SKIP TO MAIN CONTENT

මුළු ලංකාවම බලාසිටි දෙය ඉටුවෙයි : චන්දික හතුරුසිංහ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු බවට පත්වෙයි.

Chandika Hathurusinghe with the Cricket chairmen and the sports miniter of Sri Lanka

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට චන්දික හතුරුසිංහ තෝරාගත් බවට නිල වශයෙන් නිවේදනය කිරීම ඊයේ (22) ශ්‍රී ලංකා ක්‍රිකට් හි පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත්කෙරින. තමා තෝරාගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවත්, තම උපරිම දායකත්වය ලබාදී ක්‍රිකට් පිල නැවත ජයග්‍රාහී මාවතට යොමු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස වැඩ බාර ගනිමින් චන්දික හතුරුසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ මේ වනවිට පසුබෑමකට ලක්වී ඇති ජාතික කණ්ඩායම නැවත ගොඩගැනීමට ටික කලක් ගතවනු ඇති බවය.

 එසේම ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස තමා හමුවේ ඇති පළමු අභියෝගය වන්නේ ලබන වසරේ ජනවාරි මාසයේ එළැඹෙන ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය බව ඔහු කීවේය.

"...මේක හොඳ අවස්ථාවක්. බංග්ලාදේශ කණ්ඩායමේ හැකියාව මා හොඳින්ම දන්නවා. ඒ වගේම එයාලත් මා සිතන ආකාරය ගැන අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා මේ සංචාරය අභියෝගාත්මක එකක් වේවි. හරි සැලැස්මක් ඇතිව ඉදිරියට ගියොත් අපිට මේ අභියෝග ජයගන්න පුළුවනි..." ඔහු කිවේය.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

ජූනි මාසයෙන් පසුව ශ්‍රී ලංකා පිලට නිසි පුහුණුකරුවකු නොසිටි බැවින් තාවකාලික පුහුණුකරු ලෙස නික් පෝතස් ලබාදුන් දායකත්වය අගය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

"..අපි හතුරුසිංහව ගත්තේ සෑහෙන්න අධ්‍යයනය කරලයි. ඔහු ලොව විශිෂ්ටතම පුහුණුකරුවෙක්. ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. අපි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරින් සමග සාකච්ඡා කරලයි මේ පියවර ගත්තේ...." තිලංග සුමතිපාල මහතා කීවේය.

මේ අවස්ථාවට එක්වූ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කලේ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්විමෙන් ජාතික ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට යනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවයි.

"..මුලු ශ්‍රී ලංකාවම මේ අවස්ථාව උදාවනතුරු බලා සිටියා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වෙන්නේ ආගමට විතරයි. චන්දිකගේ පැමිණීම ගැන මා අතිශයින්ම සතුටට පත්වෙනවා...."  අමාත්‍යවරයා සඳහන් කළේය.

 

** Sri Lanka Cricket **


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now