ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා දෙන බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන වෙනස් වුණු හැටි

Parent Visa

Source: Getty / Getty Images

නිපුණතා සංක්‍රමණිකයින් සඳහා ඔස්ට්‍රේලියාව වර්තමාන අවශ්‍යතා ලිහිල් කිරීම මත මෙම වෙනස්කම් සිදුකර ඇති අතර, නිපුණතා සංක්‍රමණිකයන්ට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රැකියාවක් ලබා ගැනීමට මේ හරහා පහසු වන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පවසයි.


බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන (SNMP) සඳහා 2023 ජූලි 01 න් පසු ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහා සැපිරිය යුතු අවශ්‍යතා සඳහා වෙනස්කම් සිදු කර තිබේ.

නිපුණතා සංක්‍රමණිකයින් සඳහා ඔස්ට්‍රේලියාව වර්තමාන අවශ්‍යතා ලිහිල් කිරීම මත මෙම වෙනස්කම් සිදුකර ඇති අතර, නිපුණතා සංක්‍රමණිකයන්ට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රැකියාවක් ලබා ගැනීමට මේ හරහා පහසු වන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පවසයි.

මෙවර සිදුකර ඇති වෙනස්කම්

ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තවල සහ විදේශීය අයදුම්කරුවන් සඳහා සමාන ආරාධනා පත්‍ර නිකුත් කිරීම සහ සළකා බැලීම;

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කර්මාන්ත අංශයක තීරණාත්මක යැයි සැලකෙන රැකියාවක් සහිත අපේක්ෂකයින් සඳහා ආරාධනා කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙයි;

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්ත අංශයේ රැකියාවක් හරහා ආරාධනා කරන ලද අපේක්ෂකයින් සඳහා රැකියා අවශ්‍යතා සඳහා වන කොන්දේසි අඩු කිරීම;

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වීසා nomination සඳහා නොමිලේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදීම.

 

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් හෝ ටෙරිටරියක් විසින් තම ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ සංක්‍රමණ වැඩසටහන හරහා යම් අයදුම්කරුවකු අදාළ skilled වීසා සඳහා නිර්දේශ කර ආරාධනා පත්‍රයක් නිකුත් කළ විට එම අයදුම්කරුට අදාළ වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මෙම අවස්ථාව ලබා ගැනීම සඳහා ඔබේ රැකියාව/ වෘත්තීය පහත සඳහන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා ප්‍රවාහයන් යටතේ සුදුසුකම් ලැබීමට අවශ්‍ය වනු ඇත.

General stream:

විවිධ වෘත්තීන් සහ කර්මාන්ත ඛාණ්ඩ සඳහා වන නිපුණතා සංක්‍රමණික මාර්ගයක්. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled migration occupation list (WASMOL) Schedule 1 හෝ 2 හි මේ සඳහා සුදුසුකම් ලත් වෘත්තීන් ලැයිස්තුගත කර ඇත.

Graduate stream:

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව (VET) හෝ උසස් අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරන සුදුසුකම් ලත් ජාත්‍යන්තර සිසුන් සඳහා වන නිපුණතා සංක්‍රමණික මාර්ගයක්. මේ සඳහා සුදුසුකම් ලත් වෘත්තීන් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Graduate Occupation List (GOL) ලැයිස්තුගත කර ඇත.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now