ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව ඉතිහාසයේ ඉහළම අගයට පැමිණෙයි. (SBS සිංහල/වාර්තා)

ලොව පුරා රටවල් 190 කට අධික සංඛ්‍යාවකින් මේ වසරේ ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් 510,000 ක් පමණ මේ වන විටත් බාරගෙන ඇති බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසුවේය.

International students

Source: AAP

මේ වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය මේ වන විට ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත පෙන්වා දෙයි.

ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය වසරක් තුළ කලින්ම මෙම අගයට ළඟා වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද වාර්තා වන අතර පසුගිය වසරේ මෙම කාලයත් සමග සසඳන විට එය 12% ක ඉහළ යාමක් බවද සඳහන්.

ලොව පුරා රටවල් 190 කට අධික සංඛ්‍යාවකින් මේ වසරේ ඔස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් 510,000 ක් පමණ මේ වන විටත් බාරගෙන ඇති බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පැවසුවේය.

“ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේ වාර්තාගත අගයකට අපි පැමිණ තිබෙනවා. තමන්ගේ නිපුණතාවන් සහ දැනුම වර්ධනය කරගැනීමට ඔස්ට්‍රේලියාව තෝරා ගැනීම සම්බන්ධයෙන් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham වැඩි දුරටත් පැවසුවේය.

International Students
Giám đốc Universities Australia Catriona Jackson nói sinh viên nước ngoài cũng gặp khó khăn, nếu không nói là còn hơn sinh viên địa phương. Source: Getty Images

වාර්තාගත අගයක්

මෙම ලක්ෂ පහේ අගය පසුගිය වසර 5 පුරාවට ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය 54% කින් වැඩි වීමක් නියෝජනය කරයි.

අදාළ සිසුන් උසස් අධ්‍යාපන, වෘත්තීමය අධ්‍යාපන සහ පුහුණු (VET), පාසල්, ඉංග්‍රීසි භාෂා කඩිනම් පාඨ මාලාවන් (ELICOS) වැනි ක්ෂේත්‍ර සඳහා ලියා පදිංචි වී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නේපාල සිසුන් 54% කින් වර්ධනය වී ඇති අතර කොලොම්බියානු සිසුන් ගේ පැමිණීම 29% කින් වැඩි වී ඇත.

ටස්මේනියාවට පැමිණි බ්‍රසීල සිසුන් තුන්ගුණය ඉක්මවා ඇති බවත් බටහිර ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යනතර සිසුන්ගෙන් තුනෙන් එකක් පමණ භූතාන සිසුන් බවත් වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර සිසුන් ගේ ප්‍රමාණයෙන් තවමත් වැඩිම කොටස හිමිවන්නේ චීනයට වන අතර මෙවර එය 31% ක් බව සඳහන්.

ඉන්දියාව දෙවැනි තැනටද නේපාලය තුන්වන තැනටද මැලේසියාව සිව්වන තැනටද පත්වී ඇති අතර වියට්නාමය පස්වන තැනට පත්ව ඇත.

International Students
Source: SBS

ශ්‍රී ලංකාවේ නියෝජනය

2018 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සඳහා මේ වන විට ලියාපදිංචි වී ඇති මුළු ශ්‍රී ලාංකේය සිසුන් ප්‍රමාණය මේ වන විට 15,324 ක් බව වාර්තා වේ.

ඉන් 12,042 ක් උසස් අධ්‍යාපනය සඳහාද 2,771 ක් වෘත්තීමය අධ්‍යාපන සහ පුහුණු (VET) සඳහාද 256 ක් ඉංග්‍රීසි භාෂා කඩිනම් පාඨ මාලාවන් (ELICOS) සඳහාද 192 ක් වෙනත් පාඨ මාලාවන් සඳහා ද 63 ක් පාසල් අධ්‍යාපනය සඳහාද මේ වන විට ලියා පදිංචි වී තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now