මෙල්බන් නුවරට නවීන අංග රැගත් නව ට්‍රෑම් රථ 30ක්. (SBS සිංහල /වාර්තා)

මෙම නව ට්‍රෑම් රථ වල දොරටුව අනෙක්වාට වඩා පහළ මට්ටමකින් නිර්මාණය කර තිබේ. රෝද පුටු ආධාරයෙන් ගමන් කරන ආබාධිත පුද්ගලයින් හට ඉතා පහසුවෙන් ට්‍රෑම් රථයට ගොඩවීමට එමගින් පහසුව සැලසේ.

Melbourne Transportation

Source: The Age

මෙල්බන් නුවර ට්‍රෑම් රථ වල ගමන් කිරීමේදී මගීන්ට සිදු වන වැටීම් සහ හැප්පීම් වළක්වාලීමට නිර්මාණය කළ නවතම E-Class වර්ගයේ නිර්මිත ට්‍රෑම් රථ 30 ක් මේ වන විට මෙල්බන් නුවර ධාවනයට එක් කර තිබේ.

මෙම නවතම ට්‍රෑම් රථ වල සිටගෙන ගමන් කරනු ලබන මගීන් හට අල්ලා ගැනීමට අමතර අල්ලුම් පටි (hanging straps) සහ අත්වැල් ද (hand rails) වැඩි සංඛ්‍යාවක් සවි කර ඇති බව වාර්තා වේ.

මීට අමතරව ට්‍රෑම් රියදුරුට ඉදිරිය මනාව පෙනීම සඳහා ට්‍රෑම් රථයේ මුහුණත පෙරට වඩා පැතලි කර තිබෙන බවද සඳහන්.

එමෙන්ම මෙම නව ට්‍රෑම් රථ වල දොරටුව අනෙක්වාට වඩා පහළ මට්ටමකින් නිර්මාණය කර තිබේ.

රෝද පුටු ආධාරයෙන් ගමන් කරන ආබාධිත පුද්ගලයින් හට ඉතා පහසුවෙන් ට්‍රෑම් රථයට ගොඩවීමට එමගින් පහසුව සැලසේ.

පෙර ට්‍රෑම් රථ වල දොරටුව ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමක තිබුණු බැවින් ආබාධිත පුද්ගලයින්ට තමන්ගේ රෝද පුටු ඊට ඇතුල් කිරීමට අපහසු විය.

ඒ සම්බන්ධයෙන් ට්‍රෑම් බලධාරීන් හට පැමිණිලි රැසක්ද යොමු විය.

මෙල්බන් නුවර ධාවනය වන මෙම ට්‍රෑම් රථ Dandenong ප්‍රදේශයේ පිහිටි Bombardier කර්මාන්ත අංගනයේදී නිපදවෙයි.

පසුගිය වසර ද්විත්වය තුළ මෙල්බන් ට්‍රෑම් පද්ධතියේ කාර්තුවකට සිදුවූ බරපතල තුවාල සිදුවීම් හි සාමාන්‍ය අගය 7 සිට 13 දක්වා වැඩිවී ඇති බව Transport Safety Victoria දත්ත පෙන්වා දෙයි.

ඊට අමතරව කාර්තුවකට සිදුවන වැටීම් සහ හැප්පීම් වල සාමාන්‍ය අගය 44 සිට 60 දක්වා වැඩිවී ඇති බවද එම දත්ත පෙන්වා දෙයි.

මෙම නව ට්‍රෑම් රථයේ නිර්මාණ සැලැස්ම, මගීන් මුහුණ දෙනු ලබන අනතුරු පිළිබඳ සලකා බලා නිර්මාණය කළ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ මහජන ගමනා ගමන අමාත්‍ය Jacinta Allan පැවසුවාය.

මෙම නව ට්‍රෑම් රථයක එකවර මගීන් 210 දෙනෙකු රැගෙන යාමට හැකියාව පවතින අතර නවතම 80 E-Class ට්‍රෑම් රථ 2019 වසරේ මැද භාගයේදී ධාවනයට එක් කිරීමට අපේක්ෂිතය.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: The Age




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now