ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රධානතම සෞඛ්‍ය ආවරණ ක්‍රමය වන Medicare සඳහා eating disorder හෙවත් ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධ රෝගාබාධ ආවරණයද ඇතුළත් කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගියදා තීරණය කළේය.
මීට පෙර ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධ රෝගාබාධ සඳහා කිසිදු සෞඛ්‍ය ආවරණයක් Medicare හරහා නොලැබුණු බවද වාර්තා වේ.

ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධ රෝගාබාධ
අගමැති මොරිසන්ගේ මෙම තීරණයට ආසන්නතම හේතුව බවට පත්වුයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 17 හැවිරිදි දැරියක් ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධ රෝගාබාධයකින් වසර 5 ක් යනතුරු පෙළෙමින් සිට දෙසැම්බර් මස මුලදී රෝහල් ගත කර සිටියදී මිය යාමත් සමගය.
එම ඛේදජනක අවස්ථාවේදී එම දැරියගේ මව වන Fiona Ryan මුනගැසීමට ගිය ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ඇයව සනසවමින් ශෝකය බෙදාගන්නා අවස්තාවේදී මේ බව ප්‍රකාශ කළේය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
Medicare සඳහා eating disorder හෙවත් ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධ රෝගාබාධ ආවරණය ඇතුළත් කරන බවට අදාළ නිල ප්‍රකාශය සිදු කරන අවස්ථාවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ද සහභාගී විය.
වසර 5 ක් පුරාවට ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධ රෝගාබාධයෙන් පෙළුණු තම දියණියව රජයේ කිසිදු සෞඛ්‍ය ආවරණයක් නොමැතිව රැකබලාගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වූ බවත් එනිසාම තමන් සතු ධනය සහ වත්කම් සියල්ලක්ම පාහේ තම පවුලට අහිමිවූ බවත් Fiona Ryan එහිදී පැවසුවාය.
ඒ සියලු වියදම් තමන් හට පුද්ගලිකවම දැරීමට සිදුවූ බව ඇය පැහැදිලි කළාය.
අගමැතිවරයාගේ මෙම නව තීන්දුව හරහා තම දියණියගේ ජීවිතය බේරාගැනීමට ඉඩක් නොලැබුණද ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධ රෝගාබාධ වලින් පෙළෙන ළමුන් ඇතුළු අනෙකුත් රෝගීන් බේරාගැනීමට මෙය විශාල සහනයක් අනු ඇති බව Fiona Ryan ප්‍රකශ කළාය.

නව සැලැස්ම
මෙම නව සැලැස්ම සඳහා Medicare සෞඛ්‍ය ක්‍රමයට අලුතින් ඩොලර් මිලියන 110.7 ක් වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
ඒ හරහා මානසික සෞඛ්‍ය සේවාවන් 40 ක් සඳහා පමණද ආහාර පිළිබඳ උපදේශන සේවාවන් 20 ක් සඳහා පමණද Medicare යටතේ ඔස්ට්‍රේලියානු ජනතාවට ලබා ගත හැකිවේ.
මේ නව ක්‍රමය ලබන වසරේ නොවැම්බර් මාසයේ සිට ආරම්භ වෙයි.
මේ හරහා ඔස්ට්‍රේලියානුවන් 30,000 කට පමණ සෙත සැලසෙනු ඇතැයි අගමැති මොරිසන් විශ්වාසය පළ කරයි.
මේ වන විට විට ලැබී ඇති නවතම සෞඛ්‍ය දත්ත වලට අනුව මිලියනයක් පමණ ඔස්ට්‍රේලියානු වාසී ජනයා ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධ රෝගාබාධ වලින් පෙළෙන බව සඳහන්.

Medicare සඳහා සුදුසු කවුරුන්ද?
ඔස්ට්‍රේලියානු හෝ නවසීලන්ත පුරවැසියන්.
Returning residents ඇතුළුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි භාවය ඇති පුද්ගලයින්.
ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට හැකි ස්ථිර වීසාවක් සඳහා අයදුම් කළ අයදුම්කරුවන්.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය හෝ නවසීලන්ත පුරවැසිභාවය ඇති සහකරුවෙකු, දෙමාපියන් හෝ දරුවෙකු.
අමාත්‍යංශයක නිර්දේශ ආවරණයක් මතද Medicare සඳහා සුදුසුකම් කිව හැකිය.
ඔස්ට්‍රේලියාව මත යැපෙන යම් විශේෂ දූපතක පදිංචි කරුවෙකු වීමෙන්ද Medicare සඳහා සුදුසුකම් කිව හැකිය.
ඊට අමතරව Reciprocal Care Agreement country හෙවත් අන්‍යෝන්‍ය සුරැකුම් උදෙසා ගිවිසුම් ගත රටකින් පැමිණි විට ද ඔබට Medicare සඳහා සුදුසුකම් ලැබිය හැකිය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

