ව්‍යාප්තිය හොඳින් ලේඛනගත වී ඇති බව ඇය පවසයි.
Becky පවසන්නේ මෑත වසර කිහිපය තුළ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එය සියලුම මහජන සෞඛ්‍ය අවධානය COVID වෙත යොමු වූ කාලය තුල සිදු වූ බව දැකිය හැකි බවයි.

ඕස්ට්‍රේලියාවේ ෆාමසිවලින් පිටත සිල්ලර වෙළඳසැල්වල vape නිෂ්පාදන විකිණීම තහනම් කරන නීති රෙගුලාසි තිබියදීත්, මහාචාර්ය Becky පැහැදිලි කරන්නේ කළු කඩ වෙළඳපොල අලෙවිය නව යොවුන් වියේ දරුවන්ට මේ සඳහා වන ප්‍රවේශය ඉතා පහසු කරන බවයි.
සාමාන්‍යයෙන් 14-හැවිරිදි දරුවෙකුට vape එකක් ලබා ගැනීමට හැකියාවක් ඇතිනම්, මේ සඳහා වන ප්‍රවේශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කල යුතු බව Becky කියා සිටී.
vape නිෂ්පාදන වසර කිහිපයක් පුරා ඕස්ට්‍රේලියාවේ පවතී.
මහාචාර්ය Becky විශ්වාස කරන්නේ යෞවනයන් අතර මෙය ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ ඔවුන් සාමාන්‍ය දුම්පානයට වඩා වෙනස් ලෙස මෙය ප්‍රචාරණය කිරීමයි.
විශේෂයෙන්ම බොහෝ යෞවනයන් සාමාන්‍යයෙන් දුම්පානයට විරුද්ධ වන අතර සිගරට් ඇත්තෙන්ම මිල අධික වේ. එමෙන්ම ඒවායේ ඇසුරුම් වල සෞඛ්‍ය අනතුරු ඇඟවීම් තිබේ.
එමෙන්ම ඔබට ඇත්තටම පොදු ස්ථාන වල දුම් පානය කළ නොහැක යන පණිවිඩයද ඔවුන් උකහාගෙන තිබේ.
නමුත් vape නිෂ්පාදන දෙස බලන විට, යෞවනයන් එය එසේ නොදකින බවත් ඔවුන් එය ආරක්ෂිත, සමාජීය වශයෙන් පිළිගත හැකි හෝ විනෝදජනක දෙයක් ලෙස දකින බවත් Becky පවසයි.
මේ හේතුවෙන් මෙම නිෂ්පාදන කෙතරම් හානිකර සහ කෙතරම් ඇබ්බැහි වීමක් ද යන්න පිළිබඳ ඔවුන් සපයන වැරදි තොරතුරු ඔස්සේ මෙම කර්මාන්තය විශාල ලෙස සාර්ථක වී ඇත.
vape නිෂ්පාදන මගින් තිබෙන සෞඛ්‍ය අවදානම
මහාචාර්ය Nick Zwar යනු දුම්පානය නැවැත්වීමට මිනිසුන්ට සහය වන සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා මාර්ගෝපදේශ එක් කරන Royal Australian College of General Practitioners විශේෂඥ උපදේශක කණ්ඩායමේ සභාපතිවරයා වේ.
ඔහු පවසන්නේ ලේබල් කර නොමැති වුවද බොහෝ vape නිෂ්පාදන වල නිකොටින් අඩංගු වන බවයි.
ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය සහ අනෙකුත් කණ්ඩායම් නිකොටින් නොමැති බවට ලේබල් කර ඇති vape නිෂ්පාදන උපකරණ පරීක්ෂා කර ඇති අතර ඒවායින්, 80% ත් 90% ත් අතර ප්‍රමාණයක නිකොටින් තිබී ඇත.
මේ හේතුවෙන් නිකොටින් අඩංගු නොවන vape නිෂ්පාදන වල සෞඛ්‍ය අවදානම් තවමත් පවතින බව මහාචාර්ය Nick පැහැදිලි කරයි.

