ජීවන වියදමත් සමග නිතරම කතාවෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කුලී නිවාස නීති වෙනස් වෙන්නේ මෙහෙමයි

Rental crisis deepens in Sydney.

Rental crisis deepens in Sydney. Source: Getty / Getty Image

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස නීති ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වෙනස් වේ.


ලබන සතියේ පැවැත්වෙන ජාතික කැබිනට් රැස්වීමට පෙර ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ නැවතත් අවධානයට ලක්ව තිබේ.

වත්මන් කම්කරු පක්ෂ රජය සිය නිවාස පනත සම්මත කිරීමට දරන අරගලය මධ්‍යයේ අඩු ආදායම් ලාභීන්ට ආර්ථික වශයෙන් දැරිය හැකි මිලට නිවාස ලබාදීම සහ නිවාස සැලසුම් ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැති Anthony Albanese සහ ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින් ලබන සතියේදී රැස්වනු ඇත.

ඔස්ට්‍රේලියාව පුරා නිවාස සැපයුම සහ නිවාසවල දැරිය හැකි මිල වැඩි කිරීම එම රැස්වීමේ මූලික අරමුණ බව අගමැති Albanese පැවසීය.

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස ප්‍රතිපත්තිය වඩා හොඳින් සකස් කිරීමටද එහිදී අපේක්ෂා කරන බවට වාර්තා වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් නිවාස කුලිය සීමා කිරීමේ ප්‍රතිපත්තියක් එම රැස්වීමේදී සාකච්ඡා නොකරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් නිවාස කුලිය සීමා කිරීමට කම්කරු රජය එකඟවනවානම් නිවාස පනතට සහය දෙන බවට ග්‍රීන්ස් පක්ෂය පවසා තිබේ.

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස නීති කෙබඳුද?

ඒවා ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව වෙනස් වේ.

සාමාන්‍යයෙන්, කුලී ගිවිසුමේ සඳහන් කර නොමැති නම් fixed-term කුලී ගිවිසුම් කාලය තුළ නිවාස කුලිය ඉහළ නැංවිය නොහැක. නමුත් මාස 12න් 12 ට කුලී ගිවිසුම අලුත් කිරීමේදී නිවාස කුලිය ඉහළ දැමිය හැකිය.

සෑම ප්‍රාන්තයකම පාහේ නිවාස කුලී නීති මගින් කුලිය වැඩි කළ හැකි ප්‍රමාණය සීමා නොකරයි. නමුත් සාමාන්‍යයෙන් කුලී නිවාස හිමියන් එසේ වැඩි කළහොත් එම වැඩිවීම ගණනය කළ ආකාරය පැහැදිලි කිරීමට අවශ්‍ය වේ.

කැන්බරා නුවර පාරිභෝගික මිල දර්ශකයේ නිවාස කුලිය යන කොටස සියයට 10කට වඩා වැඩි නම් නිවාස කුලී වැඩිවීම අධික වැඩිවීමක් ලෙස ACT හි සලකනු ලැබේ.

මේ අතර කිසිම හේතුවක් නොමැතිව කුලී නිවැසියන්ව කුලී නිවාසවලින් ඉවත් කිරීම අවසන් කරන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කුලී නිවැසියන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වලට අවශ්‍ය වී තිබේ.

කුලී නිවාස හිමියන් තම අයිතිවාසිකම් කුලී නිවැසියන් මත අසාධාරණ ලෙස භාවිතා කරන බව ඔවුහු පවසති.

වික්ටෝරියා සහ ටස්මේනියාව මෙය සිදුකර තිබේ.

යම් කුලී නිවසියෙකු හට අදාළ කුලී නිවෙසින් යාමට එම ප්‍රාන්ත තවමත් ස්ථාවර කාලසීමාව අවසන් කරන තෙක් ඉඩ ලබා දෙයි.

"ACT විසින් මෙය දැනටමත් සිදු කර ඇති අතර දකුණු ඕස්ට්‍රේලියාව සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එය අනුගමනය කිරීමට පොරොන්දු වී ඇති බව Better Renting හි විධායක අධ්‍යක්ෂ Joel Dignam ප්‍රකාශ කළේය.

අනෙකුත් ප්‍රාන්ත ද එය අනුගමනය කළ යුතු බව ඔහු පැවසීය.

බොහෝ ප්‍රාන්ත සහ ටෙරිටරිවල කුලී නිවාස හිමියෙකුට කුලී නිවසකට ඇතුල් වීමට අවශ්‍ය නම්, දින හතත් 14ත් අතර දැනුම් දීමක් කළ යුතුය.

ටස්මේනියාවේ ඒ සඳහා අවශ්‍ය පැය 24 ක දැනුම් දීමක් පමණි.

වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්තයේ, සුරතල් සතෙකු තබා ගැනීමට කුලී නිවැසියෙකුගේ ඉල්ලීම කුලී නිවාස හිමියෙකුට අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මේ අතර කුලී නිවැසියන්ට සුරතල් සතෙකු ඇති කර ගැනීම පහසු කරවන ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කරමින් සිටින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසා තිබේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now