Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ කැපකරු දෙමාපියෙකු වීමට ඔබව නුසුදුසු වන අවස්ථා මෙන්න

What disqualifies you from being a Foster Care parent in Australia

What disqualifies you from being a Foster Care parent in Australia? Source: Getty / getty Images

ඔස්ට්‍රේලියාවේ Foster Care හෙවත් කැපකරු දෙමාපියෙකු වීමට ඔබව නුසුදුසු වන අවස්ථාද තිබේ.


මේ සැප්තැම්බර් මාසය ඔස්ට්‍රේලියාවේ Foster Care හෙවත් කැපකරු මා පිය ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ මාසයයි.

යම් දරුවෙකු යම් හේතුවක් මත තමන්ගේ පවුලෙන් ඉවත්වී වෙනත් පවුලක් සමග ජීවත් වීමට පටන් ගැනීම Foster Care ලෙස හැඳින්වේ.

Foster Care දිගු කාලීනව මෙන්ම කෙටි කාලීනවද සිදුවේ.

අදාළ දරුවාට අවශ්‍ය ආරක්ෂාව, රැකවරණය සහ පෝෂණය ලබාදෙමින් දරුවාව රැක බලා ගැනීම මෙම Foster Care හරහා සිදුවේ.

යම් අයෙකුට ඔස්ට්‍රේලියාවේ කැපකරු මවක් හෝ පියෙකු වීමට අවශ්‍ය නම් ඒ සඳහා පිවිසෙන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය දැන් ඔබට නැගෙනවා ඇත.

ඔස්ට්‍රේලියාවේ Foster Care හෙවත් කැපකරු මා පිය ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙල්බර්න් නුවර සායනික මනෝ චිකිත්සක හර්ෂනී ඇල්ගිරිය මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ කැපකරු දෙමපියෙකු වීමට විවාහක යුවලකට පමණක් අවස්ථාව ලැබෙනවද යන ප්‍රශ්නයත් බොහෝ උදවියට ඇත.

නමුත් එය එසේ නොවන බව සායනික මනෝ චිකිත්සක හර්ෂනී ඇල්ගිරිය මහත්මිය පැවසුවාය.

ඔබ අවිවාහක පුද්ගලයකු හෝ විවාහයෙන් වෙන්වී තනිව සිටින අයෙකු හෝ වේ නම් ඔබේ කැමැත්තක් තිබේනම් සහ අදාළ නිර්ණායක සපුරාලීමට ඔබට හැකිනම් ඔබට කැපකරු දෙමාපියෙකු වීමට ඔස්ට්‍රේලියාව තුළ අවස්ථාව ඇති බව ඇය පැහැදිලි කළාය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ Foster Care හෙවත් කැපකරු දෙමාපියෙකු වීමට ඔබව නුසුදුසු වන අවස්ථාද තිබේ.

එම අවස්ථා පිළිබඳ ඔබ දැනුවත් වීම මෙහිදී ඉතා වැදගත් බව මෙල්බර්න් නුවර සායනික මනෝ චිකිත්සක හර්ෂනී ඇල්ගිරිය මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

එහිදී අවම වයසක් ඇති බවත් එම වයස ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන බවත් ඇය ප්‍රකාශ කළාය. 

ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය නිර්ණායක කිහිපයක් ඇති බවත් ඔස්ට්‍රේලියාවේ Foster Care හෙවත් කැපකරු දෙමාපියෙකු වීමට ඔබ එම අවශ්‍යතාවන් සැපිරීම අනිවාර්ය බවත් ඇල්ගිරිය මහත්මිය අවසන් වශයෙන් පැවසුවාය.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now