Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SL Cricket coach Chandika Hathurusingha joined SL Cricket selection committee for his first team selection for the upcoming Tri series with Bangladesh and Zimbabwe.

Chandika Hathurusinghe_ Slri Lankan Cricket coach

බංග්ලාදේශය සමග පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක්‌ නම් කොට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අනුදැනුම මත ක්‍රිකට්‌ තේරීම් කමිටුව මෙම සංචිතය තෝරාගෙන තිබේ.

කෙසේ වෙතත් හතුරුසිංහගේ පැමිණීමත් සමග එක්‌දින පිලේ ස්‌ථානය අහිමිව සිටි දිනේෂ් චන්දිමාල්ට ස්‌ථානය හිමිව තිබෙන අතර ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇති බවද වාර්තා වේ. එමෙන්ම ඉන්දියානු සංචාරයේදී  ස්‌ථානය අහිමිව තිබූ කුසල් මෙන්ඩිස්‌වද සංචිතයට එක්‌කර තිබේ.

ලසිත් මාලිංග මෙවර සන්චිතයටද ඇතුලත් නොවන බව වාර්තා වේ.

තරඟාවලිය සඳහා තවමත් නායකයකු පත්කර නොමැති අතර බොහෝ දුරට ඇන්ජලෝ මැතිව්ස්‌ට හෝ දිනේෂ් චන්දිමාල්ට එම තනතුර ලබාදීමට නව පුහුණුකරු , චන්දික හතුරුසිංහ අදහස් කොට සිටින බවද සඳහන්.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය ලබන වසරේ ජනවාරි 15 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව,  බංග්ලාදේශය සමග ටෙස්‌ට්‌ සහ විස්‌සයි විස්‌ස තරගාවලියකට සහභාගි වීමට නියමිතය.

!!..එළඹෙන තුන් කොන් තරඟය සඳහා නම් කොට ඇති ශ්‍රී ලංකා එක්දින සංචිතය ...!!

තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ශෙහාන් මධුසංඛ, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩේසේ, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා.

Sri Lanka Cricket ඇසුරිනි..


2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now