ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ සහ වරප්‍රසාද 10ක්. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව වීසා නොමැතිව ලෝකයේ රටවල් 170 කට යාමට ඔස්ට්‍රේලියානු ගමන් බලපත්‍රය හිමි කරගැනීමට ඔබට අවස්තාව තිබේ.

Australian citizenship

Source: iStockphoto

පසුගිය 2015 – 16 කාලය අතරතුර විවිධ රටවල් 190 ක පමණ  පුද්ගලයින් 133,000 ක් පමණ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා තිබෙන බව වාර්තා වේ.

නවතම දත්ත වලට අනුව ඉන්දියාව, එක්සත් රාජධානිය, පිලිපීනය, චීනය වැනි රටවල ජනතාව වැඩිම සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා තිබෙන ජාතිකයින් ලෙස වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම හේතුවෙන් ඔබට අත්වන ප්‍රධාන ප්‍රතිලාභ සහ වරප්‍රසාද 10 පිළිබඳ ඔබ දන්නවාද?

01. ඔස්ට්‍රේලියාව තුළ ඔබ ඡන්ද හිමියෙකු බවට පත් වෙයි.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව වයස අවුරුදු 18 ට වඩා වැඩි නම් ඔස්ට්‍රේලියාවේ පවත්වන මැතිවරණ සඳහා ඔබ අනිවාර්යෙන් ඡන්දය භාවිතා කළ යුතුය.

නැතහොත්, ඩොලර් 180 දක්වා දඩයකට යටත් වීමට ඔබට සිදු වේ.

02. ඔබට දේශපාලනඥයෙකු විය හැකිය.

වයස අවුරුදු 18 ට වැඩි සියලු ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට දේශපාලකයෙකු ලෙස ඔස්ට්‍රේලියානු දේශපාලනයට පැමිණිය හැකි වේ.

නමුත් ඔබට ඔස්ට්‍රේලියාවේ මධ්‍යම පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍යනම් ඔබට ද්විත්ව පුරවැසිභාවය සහිතව එය කිරීමට නොහැකි වෙයි.

03. ඔස්ට්‍රේලියානු හමුදාවට ඔබට සම්බන්ධ වීමට හැකි වේ.

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය අංශයේ රැකියාවන් මෙරට ස්ථිර පදිංචිය හිමිවුවන්ට පවා විවෘත වී ඇති නමුත් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශ වෙත සම්බන්ධ වීමට හැකියාව ඇත්තේ ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට පමණි.

04. ජූරි සභාවකට සහභාගී වීමට ද ඔබට හැකිය.

ඔස්ට්‍රේලියානු අධිකරණ පද්ධතියේ ඇතැම් නඩු විභාග සඳහා ජූරි සභිකයෙකු ලෙස සහභාගී වීමට ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට පිළිවන.

05. ලොව හොඳම ගනයේ ගමන් බලපත්‍රයක් ඔබ සතු වේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසුව වීසා නොමැතිව ලෝකයේ රටවල් 170 කට යාමට ඔස්ට්‍රේලියානු ගමන් බලපත්‍රය හිමි කරගැනීමට ඔබට අවස්තාව තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු ගමන් බලපත්‍රය ලොව හොඳම ගමන් බලපත්‍ර ලැයිස්තුවට ඇතුළත්වී තිබීම ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස ලබන ඉහළම වරප්‍රසාදයකි.

06. විදේශයකදී කරදරයක් වූ විට කොන්සියුලර් සේවාව ලබා ගත හැකිය.

ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට විදේශ රටකදී යම් අකරතැබ්බයකට හෝ හදිසි අවස්ථාවකට මුහුණ පෑමට සිදුවූ විට පැය 24 පුරා ක්‍රියාත්මක Consular Emergency මධ්‍යස්ථානය හරහා කොන්සියුලර් සහය ලබා ගත හැකිවේ.

07. ඔබේ දරුවන්ටද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය උරුම කර දිය හැකිය.

ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වූ විට ඔබේ දරුවන් විදේශ රටක උපත ලැබුවත් පරපුරෙන් ඔවුන් හටද ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය උරුම කර දීමට ඔබට හැකියාව ලැබේ.

එනම්, ඔස්ට්‍රේලියාව තුළ උපත ලැබූ දරුවෙකු හට තිබෙන සියලු අයිතිවාසිකම් ඔබේ දරුවා හටද ලැබේ.

08. ඔබේ උසස් අධ්‍යාපනයට HELP ණය ක්‍රමයෙන් සහය ලබා ගැනීමට හැකි වීම.

HELP හෙවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ උසස් අධ්‍යාපන ණය වැඩසටහන වේ.

ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වූ විට මෙම වැඩසටහන යටතේ ඔබේ උසස් අධ්‍යාපනයට නය ලබා ගත හැකි අතර ඔබට රැකියාවක් ලැබුණු පසු එම මුදල නැවත රජයට ගෙවිය යුතු වේ.

9. ඔබට ඔස්ට්‍රේලියාව තුළ දිවි ඇතිතෙක් වාසය කිරීමට හැකි වීම.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලැබූ උදවියට ඊට අදාළ වීසා සෑම වසර 5 කට වරක්ම අලුත් කළ යුතු වේ.

නමුත් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමෙන් ඔබට එම අපහසුතාවන්ට මුහුණ දීමට සිදු නොවෙන අතර ඔස්ට්‍රේලියාව තුළ දිවි ඇතිතෙක් වාසය කිරීමට හැකි වේ.

10. නවසීලන්තයට වුවද ජීවත් වීම සඳහා යාමට හැකි වීම.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි අයට බොහෝ තත්ත්වයන් මත ස්ථිර පදිංචිය ලබා නවසීලන්තයේ පදිංචියට යාමට හැකිය.

---------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

---------------------------------------------------------------------------------------------


3 min read

Published

Updated

By Madhura Seneviratne, Kelsey Munro

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now