SKIP TO MAIN CONTENT

Article: ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ හදිසි කැබිනට් සංශෝධනයක් ප්‍රකාශයට පත්කෙරේ

house-of-representatives

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ හදිසි කැබිනට් සංශෝධනයක් ප්‍රකාශයට පත්කෙරේ. වත්මන් රජයේ නීතිපති, සෙනෙට් සභික ජෝර්ජ් බ්‍රැන්ඩිස් එක්සත් රාජධානියේ මහකොමසාරිස් තනතුරට පත්වීම් ලැබීම හේතුවෙන් මෙලෙස හදිසි කැබිනට් සංශෝධනයක් ප්‍රකාශයට පත්කිරීමට හේතුව ලෙස වාර්තා වේ.

 මේ අනුව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ලිබරල් මන්ත්‍රී ක්‍රිස්ටියන් පොටර් , සෙනෙට් සභික ජෝර්ජ් බ්‍රැන්ඩිස් ගේ තනතුරට පත් කිරීමට නියමිතයි. ඒ අනුව ක්‍රිස්ටියන් පොටර් මේ වනතෙක් ඉසිලු සමාජ සේවා අමාත්‍යධුරය වික්ටෝරියානු ප්‍රාන්ත මන්ත්‍රී ඩෑන් ටෙහාන් වෙත හිමිවනු ඇති.

 මෙම කැබිනට් සංශෝධනයේදී නියෝජ්‍ය අගමැති බානබී ජොයිස් ගේ තනතුරද වෙනස් වෙයි. ඔහු මෙතක් ඉසිලූ කෘෂිකර්ම අමාත්‍යධුරය වෙනුවට ෆෙඩරල් රජයේ නව ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍ය වරයා ලෙසින් දිවුරුම් දීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now