රටවල් 41ක UNICEF ලැයිස්තුවේ, ගුණාත්මක අධ්‍යාපනය අතින් ඔස්ට්‍රේලියාව 39 වන තැනට. (SBS සිංහල /වාර්තා)

UNICEF ආයතනයේ මෙම වාර්තාවේ අධ්‍යාපනයේ තත්ත්වය යන අංශයෙන් ඔස්ට්‍රේලියාවට පසුව සිටින්නේ රොමේනියාව සහ තුර්කිය පමණි.

UNICEF latest report card

Source: www.ensemble.com.au

ඉහළ සහ මධ්‍යම ආදායම් ලබන රටවල් 41 ක් යොදාගෙන ළමුන් සම්බන්ධව ඉලක්ක 9ක් උදෙසා UNICEF ආයතනය සිදු කළ නවතම අධ්‍යනයෙන් අධ්‍යාපනයේ තත්ත්වය යන අංශයෙන් ඔස්ට්‍රේලියාව 39 වන ස්ථානයට පත්ව ඇත.

UNICEF ආයතනයේ මෙම වාර්තාවේ අධ්‍යාපනයේ තත්ත්වය යන අංශයෙන් ඔස්ට්‍රේලියාවට පසුව සිටින්නේ රොමේනියාව සහ තුර්කිය පමණි.

මෙම අංශය සඳහා මිනුම් දඬු බවට පත්වූයේ වයස අවුරුදු 15 ළමුන් හට කියවීම, ගණිතය සහ විද්‍යාව යන අංශ වල ඇති හැකියාව මෙන්ම පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සහ පෙර පාසල් සඳහා සහභාගී වීමට හැකියාව ඇති මට්ටමය.

යුරෝපා කොමිසමේ සහ OECD දර්ශකයේ ඇති රටවල් 41ක් මෙම අධ්‍යනය සඳහා UNICEF ආයතනය යොදාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 15 ළමුන්ගෙන් 71.7% ක් පමණක් ඉහත කී ප්‍රධාන අංශ ත්‍රිත්ත්වයේ සාමන්‍යය ලකුණු සීමාවට ආසන්න මට්ටමක ලකුණු ලබා තිබෙන බව නවතම PISA ඇගයීමට (Programme for International Student Asessment) අනුව මෙම වාර්තාව සොයාගෙන ඇත.

එමෙන්ම, 2014 වසරේ දත්ත වලට අනුව සංවිධානාත්මක පෙර පාසල් අධ්‍යාපනයක් අවම වශයෙන් වසරක් පමණක් හෝ ලබන්නේ ඔස්ට්‍රේලියාවේ ළමුන්ගෙන් 80.3% ක් පමණක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම ලැයිස්තුවේ ගුණාත්මක අධ්‍යාපනය යන අංශයෙන් පළමු ස්ථානය ලබා ඇත්තේ පින්ලන්තය වන අතර මෝල්ටාව සහ කොරියානු ජන රජය දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙයි.

පින්ලන්තයේ වයස අවුරුදු 15 ක ළමුන් 81.4%  ක් කියවීම, ගණිතය සහ විද්‍යාව යන අංශ වල සාමන්‍ය ලකුණු මට්ටම ලබාගෙන ඇති අතර සංවිධිත පෙර පාසල් අධ්‍යාපනය ලබන ප්‍රතිශතය 99.8% කි.

UNICEF ආයතනයේ මෙම නවතම වාර්තාවෙන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පසුබැස්ම මැනවින් නිරූපණය වන බව UNICEF ඔස්ට්‍රේලියා හි ප්‍රතිපත්ති සහ උපදේශන අධ්‍යක්ෂ Amy Lamoin පවසයි.

