අයවැය පිළිතුරු කතාවේදී විපක්ෂ නායක විසින් කම්කරු ආණ්ඩුවක් ආවොත් සිදුකරනවා යැයි දුන් පොරොන්දු මෙන්න..(SBS සිංහල / වාර්තා)

screen

Source: SBS

වසර 2019 ඕස්ට්‍රේලියානු අය වැය පිළිතුරු කතාව ඊයේ සවස විපක්ෂ නායක Bill Shorten විසින් ඉදිරිපත් කරන ලදී.

මෙහිදී Shorten මහතා ප්‍රකාශ කලේ පිළිකා රෝග සේවාවන් කෙරේ ඩොලර් බිලියන 2.3ක් වෙන් කරන බව . එමගින් දැනට පිළිකා සදහා ගෙවීමට සිදුවන සියලු අතින් වියදම් වන මුදල් ඉතිරි කර ගත හැකිවේ.

 

එසේම වසර 4ක් පිලිකා රෝග වෙයිද්‍ය සේවා bulk billing ක්‍රමයට සැපයීමටද යෝජනා වී තිබේ

පිළිකාව පැතිර යාම නිසා ත් ඒ සදහා පිලියමක් දේශපාලකයෙකු ලෙස දිය නොහැකි නිසා මෙම සහන ලබා දෙන බවත් ඔහු සදහන් කොට තිබේ

එසේම Pharmaceutical Benefits Scheme යටතේ  ස්වාදීන ලෙස ඒ සදහා සුදුසු බවට නම් කරන සියලු ඖෂධ  ඇතුලත් කෙරේ

කම්කරු පක්ෂයේ ප්‍රධාන පොරොන්දු

  • ශක්තිමත් අය වැය අතිරික්තයක්
  • දල ජාතික නිෂ්පාදිතයෙන් 2%ක ආරක්ෂාව සදහා වෙන් කිරීම
  • විශ්ව විද්‍යාල අධ්‍යාපන අවස්ථා 200,000ක්
  • පෙර පාසල් සදහා සතියකට පැය 15ක අනිවාර්ය අවස්ථා 
  • TAFE අධ්‍යාපනය සදහා ඩොලර් බිලියන 1ක් වෙන් කෙරේ , එමගින් 100,000කට මුලික ගාස්තු නොමැතිව TAFE අධ්‍යාපනය ලැබිය හැකි වේ
  • එසේම වත්මන් රජය කප්පාදු කර ඇති පාසල් හා රෝහල් සදහා වන ප්‍රතිපාදන හා NDIS සදහා වන මුදල් ද ලබා  දෙන බවට ඔහු ප්‍රකාශ කලේය 

බදු සහන

රජය යෝජනා කල පරිදිම කම්කරු පක්ෂයද ඩොලර් 48000 සිට ඩොලර් 126,000 දක්වා ආදායම් ලබන පුද්ගලයන්ට බදු සහන ලබා දෙන අතර අඩු ආදායම් ලබීන්ට වඩා වැඩි බදු සහන ලබා දීමට ඩොලර් බිලියනයක් වෙන් කරන බවද පැවසීය

දේශගුණික විපර්යාස පිළිබද වැඩපිළිවෙල

එසේම දේශගුණ විපර්යාසය සදහා පියවර ලෙස සුර්ය බලශක්ති බැටරි භාවිතා කරන නිවෙස් සදහා ඩොලර් 2000ක දීමනාවක්ද, පුනර්ජනනීය බලශක්ති කෙරේ වැඩි අවධානයක් යොදවන බවද සදහන්

එසේම Shorten මහතා තම නියෝජ්‍ය නායිකාව වන Tanya Pilbersek රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරිය බවට පත් කරන බවද පවසා තිබේ

 ************************************************************************************************************

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 


2 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now