ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසන 2017 – 18 ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහනේ කෝටාවන් ගැන ඔබ දන්නවාද? (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන යටතේ අයදුම් කරනු ලබන අයදුම්කරුවන් පහත සඳහන් ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය යටතේ තෝරා ගනු ලබන බව Home Affairs වෙබ් අඩවිය සඳහන් කරයි.

Australia's Migration Programme

Hands giving passport - vintage tone Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ මේ වන විට වසරකට ස්ථිර පදිංචිය සඳහා සංක්‍රමණිකයින් 190,000 ක් බාරගන්නා අතර මෙම ප්‍රමාණය 2001 වසරේදී තීරණය කෙරුණි.

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වර්ධනය වීම මෙන්ම සංක්‍රමණිකයන් ප්‍රමාණය වැඩි වීම පිළිබඳව මේ දින වල නිරතුරුවම ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සහ ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කතා බහකට ලක්වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් ද ඔස්ට්‍රේලියාවට වසරකට බාරගන්නා සංක්‍රමණික ප්‍රමාණය 190,000 සිට 110,000 දක්වා 80,000 කින් අඩු කළ යුතු බව මීට සති කිහිපයකට පෙර පැවසුව නමුත් ලිබරල් සන්ධාන රජයෙන්ම ඊට විරුද්ධත්වය ප්‍රකාශ කෙරිණී.

ඔස්ට්‍රේලියාවේ මුළු සංක්‍රමණික ප්‍රමාණය සීමා කිරීමට නිව් සවුත්  වේල්ස් ප්‍රාන්තයේ විපක්ෂ නායක Luke Foley ද පසුගිය සතියේ ඉල්ලීමක් කළේය.

මේ සියලු කාරණා මධ්‍යයේ ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහන පිළිබඳ තොරතුරු සහ එහි 2017 – 18 වසර සඳහා සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීමට SBS සිංහල මෙම ලිපිය ගෙන එයි.

ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහන

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා යොමු කෙරෙන සියලුම අයදුම් පත් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික පනතට හා රෙගුලාසි වලට අනුකූලව සලකා බැලෙයි.

සංක්‍රමණික වැඩසටහන යටතේ ඇති විවිධ සංක්‍රමණික වීසා සඳහා විවිධ අවශ්‍යතා ඉදිරිපත් කර ඇති අතර ඒ ඒ වර්ෂ සඳහා අදාළ සංක්‍රමණික වීසා කෝටාවන් (සංඛ්‍යාව) ඒ ඒ වර්ෂ වලදී ඔස්ට්‍රේලියානු රජය විසින් තීරණය කරනු ලබයි.

සංක්‍රමණික වැඩසටහනේ ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන යටතේ අයදුම් කරනු ලබන අයදුම්කරුවන් පහත සඳහන් ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය යටතේ තෝරා ගනු ලබන බව Home Affairs වෙබ් අඩවිය සඳහන් කරයි.

 

  • Skilled 
  • Family 
  • Special Eligibility 
 

මේ අතර ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සඳහා ක්‍රියාත්මක කෙරෙන මානුෂීය වීසා සහ සරණාගත වීසා ලබා දීමේ ක්‍රියාවලිය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනින් පිටත ක්‍රියාත්මක වේ.

Skilled හෙවත් නිපුණතා ධාරාව

මෙහිදී බොහෝ අයදුම්කරුවන් ලකුණු ක්‍රමයකට ඇගයෙන අතර ඔවුන්ගේ සුදුසුකම් සඳහා නියමිත ලකුණු සංඛ්‍යාවක් නිපුණතා ධාරාව යටතේ ක්‍රියාත්මක කෙරේ.

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට වර්ධනීය දායකත්වයක් ලබා ගැනීම මෙන්ම මෙරට ශ්‍රම වෙළෙඳ පොළේ හිඟ නිපුණතාවන් පිරවීම මෙහි මූලික අරමුණ වේ.

2017 -18 වසර සඳහා මෙම ධාරාවෙන් 128,550 කට අවස්ථාවන් වෙන් කර තිබේ.
Australia's Migration Programme
Source: AAP

Family හෙවත් පවුල් ධාරාව

ඔස්ට්‍රේලියාවේ වාසය කරන පවුලේ අයෙකුගේ අනුග්‍රහය දැක්වීම මත මෙම ධාරාවෙන් අයදුම් කළ හැකි වන අතර සහකරු, විවාහ වීමට සිටින පුද්ගලයා, යැපෙන දරුවන් හෝ දෙමාපියන් හට මෙම ධාරාව යටතේ අයදුම් කළ හැකිය.

2017 -18 වසර සඳහා මෙම ධාරාවෙන් 57,400 කට අවස්ථාවන් වෙන් කර තිබේ.
Australia's Migration Programme
A woman uses a walking stick to assist her mobility in Canberra, Friday, May 24, 2013. (AAP Image/Alan Porritt) NO ARCHIVING Source: AAP

Special Eligibility හෙවත් විශේෂ ධාරාව

ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමි නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති පුද්ගලයින් හට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා මෙම ධාරාව ඉදිරිපත් කර ඇත.

2017 -18 වසර සඳහා මෙම ධාරාවෙන් 565 කට අවස්ථාවන් වෙන් කර තිබේ.
Australia's Migration Programme
Source: SBS

2017 – 18 සඳහා ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහනේ කෝටාවන් වෙන්කර ඇති අන්දම පහත පරිදි වේ.

Australia's Migration Programme
Source: Department of Home Affairs
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


 


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට ඉඩ සලසන 2017 – 18 ඔස්ට්‍රේලියානු සංක්‍රමණික වැඩසටහනේ කෝටාවන් ගැන ඔබ දන්නවාද? (SBS සිංහල/වාර්තා) | SBS Sinhala