SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: පාකිස්තානය, නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 7 වන තැනට ඇද දමයි.

2019 ICC Cricket World Cup
Source: Facebook

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 33 වන තරගය ලෙස ඊයේ (26/06) Birmingham හිදී පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවති තරගයෙන් පාකිස්තානය කඩුලු 6 ක ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 කට ලකුණු 237 ක් රැස් කිරීමට සමත් විය.

එහිදී නවසීලන්තය වෙනුවෙන් James Neesham නොදැවී ලකුණු 97 ක් ලබාගත් අතර Colin de Grandhomme ලකුණු 64 ක් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 238 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 49 යි එක් පන්දුවකදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 241 ක් ලබා තරගයේ ජය සටහන් කළේය.

පාකිස්තානය වෙනුවෙන් Babar Azam නොදැවී ලකුණු 101 ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානය ද හිමි කරගත්තේය.

ප්‍රසාද ලකුණු සටහන

මෙම තරගය ජයගැනීමත් සමග පාකිස්තානය ප්‍රසාද ලකුණු 7 ක් ලබමින් ශ්‍රී ලංකාව පසුකර ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයට පැමිණ තිබේ.

ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 12 ක් ලබා තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී සිටින අතර ඔවුන් අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලැබීය.

පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවති තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.

2019 ICC Cricket World Cup
Source: Facebook

මේ අතර අද දිනයේ ඉන්දියාව සහ කොදෙව් දූපත් අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now