vape උපකරණ දිගු කාලීනව භාවිතා කිරීම ඔස්සේ පෙනහළුවලට සහ හෘද වාහිනී පද්ධතියට අහිතකර බලපෑමක් ඇති කළ හැකිය.
එම හානියේ තරම තවමත් පැහැදිලි නැති අතර විශේෂයෙන් තරුණයින් සඳහා නිකොටින් ප්‍රධාන ගැටළුවක් වන බව මහාචාර්ය Nick කියා සිටී.
ඔවුන්ගේ වැඩිදියුණු වන ස්නායු පද්ධතියට සහ විශේෂයෙන්ම වර්ධනය වන මොළයට එහි බලපෑම විශාල ලෙස සිදු වන බව මහාචාර්ය Nick පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ලබා ගත හැකි සහාය
ඕස්ට්‍රේලියාවේ, Quitline යනු දුම්පානය හෝ vape කිරීම නැවැත්වීමට උපකාර කිරීම සඳහා රට පුරා ක්‍රියාත්මක දුරකථන සහ online උපදේශන සේවාවකි.
13 QUIT (13 7848) පොදු ක්ෂණික ඇමතුම් අංකය හරහා සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම ක්‍රියාත්මක වන ශාඛා සම්බන්ධ කරගත හැක.
Quit Victoria හි අධ්‍යක්ෂ Rachael Andersen පවසන්නේ vape කිරීම මගින් ඉවත් වීමට එක් මාර්ගයක් පමණක් නොමැති බවයි.
එය එකිනෙකාට වෙනස්වන අතර කෙසේ නමුත් නොකොටින් වලින් ඈත් වීමේදී පුද්ගලයින් සිගරට් වලින් ඈත් වීම හා සමාන ලක්ෂණ අත්විඳින බව Rachael කියා සිටී.
ඇතැම් යෞවනයන්ට මෙම සහාය ප්‍රමාණවත් වන අතර ඇතැම් අයට නිකොටින් ඇබ්බැහි වීමෙන් මිදීමට වෛද්‍ය වෘත්තිකයෙකුගේ උපකාර අවශ්‍ය වේ.

Rachael පවසන පරිදි, සමාජීය සම වයසේ මිතුරන්ගේ පීඩනය සහ vape වල සෞඛ්‍යමය බලපෑම නොදැන සිටීම නව යොවුන් වියේ දරුවන්ට එමගින් ඉවත් වීමට අපහසු වන හේතු කිහිපයක් වේ.
විශේෂයෙන්ම යෞවනයන්, මීට පෙර අධික ලෙස ඇබ්බැහි වූ පුරුදු සහ හැසිරීම් වලට නිරාවරණය වී නොමැති බවත් මේ හේතුවෙන් ඔවුන් vape කිරීමට පටන් ගත් විට ඔවුන් සැබවින්ම කරන දේවල ප්‍රතිවිපාක නොදන්නා බවත් Rachael කියා සිටී.
ඔබේ දරුවාට vape උපකරණ භාවිතා කිරීම නතර කිරීමට ඔබ උදව් කරන්නේ කෙසේද?
12 හැවිරිදි දරුවෙකුගේ මවක් වන සහ University of Sydney හි මහාචාර්ය Becky මේ සඳහා ප්‍රධාන පියවර දෙකක් යෝජනා කරයි:
- ධනාත්මක සංවාදයක් පවත්වා ගෙන යාම
- විශේෂඥ සහාය ලබා ගැනීම
ඒ සඳහා ඇතුලත් වේ.
යෞවනයන් මෙම vape නිෂ්පාදන කර්මාන්තයේ ගොදුරක් ලෙස තමා දකින බව මහාචාර්ය Becky කියා සිටී.
මේ හේතුවෙන් school nurse කෙනෙකු හෝ පවුලේ වෛද්‍යවරයා වෙත මේ සම්බන්ධයෙන් කතා කිරීමට මහාචාර්ය Becky දෙමාපියන් දිරිගන්වයි.
Quitline සහ iCanQuit වෙබ් අඩවියද මේ සඳහා වැදගත් වේ.
තම දරුවන් මේ සඳහා වන ඇබ්බැහියෙන් වලක්වාගැනීමට හොඳම සහාය ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දෙමාපියන්ට සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් හෝ සේවාවකින් උපදෙස් ලබා ගත හැක.
Quitline හි Rachael පවසන්නේ ඒ සඳහා ලැබෙන සියලුම ඇමතුම් රහසිගත වන අතර ඇමතුම ලබාදෙන්න පිළිබඳව විනිශ්චය කිරීමක් සිදු නොවන බවයි.
ඔවුන්ට ගැලපෙන සැලැස්මක් සැකසීමට සැබවින්ම උපකාර කළ හැකි බවත් ඔවුන්ට ලබා ගත හැකි ආධාරක පිළිබඳ සාමාන්‍ය තොරතුරු ඉදිරිපත් කළ හැකි බවත් Rachael කියා සිටී.
එමෙන්ම මේ සම්බන්ධයෙන් යම් සංවාදයක් ආරම්භ කරන්නේ කෙසේද සහ පසුව ඔවුන්ට අවශ්‍ය ආධාරක වෙත ඔවුන් යොමු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට උපදෙස්ද මෙම සේවාව ඔස්සේ ලබා දිය හැකි බව Rachael පවසයි.






