SKIP TO MAIN CONTENT

මෙල්බන් Metro දුම්රිය උමං මාර්ගයේ දුම්රිය ස්ථාන 5 කට නම් තැබීමට ඔබටත් අවස්ථාවක්. (SBS සිංහල/වාර්තා)

අදාළ දුම්රිය ස්ථාන 5, මෙල්බන් ඇතුල් නගරයේ පිහිටනසේ ඉදිකිරීමට අපේක්ෂිත අතර මේ වන විට ඒවායේ ඉදිකිරීම් කටයුතු සඳහා පමණක් Arden, Parkville, CBD North, CBD South සහ Domain යනුවෙන් ඒවා නම් කර තිබේ.

Melbourne Metro Rail Tunnel
Source: Victorian Government

2 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia


Skip to article content

ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථානයකට නමක් තැබීමට ඔබ කැමැත්තෙන් සිටිනවාද?

මෙන්න දැන් ඒ සඳහා අවස්ථාවක් උදාවී තිබේ.

මෙල්බන් නුවර ඉදි කිරීමට සූදානම් වන Melbourne Metro Rail Tunnel හෙවත් මෙල්බන් නාගරික දුම්රිය උමං ව්‍යාපෘතිය යටතේ ඉදිවන නවතම දුම්රිය ස්ථාන 5 ක් සඳහා නම් තැබීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය වික්ටෝරියානු ජනතාවට ආරාධනා කර සිටියි.

මෙල්බන් Metro Rail Tunnel ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 11 ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බවද වාර්තා වේ.

අදාළ දුම්රිය ස්ථාන 5, මෙල්බන් ඇතුල් නගරයේ පිහිටනසේ ඉදිකිරීමට අපේක්ෂිත අතර මේ වන විට ඒවායේ ඉදිකිරීම් කටයුතු සඳහා පමණක් Arden, Parkville, CBD North, CBD South සහ Domain යනුවෙන් ඒවා නම් කර තිබේ.

මෙම නම් තැබීම සඳහා ප්‍රාන්ත රජය මගින් තරගයක් පවත්වන අතර වික්ටෝරියානු ජනතාවට එයට සහභාගී වන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ගමනාගමන අමාත්‍ය Jacinta Allan පවසා සිටියි.

“ප්‍රාන්තය පුරා විසිරී සිටින මහජනතාවගේ විවිධ අදහස් ලබා ගැනීමට අප ඇත්තෙන්ම කැමැත්තෙන් සිටිනවා. මෙම නම් තෝරාගැනීමේදී අදාළ භූගෝලීය පසුබිම, මෙල්බන් හි උරුමය (එය ස්වදේශික ජනතාවගේ උරුමයක්ද යන්න හෝ සංස්කෘතික උරුමයක් යන්න) සහ එම ප්‍රදේශ වල පිහිටි සුප්‍රසිද්ධ ස්ථාන සැළකිල්ලට ගන්නවා.” යනුවෙන් ඇය පැහැදිලි කළාය.

ලෝකය පුරා මෙලෙස නම් තැබූ අයුරු.

  • 2016 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ බ්‍රිතාන්‍යයේ පර්යේෂණ නෞකාව සඳහා මහජනතාව  “Boaty McBoatface” ලෙස නමක් තැබූ නමුත් බ්‍රිතාන්‍ය රාජ්‍ය එයට “RRS Sir David Attenborough” යනුවෙන් නම් තැබීමට තීරණය කළේය.
  • ස්වීඩනයේ ශීග්‍රගාමී දුම්රියකට යෝජිත නම් සඳහා ඡන්දය දීමට එරට ජනතාවට අවස්ථාව සැලසුණු අතර “Trainy McTrainface” යන නමට ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලැබුණි.
rainy McTrainface
Source: CC BY-SA 3.0 James nlwiki

මෙම නව දුම්රිය ස්ථාන 5 සඳහා අර්ථයක් ඇති නමුත් ජනතාව අතරට යන නම් අපේක්ෂා කරන බව පවසන ප්‍රාන්ත රජයේ ගමනාගමන අමාත්‍ය Jacinta Allan, මෙම තරගය වගකිවයුතු ලෙස තරගයක් ලෙස සිතට ගන්නා ලෙස වික්ටෝරියානු ජනතාවට දැනුම් දෙයි.

මෙහිදී ඔවුන්ට ඒ අසළ ඇති දැනට පවතින ජනප්‍රිය ස්ථානයක නමක් තැබීමට හෝ ව්‍යාකූල නමක් තැබීමට නොහැකි බවද ඇය පෙන්වා දෙයි.

මෙල්බන් Metro Rail අධිකාරියේ ප්‍රධාන විධායකවරයා මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට පෙර ලැබෙන නම් තේරීමකට ලක් කෙරෙන බවද අමාත්‍ය Jacinta Allan පවසයි.

ජයග්‍රාහකයාට අදාළ දුම්රිය ස්ථානය නිමවූ පසු එහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අවස්ථාව ද සලසා දෙන බව ඇය පැවසුවාය.

මෙම මෙල්බන් Metro දුම්රිය උමං මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර 2026 දී අවසන් කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර නම් තැබීමේ තරගය එළඹෙන ඔක්තෝබර් 22 වන දින දක්වා  විවෘතව පවතියි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now