SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන නව නීති කෙටුම්පත මේ සතියේ පාර්ලිමේන්තුවට. (SBS සිංහල/වාර්තා)

ස්ථිර පදිංචිය හිමිවීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා තිබූ වසරක කාලය, වසර 4 ක් දක්වා දීර්ඝ කිරීම, දැඩි ඉංග්‍රීසි පරීක්ෂණය, ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ සැකසුණු නව පරීක්ෂණයක් හඳුන්වා දීම වැනි කරුණු ඇතුළත් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා නව පනත් කෙටුම්පත ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් මෙම සතියේදී කැන්බරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Australian citizenship
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අදාළවන නව නීති වල සියලු විස්තර මෙම සතියේදී ඔස්ට්‍රේලියානු රජය විසින් අනාවරණය කරන බව වාර්තා වේ.

ඒ අනුව ස්ථිර පදිංචිය හිමිවීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා තිබූ වසරක කාලය, වසර 4 ක් දක්වා දීර්ඝ කිරීම, දැඩි ඉංග්‍රීසි පරීක්ෂණය, ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ සැකසුණු නව පරීක්ෂණයක් හඳුන්වා දීම වැනි කරුණු ඇතුළත් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා නව පනත් කෙටුම්පත ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton විසින් මෙම සතියේදී කැන්බරා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහු මෙම පනත පිළිබඳ කම්කරු පක්ෂයට ද පැහැදිලි කළ බවත් එය සම්මත කරගැනීමට සහය දක්වන ලෙස ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

“වර්තමානයට ඔබින විදියට මෙම වෙනස්කම් රජය විසින් සිදු කරලා තිබෙනවා. ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වනවානම් අනිවාර්යෙන්ම ඔවුන් මේ රටේ වටිනාකම් සහ සංස්කෘතිය, නීතිය  තේරුම් ගත යුතුයි, ඒවාට ගරු කළ යුතුයි.” ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ඊයේ (11/06) කැන්බරා නුවරදී මාධ්‍යවේදීන් හට ප්‍රකාශ කළේය.

ස්ථිර පදිංචිය හිමිවීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා තිබූ වසරක කාලය, වසර 4 ක් දක්වා දීර්ඝ කිරීම මෙම වෙනස්කම් හි ප්‍රධාන කරුණ වෙයි.

පුරවැසිභාවය ලබා ගැනීමට පෙර තමන් රැකියාවක් සොයා ගැනීම සහ දරුවන්ව පාසල් අධ්‍යාපනයට යොමු කිරීම වැනි අත්‍යවශ්‍ය සාධක සම්පූර්ණ කරගැනීමට මෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවන රිද්මය අවබෝධ කරගැනීමට ද ප්‍රමාණවත් තරමේ කාලයක් ලබා දීම එහි අරමුණ වන බව රජය පෙන්වා දෙයි.

පුද්ගලෙයකු හට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේදී අදාළ පුද්ගලයා එයට ඇත්තෙන්ම සුදුසුද නැතිද යන්න එම පසුබිම හරහා රජයට දැනගැනීමට හැකිවන බවද අමාත්‍ය Peter Dutton පැවසීය.

අනෙකුත් බටහිර රටවල් සමග සැසඳීමේ  දී පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සිටිය යුතු කාලය වසර 4 ක් වීම ඉතා කෙටි බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන නීති වෙනස් කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් බව මීට මාස කිහිපයකට පෙර අගමැති මැල්කම් ටර්න්බුල් විසින් නිල වශයෙන් ප්‍රකශ කළ අයුරු.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන චරිතය මැනීමේ පරීක්ෂණ වලින් යම් අයෙකු අසමත් වුවහොත් අදාළ පුද්ගලයා හට පුරවැසිභාවය ලබා නොදෙන අතර ඔහු හෝ ඇය යම් අපරාධයකට හෝ සාහසික වරදකට  සම්බන්ධ නම් ඔවුන්ට කිසිසේත්ම ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි නොවනු ඇති බවද අමාත්‍ය Peter Dutton පැවසීය.

මේ පිළිබඳ වූ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට යාමට පෙර මෙම නව පනත් කෙටුම්පත ඔස්ට්‍රේලියානු සෙනට් කමිටුවට වැඩි දුර විමර්ශනය සඳහා යැවීමට නියමිතය.

මෙම නව පනත සම්මත කරගැනීමට කම්කරු පක්ෂයේ සහය තමන් අපේක්ෂා කරන නමුත් යම් හෙයකින් ඔවුන් මෙයට විරුද්ධ වුවහොත් පනත සම්මත කරගැනීමට ස්වාධීන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවකට එළඹීමට සූදානම් බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now