ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය එළඹෙන මැයි 18 වන දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් ය.
මේ වන විටත් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ලැබූ සියලු ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට මෙවර මැතිවරණය සඳහා ඡන්දය ලබා දීම පිණිස ලියාපදිංචි වීමට තිබූ කාල සීමාවද මේ වන විට අවසන් වී ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මෙවර මැතිවරණයේදී මනාප ඡන්ද ප්‍රකාශ කිරීම පිළිබඳ මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ මනාප ක්‍රමය යනු කුමක්ද?
ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පාදක වී ඇත්තේ මනාප ඡන්ද ක්‍රමය මතය.
එනම් ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය විට අදාළ පක්ෂ වලට සහ අපේක්ෂකයින්ට ඔබගේ මනාපය අංක පිළිවෙලින් නම් කරන ලෙසට ඔබගේ ඡන්ද පත්‍රිකාවේ උපදෙස් ලබා දෙයි.
ඒ අනුව ඔබ කැමතිම අපේක්ෂකයා හට අංක 1 යනුවෙන්ද ඊළඟට කැමති අපේක්ෂකයා හට අංක 2 යනුවෙන්ද ඔබගේ ඡන්ද පත්‍රිකාවේ ඔබට සටහන් කළ හැකිය.
පහළ මන්ත්‍රණ සභාව සඳහා ඔබට එක් ඡන්ද පත්‍රිකාවක්ද සෙනට් සභාව සඳහා ඔබට තවත් ඡන්ද පත්‍රිකාවක්ද ලැබේ.
එහිදී පහළ මන්ත්‍රණ සභාව සඳහා ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ සටහන් සියලු කොටු සඳහා ඔබ අංකයක් සටහන් කළ යුතු වේ.
එමෙන්ම සෙනට් සභාව සඳහාවූ ඡන්ද පත්‍රිකාවේ above the line ඉඩෙහි සටහන් පක්ෂ සඳහාවූ තීරයේ අවම වශයෙන් කොටු 6 ක් සඳහා අංක සටහන් කිරීමට ඔබ වග බලාගත යුතු අතර එහිම below the line ඉඩෙහි අපේක්ෂකයින් සඳහා අවම වශයෙන් කොටු 12 ක අංක සටහන් කළ යුතු වේ.
ඔබ ලබා දී ඇති උපදෙස් වලට අනුගත නොවී ඔබේ ඡන්දය ප්‍රකාශ කළහොත් ඔබේ ඡන්දය අවලංගු වනු ඇත.

මනාප ගණන් කරනුයේ කෙසේද?
පහළ මන්ත්‍රණ සභාව සඳහා අදාළ ඡන්ද පත්‍රිකාවේ අංක 1 ලැබූ මනාප පළමුවෙන්ම ගණනය කෙරේ.
එහිදී අපේක්ෂකයෙකු අවම වශෙයන් සමස්ත ඡන්ද වලින් 50% ක හි මනාප ලබාගත යුතු වේ.
ඉතා අඩු ඡන්ද ලබාගත් අපේක්ෂකයින් ඡන්ද ගණනය කිරීමෙන් ඉවත් කෙරේ.
SBS සිංහල ගුවන් විදුලියට සජීවීව සහ පසුව සවන්දෙන්න SBS Radio APP එක free download කරගන්න
එහිදී පැහැදිලි ජයග්‍රාහකයකු තෝරාගැනීමට ඡන්ද දායකයින්ගේ මනාප කිහිප වරක් ගණනය කරනු ලැබේ.
එහිදී දෙවැනි මනාපයද සැලකිල්ලට ගැනේ.
නමුත් සෙනට් සභිකයන් තෝරාගැනීම සඳහා මනාප ගණනය කිරීමේදී එම ක්‍රමය තරමක් සංකීර්ණ වේ.
එහිදී නිල ඡන්ද සංඛ්‍යාවෙන් යම් කෝටාවක් අදාළ සෙනට් සභික අපේක්ෂකයා ලබාගත යුතුය.

ඔබ ඡන්ද පත්‍රිකාවේ සටහන් කළ යුත්තේ මොනවාද?
පහළ මන්ත්‍රණ සභාව සහ සෙනට් සභාව සඳහා ඔබට ඡන්ද පත්‍රිකා දෙකක් හිමිවේ.
පහළ මන්ත්‍රණ සභාවට අදාළ ඡන්ද පත්‍රිකාව කොළ පැහැති වේ.
සෙනට් සභාවට අදාළ ඡන්ද පත්‍රිකාව සුදු පැහැති වේ.
ඒ අනුව ඡන්ද දායකයින් තම ඡන්ද පත්‍රිකාවේ සටහන් කරන අංක අනුව මැතිවරණයේ ප්‍රතිඵල තීරණය වේ.
ඔබ ඡන්දය භාවිත කිරීමට යන ඡන්ද මධ්‍යස්ථානයේ බොහෝ විට "how-to-vote cards" න හෙවත් ඡන්දය භාවිත කරන්නේ කෙලෙසද යන පත්‍රිකා ඔබ වෙත ලැබෙනු ඇත.
එම "how-to-vote cards" ඒ ඒ පක්ෂ විසින් ඔබ වෙත ලබා දෙනු ඇත.
නමුත් ඔබ එම කාඩ් පතට අනුකූලව ඔබගේ ඡන්දය ප්‍රකාශ කළ යුතුය යන්න නියමයක් නොවන බව ඔස්ට්‍රේලියානු මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

