Coming Up Mon 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhalese radio
THE ULURU STATEMENT FROM THE HEART IN YOUR LANGUAGE

Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්‍රකාශය

Source: Jimmy Widders Hunt

2017 වසරේ මැයි මසදී "උලුරු" අසල පැවති මුල් ජාතීන්ගේ ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයේදී ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් විසින් Uluru Statement from the Heart ප්‍රකාශය සම්මත කරගනනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් වැසියන් පිළිගැනීම සඳහා හඬ, ගිවිසුම සහ සත්‍යය ලෙස නිර්ණායක ත්‍රිත්වයකින් යුත් ව්‍යුහාත්මක ප්‍රතිසංශෝධනයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන සැලැස්මක් මෙමගින් සපයනු ලැබේ. වසර දෙකක කාලයක් පුරා සිදුකෙරුණු මුල් වැසියන්ගේ ප්‍රාදේශීය සංවාද 13ක කරුණු ඇතුලත්ව සහ ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් 250 දෙනෙකු විසින් සම්මත කරන ලද සැලසුම් මෙම ප්‍රකාශය සඳහා අනුගමන කරන ලදී. පරමාධිපත්‍ය අත්නොහැර ඕස්ට්‍රේලියානු මුල් වැසියන් සහ ඕස්ට්‍රේලියානු ජාතීන් අතර සත්‍යය, යුක්තිසහගත බව සහ ස්වයං නිර්ණය මත පදනම් වූ සම්බන්ධතාවයක් ගොඩනැගීම මගින් සංහිදියාව ඇති කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වේ.සංගීතය - Frank Yamma

!!...ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ උලුරූ ප්‍රකාශය...!!

දකුණු දිග අහසේ සෑම තැනකින්ම පැමිණෙන කරුණු සමගින් 2017 ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මුතියට, හදවතින්ම මෙම ප්‍රකාශය සිදු කිරීම සඳහා අපි රැස්ව සිටිමු.අපගේ ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් ගෝත්‍රිකයින් ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ සහ ඊට යාබදව පිහිටි දුපත් හි පළමු ස්වෛරී ජාතීන් වූ අතර ඒවා අපේම නීතීන් සහ සිරිත් විරිත් යටතේ පැවතින. අපගේ මුතුන් මිත්තන් විසින්, අපගේ සංස්කෘතිය ගණනය කිරීම අනුව "සංස්කෘතිය ආරම්භයේ සිට", පොදු නීතියට අනුව "ඉතා පැරණි යුගයේ සිට" සහ විද්‍යාත්මකව බලන කල "වසර 60,000කට" පමණ පෙර මෙම සිරිත් විරිත් ක්‍රියාත්මක කොට තිබේ. මෙම පරමාධිපත්‍ය අධ්‍යාත්මික ජාතියකි : භුමිය සහ සොබාදහම අතර පවතින පෞරාණික බැඳීම, සහ එහි සිට උපත ලද , තවමත් එයට සම්බන්දව සිටින අබෝරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත් වාසීන් කෙදිනක හෝ නැවතත් මුතුන් මිත්තන් සමඟින් සම්බන්ද වීමට එතනට යා යුතුය. මෙම සම්බන්ධතාවය පසෙහි හිමිකාරීත්වයේ පදනම වේ, හෝ වඩා යහපත් ස්වෛරීභාවයේ පදනම වේ. මෙම හිමිකාරීත්වය කිසි විටෙකත් ඔටුන්න හිමි පරමාධිපත්‍යය සමග සමව පැවතී නොමැති අතර පවරා හෝ නවතා දමා ද නොමැත.මෙය වෙනත් අයුරකින් විය හැක්කේ කෙසේද? සහස්‍ර 60ක කාලයක් තිස්සේ අප ජනයා සහ භූමිය අතර තිබු පුජනීය සම්බන්ධතාවයක් පසුගිය වසර 200ක කාලයක් තුල ලෝක ඉතිහාසයෙන් අතුරුදන් වීම? සැලකිය යුතු ව්‍යවස්ථාමය වෙනසක් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සමඟින්, මෙම පුරාණ ස්වෛරීභාවය ඕස්ට්‍රේලියාවේ ජාතිකත්වයේ පූර්ණ ප්‍රකාශනයක් ලෙස බැබළෙනු ඇතැයි අපි විශ්වාස කරමු. සමානුපාතිකව ගත් කල, අපි පෘථිවියේ වඩාත්ම සිරගත කරන ලද පුද්ගලයින් වෙමු. නමුත් අපි සහජයෙන්ම අපරාධකරුවන් නොවෙමු.

