ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව සෑම රටකම පාහේ මේ වන විට බහුතරයක් දෙනා දවසේ බොහෝ වෙලාවක් headphones හෙවත් කන්යොමු භාවිතා කරයි.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ උදෑසන කාලයේදී මෙන්ම සවස් කාලයේදී පොදු ප්‍රවාහන සේවා වල, පොදු ස්ථාන වල, මග තොටදී මෙන්ම නිවසේ පවා බොහෝ දෙනෙකු මෙවැනි අයුරින් headphones භාවිතා කරනවා දැක ඇත.
නමුත් මෙසේ දවසේ වැඩි කාලයක් දිගින් දිගටම සංගීතය හෝ වෙනත් ශ්‍රව්‍ය අංග සෘජුව තම කන තුළට යාමට සැලැස්වීමෙන් නොමේරු බිහිරි පරපුරක් ඔස්ට්‍රේලියාවේ බිහිවනු ඇතැයි විශේෂඥයින් පවසන බව ABC පුවත් සේවය වාර්තා කරයි.

නොදැනුවත් බව සහ අවදානම
ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා මෙවනි අයුරින් කන් යොමු පැළඳ ඒවායින් විවිධ ගීත, සංගීත හෝ වැඩසටහන් ශ්‍රවණය කරමින් ගමන් කරන බව අපට නිරතුරුවම දැක ගන්නනට හැකි නමුත් ඔවුන් ඒවායේ ශබ්ද වල ශ්‍රවණ මට්ටම පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බව Australian Hearing Hub හි පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය David McAlpine පවසයි.
Smart ජංගම දුරකථන ඇතුළුව අතේ ගෙන යා හැකි ශ්‍රව්‍ය උපකරණ හේතුවෙන් ලොව පුරා තරුණයින් බිලියනයක් පමණ ශ්‍රවණය නැතිවීමේ අවදානමක සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තුගත කර තිබේ.

විනාඩි 90 ක උපරිමය.
Headphones දිගින් දිගටම දීර්ග ලෙස භාවිතා කිරීම නිසා අවදානමට පත්ව ඇත්තේ තරුණ ප්‍රජාව පමනක් නොවන බවද වාර්තා වේ.
කවුරුන් හෝ දිනකට මිනිත්තු 90 කට වඩා headphones භාවිතා කරනවා නම් ඔහුට හෝ ඇයට ශ්‍රවණ ආබාධ මෙන්ම ශ්‍රවණය නැතිවීමේ අවදානම ඉතා ඉහළ බව වෛද්‍ය පර්යේෂණ පෙන්වා දෙයි.
මේ අතර සෑම ඔස්ට්‍රේලියානු වාසීන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම තම headphones වල ශබ්දය ඩෙසිබල් 85 ට වඩා වැඩි කරමින් ශ්‍රවණය කරන බවත් එය ක්‍රියා කරවූ තණකොළ කපන යන්ත්‍රයක් අසළ සිටින විට නැගෙන ශබ්දයට සමාන බවත් 2017 වසරේ National Acoustic Laboratories විසින් සිදු කළ අධ්‍යනයකදී හෙළිවිය.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රවණ ආබාධ වල තත්ත්වය
වත්මන් ඔස්ට්‍රේලියාවේ සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙකුම කුමක් හෝ ශ්‍රවණ ආබාධයකට මුහුණ පා සිටියි.
2050 වන විට එය සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකු දක්වා ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