“අධ්‍යාපනය යනු ජීවිතයේ අන්ත ඵල පිළිබඳ ශක්තිමත්ම අනාවැකියයි. නමුත් අපට මේ වන විට එහි ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ඉතා පැහැදිලි ලෙස පසුගාමී වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. පාසල් සඳහා ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන පමණක් නෙමෙයි එතනින් එහාට ගිය අපට තවමත් දැකීමට නොහැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද එයට හේතුවී තිබෙනවා. ඒ වෙලාවේම අනෙක් රටවල් ඔවුන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් ලබලා අධ්‍යාපන පද්ධති වල වෙනස්ම දේවල් අත් හදා බලමින් පසුවෙනවා.” UNICEF ඔස්ට්‍රේලියා හි ප්‍රතිපත්ති සහ උපදේශන අධ්‍යක්ෂ Amy Lamoin  පැහැදිලි කළාය.

ළමුන්ගේ සංවර්ධනයට ගුණාත්මක පූර්ව අධ්‍යාපනයද අතිශය වැදගත් සාධකයක් බව ඇය පෙන්වා දෙයි.

“UNICEF ආයතනයේ මෙම වාර්තාවේ ගුණාත්මක අධ්‍යාපනය යන අංශයෙන් ප්‍රමුඛ ස්ථාන වල සිටින සියලුම රටවල සංවිධිත පෙර පාසල් අධ්‍යාපනය 100% ප්‍රතිශතයට ආසන්න මට්ටමේ පවතිනවා. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කරගත් මොල්ටාවේ එම ප්‍රතිශතය 99.9% ක්. සංවිධිත පෙර පාසල් අධ්‍යාපනය යන මිනුම් දණ්ඩෙන් එම ලැයිස්තුවේ 90% මට්ටමට වඩා පහළින් සිටින්නේ රටවල් 4ක් පමණි. ඔස්ට්‍රේලියාවත් ඉන් එක් රටක් වීම කණගාටුවට කරුණක්.” Amy Lamoin වැඩි දුරටත් පැවසුවාය.

UNICEF latest report card
Source: UNICEF

UNICEF ආයතනයේ මෙම වාර්තාවේ ළමුන් සම්බන්ධ ඉලක්ක 9 ක් සටහන්ව ඇත.

දරිද්‍රතාව නොමැතිකම, ආහාර හිඟතාව නොමැති වීම, මනා සෞඛ්‍ය සම්පන්න බව, ගුණාත්මක අධ්‍යාපනය, යෝග්‍ය රැකියා සහ ආර්ථික වර්ධනය, අසමානාත්මතාව අවම කිරීම, තිරසාර නගර සහ ප්‍රජාවන්, වගකීම් සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය, සාමය, නීතිය සහ ශක්තිමත් ව්‍යුහය යනු එම ඉලක්ක නවය වේ.

මෙම වාර්තාවේ, දරිද්‍රතාව නොමැතිකමින් 12 වෙනි ස්ථානයද ආහාර හිඟතාව නොමැති වීමෙන් 28 වන ස්ථානයද මනා සෞඛ්‍ය සම්පන්න බවින් 23 වන ස්ථානයද ඔස්ට්‍රේලියාව සතුව් වේ.

ගුණාත්මක අධ්‍යාපනය යන අංශයෙන් 39 වන ස්ථානයද, යෝග්‍ය රැකියා සහ ආර්ථික වර්ධනය යන අංශයෙන් 23 වන ස්ථානයේද අසමානාත්මතාව අවම කිරීම අංශයෙන් 17 වන ස්ථානයේද ඔස්ට්‍රේලියාව පසුවෙයි.

ඊට අමතරව තිරසාර නගර සහ ප්‍රජාවන් අංශයෙන් 3 වන ස්ථානයද වගකීම් සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය යන අංශයෙන් සහ නීතිය සහ ශක්තිමත් ව්‍යුහය යන අංශ වලින් 18 වන ස්ථානයද ඔස්ට්‍රේලියාවට හිමිව තිබේ.

UNICEF ආයතනයේ එම සම්පූර්ණ වාර්තාව ට අදාළ ලැයිස්තු 9 මෙතනින්.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age, United Nations Children's Fund




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

රටවල් 41ක UNICEF ලැයිස්තුවේ, ගුණාත්මක අධ්‍යාපනය අතින් ඔස්ට්‍රේලියාව 39 වන තැනට. (SBS සිංහල /වාර්තා) | SBS Sinhala