ඔස්ට්‍රේලියාවේ බොහෝ තරුණ වැඩිහිටි පිරිස් දෙමාපියන්ගෙන් මිදී ජීවත්වීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක්. (SBS සිංහල/වාර්තා)

Aussie adults

Source: Getty Images

සාමන්‍යයෙන් තම දරුවන් වැඩිමහලු වූ විට දෙමාපියන් වැඩි ඉඩක් සහිතව තම නිවසේ වඩාත් සුවපහසුවෙන් ගත කිරීමට කැමැත්තක් දක්වයි.

එනිසාම ඔස්ට්‍රේලියාවේ බොහෝ පවුල් වල වැඩිමහලු වූ දරුවන් තම දෙමාපියන්ගේ නිවසින් බැහැරව ස්වාධීනව ජීවත්වීමේ ප්‍රවණතාවක් තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


නමුත් ඔස්ට්‍රේලියාවේ තරුණ වැඩිහිටි පිරිස් ප්‍රමාණාත්මකව ඉහළ යාම නිසා මේ තත්ත්වය තරමක් වෙනස් වෙමින් පවතින බව වාර්තා වේ.

Aussie adults
Source: Pixabay

දෙමාපියන්ගේ නිවසේ ගත කරන තරුණ වැඩිහිටි පිරිස්

1981 වසරේදී වයස අවුරුදු 20 - 24 ත් අතරේ පසුවූ පිරිස් වලින් 36%ක් තම දෙමාපියන්ගේ නිවසේ වාසය කළ බව පවුල් අධ්‍යනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ දත්ත පෙන්වා දෙයි.

නමුත් ඒ ප්‍රමාණය 2016 වසරේදී 43% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම 1981 වසරේදී වයස අවුරුදු 25 - 29 ත් අතරේ පසුවූ පිරිස් වලින් 10%ක් තම දෙමාපියන්ගේ නිවසේ වාසය කළ නමුත් එය 2016 වසරේදී 17% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පවුල් අධ්‍යනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ නවතම දත්ත පෙන්වා දෙයි.

ඊට අමතරව නගර වල ජීවත් වන තරුණ වැඩිහිටි පිරිස්, ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවත් වන තරුණ වැඩිහිටි පිරිස් වලට වඩා තම දෙමාපියන්ගේ නිවෙස් වල ජීවත්වීම බහුලව දක්නට ලැබෙන බව පවුල් අධ්‍යනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ අධ්‍යක්ෂ Anne Hollonds පැවසුවාය.

Aussie adults
Source: Pixabay

තරුණ වැඩිහිටි පිරිස් දෙමාපියන් සමග වාසය කිරීමට හේතු

තරුණ වැඩිහිටි පිරිස් දෙමාපියන් සමග ඔවුන්ගේ නිවෙස් වල වාසය කිරීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් ඇති බව පවුල් අධ්‍යනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය පවසයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල නිවාස වල මිල ගණන් ඉහළ යාම, උසස් අධ්‍යාපනයට වැඩි කාලයක් මිඩංගු කිරීම තරුණ පිරිස් තම දෙමාපියන්ගේ නිවෙස් වලින් බැහැරව ජීවත්වීම ප්‍රමාද කරවන ප්‍රධාන කරුණු බව ඔවුන් පෙන්වා දෙයි.

මේ තත්ත්වය පසුගිය දශක ද්විත්වය තුළම දක්නට ලැබෙන බව වාර්තා වේ.

තරුණ පිරිමින් මෙසේ තම දෙමාපියන්ගේ නිවෙස් වල කලක් ගතවනතුරුම වාසය කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර තරුණ කාන්තාවන්ද තම දෙමාපියන්ගේ නිවෙස් වාසය කිරීමේ ප්‍රතිශතය ශීග්‍රයෙන් ඉහළ යන බවක් දක්නට ලැබෙන බව සඳහන්.

තරුණ කාන්තාවන් පෙරට වඩා තරුණ වයසේදීම විවාහ නොවීම මීට හේතුව බව පවුල් අධ්‍යනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය පවසයි.

Aussie adults
Source: SBS

සංස්කෘතික බලපෑම

ඉහත හේතු වලට අමතරව ඔස්ට්‍රේලියාව තුළ පවතින විවිධ සංස්කෘතික පසුබිම් සහ සම්ප්‍රදායන් ද මෙලෙස තරුණ වැඩිහිටි පිරිස් තම දෙමාපියන්ගේ නිවෙස් වලින් ඉවත්ව ගොස් වෙනම ජීවිත ගත කිරීමට මැලි කමක් දක්වන බවද හෙළිවී තිබේ.

විශේෂයෙන්ම ආසියානු, මැදපෙරදිග, අප්‍රිකානු හෝ නැගෙනහිර යුරෝපානු සංස්කෘතික පසුබිමක් සහිතව ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ තරුණ වැඩිහිටි පිරිස් ඔස්ට්‍රේලියානු, නවසීලන්ත සහ බටහිර යුරෝපානු සංස්කෘතික පසුබිමක් සහිත තරුණ වැඩිහිටි පිරිස් වලට වඩා තම දෙමාපියන් සමීපයේම වාසය කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව සමීක්ෂණ වලින් හෙළිවී ඇත.

Aussie adults
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now