ඔස්ට්‍රේලියානු superannuation ඉතිහාසය වෙනස්කරමින් Australian Super ගත් අලුත්ම තීන්දුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් බිලියන 120 ක විශ්‍රාමික අරමුදලක් මෙහෙයවන Australian Super ගත් මෙම තීන්දුව හේතුවෙන් වයස අවුරුදු 25 සපිරෙන පුද්ගලයෙකු හට තම Super ගිණුමේ ඩොලර් 9000 ක පමණ සැලකිය යුතු ඉතිරියක් තබාබගත හැකි බව පැවසේ.

Superannuation

Source: AAP

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25 ට වඩා අඩු පුද්ගලයින්ගේ superannuation අරමුදලෙන් රක්ෂණ වාරිකය කපා හැරීම අදාළ පුද්ගලයින්ගේ අනුමැතිය ලදහොත් පමණක් සිදු කිරීමට ඔස්ට්‍රේලියාවේ විශාලතම superannuation අරමුදල වන Australian Super තීරණය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සිටින තරුණ සේවකයින්ගේ superannuation අරමුදලෙන් රක්ෂණ වාරිකය කපා හැරීම ස්වයංක්‍රීයව සිදු නොකර  ඔවුන්ගේ කැමැත්ත මත පමණක් සිදු කිරීමට තීරණය කළ පළමු ඔස්ට්‍රේලියානු superannuation අරමුදල ලෙසද Australian Super වාර්තා වේ.

මෙම තීරණය හේතුවෙන් ඔවුන් ගේ විශ්‍රාම දිවිය දක්වා සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට ඔවුන් හට හැකියාවක් ලැබෙන බව ඔවුන් විශ්වාස කරයි.

මෙම වසර මුලදී Insurance Superannuation Working Group විසින් සිදු කරන ලද විමසීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙන බවද සඳහන්.

නිත්‍ය රක්ෂණ වාරික ඇතැම් වෙලාවට තරුණ සේවකයින්ගේ දිගු කාලීන පොලීවලට එරෙහිව බලපාන බැවින් වයස අවුරුදු 25 ට වඩා අඩු පුද්ගලයින්ගේ superannuation අරමුදලෙන් රක්ෂණ වාරිකය කපා හැරීම අදාළ පුද්ගලයින්ගේ අනුමැතිය ලදහොත් පමණක් සිදු කිරීමට තම සමගම තීරණය කළ බව Australian Super කණ්ඩායමේ සමූහ විධායක Rose Kerlin පැවසුවාය.

“අපගේ සාමාජිකයින්ගේ හොඳම රුචිකත්වය සලකා බලා Australian Super මෙම තීරණය ගෙන තිබෙනවා. තමන්ගේ විශ්‍රාම අරමුදල සඳහා වයස අවුරුදු 25 ට අඩු සේවකයින් ශක්තිමත් අත්තිවාරමක් දැමිය යුතු වෙනවා.” යනුවෙන් ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් බිලියන 120 ක විශ්‍රාමික අරමුදලක් මෙහෙයවන Australian Super ගත් මෙම තීන්දුව හේතුවෙන් වයස අවුරුදු 25 සපිරෙන පුද්ගලයෙකු හට තම Super ගිණුමේ ඩොලර් 9000 ක පමණ සැලකිය යුතු ඉතිරියක් තබාබගත හැකි බව පැවසේ.

මෙම රක්ෂණ ක්‍රමය වඩා ප්‍රයෝජනවත් වන්නේ යැපෙන්නන් සිටින පුද්ගලයින්ට සහ නිවාස ණය ගෙවීම වැනි ආර්ථිකමය වගකීම් ඇති පුද්ගලයින්ට මෙන්ම සදාකාලිකව අබාධිත තත්ත්වයට පත්ව ඇති පුද්ගලයින්ට බව Rose Kerlin පැවසුවාය.

වයස අවුරුදු 25 ට වැඩි පුද්ගලයින් හට ඔවුන්ගේ රක්ෂණ වාරිකය ස්වයංක්‍රීයව කපා හැරීම ඇරඹෙන නමුත් ඔවුන් කැමතිනම් පමණක් එය නතර කිරීමටද අවස්තාව තිබේ.

නමුත්, superannuation අරමුදල් හරහා ක්‍රියාත්මක වන රක්ෂණ ක්‍රමයන් යටතේ ගෙවීම් ලබා ගැනීමේදී අනියම් සේවකයින් හට තමන් අපේක්ෂා කරන ආකාරයට එම ප්‍රතිලාභ නොලැබෙන බව ද වාර්තා වේ.


2 min read

Published

Updated

By Madhura Seneviratne, Peter Ryan

Source: ABC Australia



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now