2021 ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය නිකුත් වෙයි, ඔස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාවට ලැබුණු තැන් මෙන්න (SBS සිංහල/ වාර්තා)

2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට ලෝකයේ රටවල් 167 ක පාලන ක්‍රම සැලකිල්ලට ගෙන තිබේ.

2021 Democracy Index released, here are the places Australia and Sri Lanka got it

Source: AAP, Facebook

පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජීවත් වන්නේ ලෝක ජනගහනයෙන් 6.6% ක් පමණක් බවත් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඒකාධිපති පාලන යටතේ ජීවත් වන බවත් හෙළිවෙයි.

ඉකොනොමිස්ට් බුද්ධි ඒකකයේ (EIU) 2021 ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය මේ බව අනාවරණය කර ඇත.


Highlights

  • 2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට අනුව ලොව ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රට ලෙසට හඳුනාගෙන ඇත්තේ නොර්වේ රාජ්‍යය වේ
  • ඔස්ට්‍රේලියාවට 9 වන ස්ථානය හිමිවී ඇත.
  • 2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයයේ ශ්‍රී ලංකාවට 67 වන ස්ථානය හිමිවී තිබේ.

2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය

2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට ලෝකයේ රටවල් 167 ක පාලන ක්‍රම සැලකිල්ලට ගෙන තිබේ.

එහිදී ඔස්ට්‍රේලියාවට 9 වන ස්ථානය හිමිවී ඇති අතර 2020 වසරේද එම ස්ථානයම හිමිවිය.

ස්විට්සර්ලන්තය ද ඔස්ට්‍රේලියාව සමග මෙවර 9 වැනි ස්ථානය ගෙන තිබේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට අනුව ලොව ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රට ලෙසට හඳුනාගෙන ඇත්තේ නොර්වේ රාජ්‍යය වේ.

අසල්වැසි නවසීලන්තය මෙවර දර්ශකයේ දෙවැනි තැනටත් ෆින්ලන්තය තුන්වන තැනටත් පත්ව ඇත.

ස්වීඩනය හා අයිස්ලන්තය මෙවර දර්ශකයේ පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථාන අත්කරගෙන සිටී.

ලොව ප්‍රධාන බලවතුන් ලෙස ක්‍රියාකරන එක්සත් රාජධානිය 2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයේ 18 වන තැනට පත්ව ඇති අතර ඇමෙරිකාව 26 වන තැනට පත්ව ඇත.
Democracy Index 2021.
شاخص دموکراسی ۲۰۲۱ Source: EUI

ශ්‍රී ලංකාවට හිමි තැන

2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයයේ ශ්‍රී ලංකාවට 67 වන ස්ථානය හිමිවී තිබේ.

මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ඇත්තේ Flawed democracy හෙවත් දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදයකි.

එයින් අදහස් කරනුයේ මැතිවරණ නිදහස් හා සාධාරණව පැවතියද මූලික සිවිල් අයිතිවාසිකම්වලට ගරු කළද ප්‍රජාතන්ත්‍රවාදී පාලනක්‍රමයේ ගැටළු ඇති බවය.

2020 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයයේ ශ්‍රී ලංකාව 68 වන ස්ථානයේ පසුවුණු අතර එවරද වර්ග කර තිබුණේ Flawed democracy හෙවත් දෝෂ සහිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක් ලෙසය.
democracy_index_charts_v2_top_10.jpg

2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයයේ පහළම සිටින රටවල

මෙවර EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයයේ පහළම සිටින රට ලෙසට ඇෆ්ගනිස්ථානය පත්ව ඇති අතර එම ස්ථානය 167 වේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග එරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ගැටළු මතුවන්නට විය.

මෙවර දර්ශකයේ ඇෆ්ගනිස්ථානයට ඉහළින් ඇත්තේ එනම් 166 වන ස්ථානයට පත්ව ඇත්තේ මියන්මාරය වේ.

මියන්මාරයේ හමුදා පාලනය සහ ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මියන්මාරයට මේ තත්ත්වය උදාවී තිබෙන බව සඳහන්.

ලොව ප්‍රජාතන්ත්‍රවාදය පහළම මට්ටමේ පවතින රටක් ලෙස ප්‍රසිද්ධියට පත් උතුරු කොරියාව ඇත්තේ ඇෆ්ගනිස්ථානයට සහ මියන්මාරයට වඩා ඉහළිනි.

එනම් මෙවර EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයයේ උතුරු කොරියාවට 165 වන ස්ථානය හිමිවී තිබේ.

එම රටවල ත්‍රිත්වයේම ඇත්තේ Authoritarian හෙවත් අධිකාරී බලයක් ලෙස සඳහන්.

2021 EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයයේ චීනයට හිමිවී ඇති ස්ථානය පිළිබඳවද මේ වන විට දැඩි කතබහක් ඇතිවී තිබේ.

මෙවර දර්ශකයේ චීනයට හිමිව ඇත්තේ 148 වන ස්ථානය වන අතර චීනයේ ඇත්තේ Authoritarian හෙවත් අධිකාරී බලයක් බවට හඳුනාගෙන තිබේ.

පසුගිය වසරේ චීනයට මේ දර්ශකයේ හිමිව තිබුණේ 151 වන ස්ථානය බව වාර්තා වේ.
The worst ranked countries.
ده استبدادی‌ترین رژیم جهان Source: EIU

රටවල 34 ක දෙමුහුන් පාලන ක්‍රමයක්

මෙවර EIU ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයයට අනුව ලෝකයේ රටවල 34 ක hybrid regimes හෙවත් දෙමුහුන් පාලන ක්‍රමයක් ඇති බවට අනාවරණය කර තිබේ.

බංග්ලාදේශය, ෆීජි, හොංකොං, මොරොක්කෝ, නේපාලය සහ තුර්කිය මෙම ඛාණ්ඩයට ඇතුළත් වේ.



Share

Published

Updated

By Akash Arora, Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service