SKIP TO MAIN CONTENT

ලන්ඩන් කොටින්ට එරෙහිවූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ජනපති අණින් යළි සේවයට.

ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරතවූ LTTE කොටි සංවිධානයේ ආධාර කරුවන් පිරිසගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත යළි ස්ථාපිත කර ඇත.

London Defence Attaché back to work on MS orders
Source: SBS

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පසුගිය පෙබරවාරි 04 වන දින ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිදහස් සැමරුම් උත්සවය පැවැත්වෙන අතරතුර, මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරතවූ LTTE කොටි සංවිධානයේ ආධාර කරුවන් පිරිසගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත යළි ස්ථාපිත කර ඇත.

මේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරුවේ  ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයාව දැනුවත් කළ බවත්, බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සෑම පියවරක්ම ගත යුතු බව ට ජනාධිපතිවරයා නියෝග කළ බවත් ජනධිපති ආරංචි මාර්ග පවසයි.

70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවය පැවැත්වෙන අතරතුර , මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ LTTE කොටි සංවිධානයේ ආධාර කරුවන් පිරිසක් විරෝධතාවක නිරත විය.

"අවර් නේෂන් තමිල් ඊළාම් -අවර් ලීඩර් ප්‍රභාකරන්" ආදී ලෙස එම ස්ථානයට පැමිණි කොටි හිතවාදීන් කෑගසමින් උද්ඝෝෂණයේ නිරත වන විට එම අවස්ථාවේ ඒ දෙස බලා සිටි පිරිස අතර මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාද වෙයි.

එහිදී ඔහු විරෝධතා කරුවන්ට “‘ගෙල සිඳ දමන’ ආකාරය අතින් නිරූපණය කිරීම දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

මේ සිද්ධියත් සමග  බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගේ සේවය අත්හිටුවන්නැයි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි මන්දිකා විජේවර්ධන මහත්මියට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් බි‍්‍රතාතන්‍යයේ  ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය  ආරම්භ කර ඇති  පරීක්ෂණ අවසන් වු පසු   යුද හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන  බව යුද හමුදාපති ලූතින්න ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

කෙසේවෙතත්, මෙම සිද්ධිය පිලිබඳව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.


පෙර පුවත 


 

 

බි‍්‍රතාන්‍ය ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරියගේ පරීක්ෂණයේ  ප‍්‍රථිපලය අනුව  යුද හමුදාව මෙම පරීක්ෂණ ආරම්භ කර බි‍්‍රගේඩියර්වරයා ලංකාවට ගෙන්වීමට කටයුතු කරන  බවද යුද හමුදාපතිවරයා කීය.

කෙසේවෙතත්, මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් මෙසේ  එක් සිදුවීමක් පමණක්  සමාජ ජාලා  වෙඩි අඩෙවි මගින්  ප‍්‍රචාරය වී ඇති බව ත් උසස් හමුදා නිලධාරියකු පැවසු බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම බි‍්‍රගේඩියර්වරයා මුලින්ම කොටි හිතවාදී උද්ඝෝෂන කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ  ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු  ලැබුණ බව ත්  එම උසස් නිලධාරියා සඳහන් කළ බව ලංකාදීප පුවත්පත වැඩි දුර වාර්තා කරයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now