ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වූ යෝජිත වෙනස්කම් පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමෙන් රජයට රතු එළියක්. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී විශ්ව විද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයක් මැන බලන ඉංග්‍රීසි විභාගයක් පැවැත්වීම ඇතුළු යෝජිත වෙනස්කම් ඉතා භාරදූර වන බවත් එනිසාම ජනතාවට මෙය දැඩි බාධාවක් එල්ල කරන බවත් ඔහු පැහැදිලි කළේය.

Australian Citizenship changes

Source: SBS

කිසිවෙකුට හෝ වෙනස්කමක් සිදු නොකෙරෙන ආගමන ප්‍රතිපත්ති මත පිහිටා ඔස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කරන ලද පුරවැසිභාවය පිරිනැමීමේදී සිදු කිරීමට යෝජිත වෙනස්කම් පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන ලෙස ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනතුරු අඟවයි.

ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් ඉදිරිපත් කරන ලද මෙම නව යෝජිත වෙනස්කම් පිළිබඳ කරුණු දැක්වීමට අද (23/08) දිනයේ සෙනට් කමිටුව හමුවේ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ නව සභාපති Rosalind Croucher ප්‍රමුඛ එහි සාමාජිකයින් රැස්වූ අවස්ථාවේ දී මේ බව පැවසීය.

ආගමන ප්‍රතිපත්ති සහ සංක්‍රමණිකයින් අතින් ලොව අනෙක් රටවල් සමග සංසන්දනය කිරීමේදී ඔස්ට්‍රේලියාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත් එනිසාම මෙම වෙනස්කම් පිළිබඳ දැඩි සැලකිල්ලක් දැක්වීමට සිදුව ඇති බවත් race discrimination කොමසාරිස් Tim Soutphommasane පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී විශ්ව විද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීනත්වයක් මැන බලන ඉංග්‍රීසි විභාගයක් පැවැත්වීම ඇතුළු යෝජිත වෙනස්කම් ඉතා භාරදූර වන බවත් එනිසාම ජනතාවට මෙය දැඩි බාධාවක් එල්ල කරන බවත් ඔහු පැහැදිලි කළේය.

මෙමගින් රජය වැරදි සංඥාවක් ලබා දෙන බවත් එසේ නොකිරීමට රජය වග බලාගත යුතු බවත් ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කරන පුද්ගලයින්ට පමණක් ඔස්ට්‍රේලියානු සමාජය සමග බද්ධ වීමේ අවශ්‍යතාව මතු නොකර ඔස්ට්‍රේලියානුවන්ට දාව උපන් පුරවැසියන්ටද එය වැඩිදියුණු වන ලෙස දැනුවත් කළ යුතු බවද Tim Soutphommasane පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව උදෙසා මෙලෙස පුරවැසිභාවය පිරිනැමීමේදී වෙනස්කම් සිදු කිරීමට යෝජනා කරන බවට ටර්න්බුල් රජය ප්‍රකාශ කර තිබේ.

යෝජිත වෙනස්කම් යටතේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට පෙරාතුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා අවම වශයෙන් සිව් වසරක් හෝ මෙරට පදිංචිව සිටිය යුතු වන අතර ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය මැන බලන ඉංග්‍රීසි භාෂා විභාගයකටද මුහුණ දිය යුතු වෙයි.

ඒ අනුව අයදුම්කරුවෙකුගේ පුරවැසිභාවය සම්බන්ධ අවසාන තීරණය ගැනීමට සියලු බලතල ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හට පවරා ඇති බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙම යෝජනාව මෙලෙසම සම්මත කළ නොහැකි බවත් එමගින් ඔස්ට්‍රේලියානු සමාජයේ යම් පිරිස් හට අසාධාරණයක් සිදුවන බවත් ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම තම වාර්තාවෙහි දක්වා ඇත.

ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ බොහෝ පුරවැසියන් හට රජය ඉල්ලන ඉංග්‍රීසි මට්ටමට සමාන ඉංග්‍රීසි ලිවීමේ හෝ කතා කිරීමේ හැකියාවක් නොමැති බවද මානව හිමිකම් කොමිසමේ වාර්තාව පෙන්වා දෙයි.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීම සම්බන්ධ ටර්න්බුල් රජයේ මෙම යෝජිත වෙනස්කම් සෙනට් සභාවේදී සම්මත වේ දැයි තවමත් සැකයක් පවතියි.

කම්කරු පක්ෂය සහ Nick Xenophon ගේ කණ්ඩායම මේ සඳහා දැනටමත් මූලික විරෝධතා දක්වා ඇති බවද හෙළිවී ඇත.

--------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: The Guardian Australia



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now