අපගේ දරුවන් පෙර නොවූ විරු ලෙස පවුල් වලින් ඈත් කොට තිබේ. අප සතුව ඔවුන් කෙරෙහි ආදරයක් නොමැති වීම ඊට හේතුව විය නොහැක. අපගේ තරුණ පරපුරේ සැලකිය යුතු පිරිසක් රැදවුම් භාරයේ නිකරුනේ කාලය ගෙවන නමුත් ඔවුන් අපගේ අනාගතය පිලිබඳ බලාපොරොත්තුවයි.අපගේ මේ පවතින අර්බුධයේ මානයන් ඔස්සේ අපගේ ගැටලුවේ ව්‍යුහාත්මක ස්වභාවය පැහැදිලිව පෙන්වා දෙයි. මෙය අපගේ බල රහිත භාවයේ බලවත් පීඩාවයි. අපගේ ජනතාව සවිබලගැන්වීම සහ ඔවුනට අප රටේ නිවැරදි ස්ථානයක් හිමිකරගැනීම සඳහා අපි ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ අපේක්ෂා කරමු. අපගේ ඉරණම පාලනය කිරීම සඳහා බලය පවතින විටදී අපගේ දරුවන් සමෘධිමත් වේ. ඔවුන් ලෝක දෙකක් අතර ගමන් කරන අතර ඔවුන්ගේ සංස්කෘතිය ඔවුන්ගේ රටට ත්‍යාගයක් වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මුල් ජාතීන්ගේ හඬක් ස්ථාපිත කරන ලෙස අපි ඉල්ලා සිටිමු. අපගේ න්‍යායපත්‍රයේ කූටප්‍රාප්තිය "මාකරාටා" වන අතර එයින් හැඟවෙන්නේ අරගලයකින් පසු එකට පැමිණීම යන්නයි. ඕස්ට්‍රේලියානු ජනතාව සමඟ සාධාරණ හා සත්‍යවාදී සම්බන්ධතාවයක් සහ අපගේ දරුවන්ට යුක්තිය සහ ස්වයං නිර්ණය මත පදනම් වූ වඩා හොඳ අනාගතයක් සඳහා වන අපගේ අභිලාශය මෙම න්‍යායපත්‍රය සතුය. ආණ්ඩු සහ පළමු ජාතීන් අතර ගිවිසුම් ඇති කර ගැනීමේ ක්‍රියාවලියක් අධීක්ෂණය කිරීම සහ අපගේ ඉතිහාසය පිළිබඳව සත්‍යය පැවසීම සඳහා අපි "මාකරාටා" කොමිසමක් අපේක්ෂා කරමු. 1967 වසරේදී අපව ගණන් කල අතර, 2017 වසරේදී අපට සවන් දෙන පිරිසක් අපි අපේක්ෂා කර සිටිමු. අපි අපගේ ප්‍රධාන කඳවුරෙන් පිටත්ව මෙම විශාල රට හරහා අපගේ දිගු ගමන ආරම්භ කරමු.වඩා හොඳ අනාගතයක් සඳහා ඕස්ට්‍රේලියානු ජනතාවගේ ව්‍යාපාරයක, අප සමඟ ගමන් කරන ලෙස අපි ඔබට ආරාධනා කරමු.

වැඩි විස්තර සඳහා www.ulurustatement.org වෙබ් අඩවියට පිවිසෙන්න. නැතහොත් ilc@unsw.edu.au විද්‍යුත් තැපල් ලිපිනය ඔස්සේ Indigenous Law Centre, UNSW සමග සම්බන්ධ වන්න.

ඕස්ට්‍රේලියාව පුරා සිටින මුල් ජාතීන්, වෙනසක් සඳහා අදහස් සාකච්ඡා කළ සහ විවිධ දෘෂ්ටි කෝණයන් ඉදිරිපත් කළ Uluru Statement from the Heart ප්‍රකාශයේ ඇති සංවාද ක්‍රියාවලිය ගැන වැඩි විස්තර දැනගන්න.

ජාතික සංවාදයක් පවත්වාගෙන යාම අරමුණු කරගනිමින්, සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ ප්‍රජාවන් සඳහා භාෂා 63 ඔස්සේ Uluru Statement from the Heart ප්‍රකාශය ලබා දීමට SBS ආයතනය කටයුතු කොට තිබේ.

Coming up next

# TITLE RELEASED TIME MORE
Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්‍රකාශය 04/11/2020 05:54 ...
Alyawarr: The Uluru Statement from the Heart 04/07/2021 10:05 ...
Anindilyakwa: The Uluru Statement from the Heart 04/07/2021 12:41 ...
Anmatyerr: The Uluru Statement from the Heart 04/07/2021 10:05 ...
Burarra: The Uluru Statement from the Heart 04/07/2021 10:53 ...
Eastern/Central Arrernte: The Uluru Statement from the Heart 04/07/2021 10:03 ...
East Side Kriol: The Uluru Statement from the Heart 04/07/2021 07:35 ...
Kimberley Kriol: The Uluru Statement from the Heart 04/07/2021 09:29 ...
Kunwinjku: The Uluru Statement from the Heart 04/07/2021 08:47 ...
Martu: The Uluru Statement from the Heart 04/07/2021 08:53 ...
View More