සිඩ්නි නුවරට සාපේක්ෂව මෙල්බන් නුවර ශීඝ්‍රව වර්ධනය වන්නේ ඇයි? (SBS සිංහල/වාර්තා)

2011 වසරේ සිට මේ දක්වා නොකඩවා වසර 6 ක් පුරාවටම ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස මෙල්බන් නුවර පිදුම් ලබා තිබේ.

Melbourne

Melbourne Source: Invest Victoria

ලොව ජීවත් වීමට සුදුසුම නගරය වීම.

2011 වසරේ සිට මේ දක්වා නොකඩවා වසර 6 ක් පුරාවටම ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස මෙල්බන් නුවර පිදුම් ලබා තිබේ.

කාර්යක්ෂම මහජන ගමනාගමන සේවාවන්, අන් ප්‍රාන්ත හා සාපේක්ෂව බලන කළ පරිසර හිතකාමී නිවාස දැරිය හැකි මට්ටමක පැවතීම, අවන්හල්, කලා භවන්, රංග ශාලා සහ ක්‍රීඩා ඉසව් හේතුවෙන් ව්‍යාපාරිකයින්ට මෙන්ම වැඩකරන ජනතාවටද මෙල්බන්, ආකර්ශනීය නිවහනක් බවට පත්වී ඇත.

කාර්යාල වල කුලිය සාපේක්ෂව මිලෙන් අඩු වීම.

නව සහ වර්ධනය වන ව්‍යාපාරයන් හි කාර්යාල සඳහා මෙල්බන් නුවර බොහෝ සෙයින් ඉඩ ප්‍රමාණයක් පවතියි.

මෙල්බන් නගරය වටා සිදු කෙරෙන නාගරික අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති හේතුවෙන් මිලෙන් අඩු කාර්යාල සැපයීම ව්‍යාප්තව ඇති අතර ඒ වටා ඇති මහල් නිවාස සංකීරණ බොහෝ කාර්මික අංශ සඳහා වෘත්තිමය ශ්‍රම බලකායක් සපයා ඇත.

ජාත්‍යන්තර ගුවන් ගමන් කෙමෙන් කෙමෙන් වර්ධනය වීම.

සෑම වසරකම අමතර ගුවන් මගීන් මිලියන 2 කට පමණ පහසුකම් සැලසීමට පැය 24 පුරා ක්‍රියාත්මක මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කටයුතු කරයි.

මේ හේතුවෙන්ම ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර ව්‍යාපාර සහ භාණ්ඩ ප්‍රවාහනයේද වර්ධනයක් පෙන්නුම් කරයි.

ව්‍යාපාරික සංචාරකයින්ගේ සහ භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රතිලාභ සහ පහසුව උදෙසා ගුවන් ගමන් සේවාවන් හි කාල සටහනද නම්‍යශීලී වේ.

මෙල්බන් ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීම.

වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථික වර්ධනය සඳහා මෙන්ම ව්‍යාපාර සඳහා පාරිභෝගික වෙළෙඳ පොළ තවත් පුළුල් වීම සඳහා මෙල්බන් හි වැඩි වන ජනගහනය ඉවහල් වේ.

එමෙන්ම විවධ දක්ෂතා සහිත ශ්‍රම බලකායක් බිහි වීමටද එය රුකුලක් වී ඇත.

සිඩ්නි නුවරට සාපේක්ෂව නිවාස මිල ගණන් දැරිය හැකි මට්ටමක පවතින අතර තවත් නිවාස සැපයීමේ ධාරිතාවක්ද මෙල්බන් නුවර සතුවේ.

නගරයේ ගොඩනැගිලිවල බොහෝ ක්‍රියාකාරකම් සිදු වීම.

ඔස්ට්‍රේලියාවේ උසින් වැඩිම ගොඩනැගිල්ල මෙල්බන් නුවර සතුවීම ඉතා ඉක්මණින් ම නුදුරු අනාගතයේදී සිදු වන බව වාර්තා වේ.

මෙල්බන් නගරයේ කිලෝමීටර් 3.5 ක අරයකින් යුක්ත භූමියක් තුළ අමතර සංවර්ධන කටයුතු උදෙසා සිඩ්නි නුවරට සාපේක්ෂව තුන් ගුණයක ඉඩම් ප්‍රමාණයක් ඇති බවද සඳහන්.


Share

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now