Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබදව ඔබ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කිහිපයක්

Comforting a distressed child

කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබදව ඔබ සැලකිලිමත්ද? ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 4 - 10 අතර කුඩා දරුවන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකුම මානසික අබාධ වලින් පීඩා විදින අතර වඩාත් ප්‍රචලිත අබාධ ලෙස ADHD සහ කාංසාව හැදින්විය හැක. දරුවන්ගේ මෙම මානසික අබාධ , යහපත් හැඟීම් තත්වයන් වල සිට අභියෝගවලට මුහුණ දීම හෝ මානසික සෞඛ්‍ය රෝග තත්වයක් හඳුනා ගැනීම දක්වා වෙනස් විය හැකිය.


Published

Updated

By Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS




Share this with family and friends


කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබදව ඔබ සැලකිලිමත්ද? ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 4 - 10 අතර කුඩා දරුවන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකුම මානසික අබාධ වලින් පීඩා විදින අතර වඩාත් ප්‍රචලිත අබාධ ලෙස ADHD සහ කාංසාව හැදින්විය හැක. දරුවන්ගේ මෙම මානසික අබාධ , යහපත් හැඟීම් තත්වයන් වල සිට අභියෝගවලට මුහුණ දීම හෝ මානසික සෞඛ්‍ය රෝග තත්වයක් හඳුනා ගැනීම දක්වා වෙනස් විය හැකිය.


කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබදව ඔබ සැලකිලිමත්ද

මුලික කරුණු

  • ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 4 - 10 අතර කුඩා දරුවන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකු මානසික අබාධ වලින් පීඩා විදි.
  • ADHD සහ කාංසාව අතරින් වඩාත් ප්‍රචලිත වේ.
  • හොද මානසික සෞඛ්‍ය මට්ටමක් ඔවුන්ගේ වර්ධනය සදහා වඩාත් වැදගත් වේ.
  • family history/ පවුලේ රෝග ඉතිහාසය දරුවන්ගේ පාසල් වැඩකටයුතු සහ ජිවන රටාවේ සිදුවන විවිධ වෙනස්කම් දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්වය කෙරෙහි බලපෑම් ඇති කරයි.
  • ඔබ ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍ය කෙරෙහි කනස්සල්ලට පත් වන්නේ නම් වෘත්තීය සහය ලබා ගන්න.

කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය යනු කුමක්ද ?

කුඩා දරුවන්ගේ මානසික සෞඛ්‍ය ඔවුන්ගේ සමාජ සහ චිත්තවේග සුභසාධනය හා සම්බන්ධ වේ.

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 4 - 10 අතර කුඩා දරුවන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකුම මානසික අබාධ වලින් පීඩා විදින අතර වඩාත් ප්‍රචලිත අබාධ ලෙස ADHD සහ කාංසාව හැදින්විය හැක. දරුවන්ගේ මෙම මානසික අබාධ , යහපත් හැඟීම් තත්වයන් වල සිට අභියෝගවලට මුහුණ දීම හෝ මානසික සෞඛ්‍ය රෝග තත්වයක් හඳුනා ගැනීම දක්වා වෙනස් විය හැකිය.

වැඩිහිටියන්ගේද මානසික සෞඛ්‍ය ආබාධ වලින් අඩක් ඔවුන්ගේ වයස අවුරුදු 14 ට පෙර ආරම්භ වන බව ඇස්තමේන්තු කර ඇත.

කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වඩාත් වැදගත් වන්නේ අයි?

ළමුන් වර්ධනය වන විට ඔවුන් ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවිය හැක.

දරුවන්ට හොඳ මානසික සෞඛ්‍ය තත්වයක්ඔ තිබීම මගින් :

  • අභියෝග වලට ඵලදායී ලෙස මුහුණ දීමට
  • වෙනස් වීමට අනුවර්තනය වීමට
  • ඔවුන්ගේ හැඟීම් ප්රකාශ කිරීම සහ නියාමනය කිරීමට
  • තමන් ගැන හොඳ හැඟීමක් ලබා ගැනීමට
  • අන් අය සමඟ සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගන්නට
  • ජීවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට හැකියාව ලැබේ.

දරුවෙකුගේ මානසික සෞඛ්‍යයට  බලපෑම් කල හැකිදේවල් මොනවාද?

  • පවුලේ රෝග ඉතිහාසය සහ ජාන සම්බන්ධ කරුණු
  • පාසලේදී ඇති විය හැකි ගැටළු
  • පවුලේ අය හෝ මිතුරන් සමඟ සබඳතා පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටළු
  • ජීවිතයේ මුහුණ දීමට සිදුවන විවිධ සිදුවීම්
  • ශාරීරික තුවාල, රෝගාබාධ හෝ වේදනාමය තත්වයන්
  • නින්ද සම්බන්ධ ගැටළු
  • මානසික පිඩාවන්ට භාජනය වීම් (සයිබර් හිරිහැර කිරීම/ cyberbullying ඇතුළුව) හෝ අපයෝජන තත්වයන්

කුඩා දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් වෛද්‍ය වරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදීද?

