SKIP TO MAIN CONTENT

ලන්ඩන් නුවර ඇරඹි 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින්ගේ සමුළුව තුළින් ඔස්ට්‍රේලියාවට ඇති ඵල ප්‍රයෝජන මොනාවාද? (SBS සිංහල/වාර්තා)

මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ තේමාව ලෙස 'Towards a common future' හෙවත් " පොදු අනාගතයක් කරා" යන්න දක්වා ඇත.

CHOGM 2018
Source: Press Association

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින්ගේ හමුව හෙවත් CHOGM පසුගිය අප්‍රේල් 16 වන දින සිට ලන්ඩන් නුවරදී ආරම්භ විය.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩල රටවල 53 හි රාජ්‍ය නායකයින් මේ වන විට ලන්ඩන් නුවරට රැස්ව සිටින අතර පළමු දින තුනෙහි ව්‍යාපාරික, කාන්තා, තරුණ සහ ජනතා කටයුතු පිළිබඳ රාජ්‍ය සංසද පැවැත්වුනු අතර අද (19/04) සහ හෙට (20/04) බ්‍රිතාන්‍ය මහ රැජිණගේ නායකත්වයෙන් රාජ්‍ය නායක සමුළුව පැවැත්වේ.

මෙවර සමුළුව සඳහා ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වී සිටිති.

CHOGM 2018
Source: AP

ඔස්ට්‍රේලියාවට ලැබෙන ප්‍රතිලාභ

ලෝකයට තම දායකත්වය පිරිනැමීමට මෙන්ම බලය මුදා හැරීම සඳහා ඔස්ට්‍රේලියාව වැනි මධ්‍යම බලය හිමි රටකට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින්ගේ සමුළුව අද්විතීය අවස්තාවක් සපයන බව ඔස්ට්‍රේලියානු ක්‍රමෝපා ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ Peter Jennings පවසයි.

"බ්‍රිතාන්‍යය, කැනඩාව, නවසීලන්තය වැනි පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත වගේම අප්‍රිකාව වගේ රටවල් සමගත් හොඳ සම්බන්ධතාවන් ගොඩනගාගන්න මෙමගින් අපිට හැකියාව ලැබෙනවා. ඔස්ට්‍රේලියාවේ ඉදිරි ආයෝජන සඳහා එය වඩා ප්‍රයෝජනවත්." යනුවෙන් Peter Jennings වැඩි දුරටත් පැවසීය.

චීනයේ ආධිපත්‍ය හමුවේ පැසිෆික් කලාපයට මුහුණ දීමට සිදුවන අභියෝග සහ ගැටළු සඳහා විසඳුම් සෙවීමද මෙවර සමුළුවේදී සිදු වනු ඇත.

ඔස්ට්‍රේලියාව ඇතුළු පැසිෆික් කලාපයේ සෙසු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් මේ සඳහා සහභාගී වනු ඇත.

එමෙන්ම යුරෝපානු සංගමය සහ බ්‍රිතාන්‍යය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට ද ඔස්ට්‍රේලියාවට මෙහිදී අවස්ථාව සැලසෙනු ඇත.

CHOGM 2018
Source: AAP

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සභාපති ධුරය හොබවන්නේ එක්සත් රාජධානියේ අගමැතිනී Theresa May  වන අතර පසුගිය වර එය හොබානු ලැබුවේ මෝල්ටාවේ අගමැති විසිනි.

මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ තේමාව ලෙස  'Towards a common future' හෙවත් " පොදු අනාගතයක් කරා" යන්න දක්වා ඇත.

බොහෝ සෙයින් සමාන ඉතිහාස සහ නීති පද්ධති ඇති ජාතීන් එක්ව ගෝලීය මට්ටමේ ගැටළු විසඳීම පිළිබඳව මෙවර සමුළුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල රටවල් ලැයිස්තුවේ ජනගහනය වැඩිම රට ලෙස හැඳින්වෙන ඉන්දියාව මීට පෙර පොදු රාජ්‍ය මණ්ඩල සමුළු සඳහා අඩු අවදානයක් යොමු කර තිබු බව පෙනුණු අතර මේ වසරේ සමුළුව සඳහා ඉන්දීය අගමැති Narendra Modi සහභාගී වනු ඇති බවද සඳහන්.

2010 වසරෙන් පසුව ඉන්දීය අගමැතිවරයෙකු පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වන්නේ ප්‍රථම වරට වීමද විශේෂත්වයකි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now