ළමයින්ද ඇතුළුව අපි සෑම කෙනෙකුටම සමහර විට දුකක්, කෝපයක් හෝ කලබලයක් දැනෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් ඔබේ දරුවාට බොහෝ විට මෙවැනි දේවල් වලින් පීඩා විදිනවා නම් එය ඔවුන්ට උදව් අවශ්‍ය අවස්ථාවක් විය හැකියි.

තවත් මෙවැනි තත්වයන් හදුනාගත හැකි අවස්ථාවන් ලෙස:

  • ඔවුන්ගේ ජීවිතයේ සිදුවීම් සමග සම්බන්ධ වීමට අපහසු වීම
  • අන් අය සමඟ සම්බන්ධ නොවී සිටීම හෝ ඔවුන්ගෙන් වෙන්ව සිටීම
  • ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැති වීම
  • නින්දේ හෝ ආහාර ගැනීමේ වෙනස්කම්
  • අනාගතය ගැන බලාපොරොත්තු රහිත බවක් දැනීම
  • මානසික ආතතිය, කනස්සල්ල හෝ දුකෙන් සිටීම
  • තම ජිවිතයට හානියක් හෝ සියදිවි නසාගැනීම් ගැන කතා කිරීම

ඔබ, හෝ ඔබ දන්නා කෙනෙකු, සියදිවි නසාගැනීමේ සිතුවිලි සහ මෙවැනි අනතුරුදයක තත්වයක සිටී නම්, (000) අමතන්න. ඔබට මේ සම්බන්ධයෙන් කෙනෙකු සමඟ කතා කිරීමට අවශ්‍ය නම් Suicide Call Back හෙවත් සියදිවි නසාගැනීමේ ඇමතුම් සේවා1300 659 467 හෝ Lifeline සේවාව 13 11 14 අමතන්න.

ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍ය ගැන ඔබ කනස්සල්ලට පත්ව සිටී නම්, ඉක්මනින් උපකාර ලබා ගැනීම වැදගත් වනවා.

ඔබට මේ සම්බන්ධයෙන්ඔබගේ වෛද්‍ය වරයාට , මනෝ විශේෂඥයා සමග සහ පාසල් උපදේෂකයෙක් සමග කතා කළ හැකියි.

ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරන්නේ කෙසේද?

ඔබේ දරුවාගේ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට සහ මානසික සෞඛ්‍ය ගැටලු වර්ධනය වීම වැළැක්වීමට ඔබට කළ හැකි දේවල් බොහොමයක් තිබේ.

නිදසුනක් වශයෙන්, ඔවුන්දිව පහත කරුණු සම්බන්ධයෙන් දිරිමත් කිරීම මගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට සහය විය හැකියි.

· ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම

· හොඳින් ආහාර ලබා ගැනීම

· නිතිපතා ශාරීරික ක්‍රියාකාරම් හෝ ව්‍යායාම වල නිරත

· අන් අය සමඟ සම්බන්ධතා ඇතිකර ගැනීම

ඔබ සහ ඔබේ දරුවා අතර ආරක්ෂිත සහ ඔවින්ට සහය විය හැකි සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ඔබේ දරුවාගේ වර්ධනයට වඩාත්ම බලපාන සාධකයකි.

දෙමව්පියන් හෝ රැකබලා ගන්නෙකු ලෙස, ඔබේ දරුවාගේ මානසික සෞඛ්‍ය සහාය වීම සඳහා ඔබට ගත හැකි සරල පියවර කිහිපයක් තිබේ.

  • ඔබේ දරුවා කෙරෙහි ක්‍රියාකාරී උනන්දුවක් දක්වන්න.
  • ඔවුන්ගේ ජීවිතයේ සිදුවන දේ ගැන කතා කිරීම සහ ඔවුන්ගේ යහපත් කටයුතු වෙනුවෙන් දිරිමත් කරන්න
  • ඔවුන්ගේ හැසිරීම් වල වෙනස්කම් ගැන දැනුවත් වන්න.
  • ළමුන් සහ යෞවනයන් තුළ මානසික සෞඛ්‍ය පිලිබදව ඔබත් වැඩිදුර ඉගෙන ගන්න.

මේ පිළිබද වැඩිදුර තොරතුරු ඔබට www.healthdirect.gov.au/kids යන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිවේ.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now