ඔස්ට්‍රේලියාවේ අඩුම ආදායමක් ලබන පුද්ගලයින්ටද ජීවන වියදමට සරිලන ආකාරයෙන් තම ජීවිතය ගෙනයාමට හැකි ක්‍රමයක් බිහි කරන බව කම්කරු පක්ෂය පොරොන්දු වී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
අඩු ආදායම් ලාභීන්ගේ පවා අවම වැටුප ඔස්ට්‍රේලියාවේ ජීවන වියදමට සරිලන ආකාරයෙන් සකස් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට කම්කරු පක්ෂය මේ අනුව අපේක්ෂා කරයි.
තමන් එළඹෙන මැයි මාසයේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ජයගතහොත් ඉහත තීරණය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව කම්කරු පක්ෂය පවසයි.

ජීවන වියදමට සාපේක්ෂව අවම වැටුප
තම පක්ෂයේ මෙම "living wage" හෙවත් ජීවන වැටුප් ප්‍රතිපත්තිය නිසා ඔස්ට්‍රේලියාවේ වැඩකරන ජනතාව මිලියන 1.2 කට පමණ සෘජු ප්‍රතිලාභ අත්වන බව කම්කරු පක්ෂ නායක Bill Shorten පැවසීය.
ජීවන වැටුප යන්නෙන් තම පක්ෂය අදහස් කරනුයේ වත්මනයෙදී එදිනෙදා ජීවිතයේදී ජනතාව සිදුකරන වියදම් (නිවාස කුලිය, නිවාස ණය, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වෛද්‍ය ප්‍රතිකාර, අධ්‍යාපන, දුරකතන බිල්පත් ඇතුළු අනෙකුත් බලශක්ති බිල්පත්) දැරීමට සුදුසු වැටුපක් බව කම්කරු පක්ෂ නායක Bill Shorten පෙන්වා දෙයි.

සැලැස්ම
මෙම නව සැලැස්මට අනුව ඔස්ට්‍රේලියාවේ වත්මන් living wage හෙවත් ජීවන වැටුප පිළිබඳ නිසි අගයක් සඳහා අවබෝධය ලබාගැනීම පිණිස Fair Work කොමිසම ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර වලින් සහ සමාජයෙන් අදහස් ලබාගත යුතුය.
එහිදී ජනතාව ගෙවන බදු මුදල්, family tax benefits වැනි කරුණු පිළිබඳව ද ඔවුන් අවධානය යොමු කළ යුතු වේ.
ඉන් අනතුරුව වැටුප් වැඩිකිරීමට අවශ්‍ය ප්‍රමාණය නිර්ණය කර එය ප්‍රයෝගිකව සිදුකරන ආකාරය පිළිබඳ පුළුල් සැලසුමක් සකස් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙහිදී සේවායෝජකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවන්ගේ අදහස් ඉතා වැදගත් බව කම්කරු පක්ෂය පෙන්වා දෙයි.

අවදානම් තත්ත්ව
මේ අතර කම්කරු පක්ෂයේ මෙම සැලසුම ක්‍රියාත්මක කළහොත් එහි ඇති අවදානම පිළිබඳ The Australian Industry Group පෙන්වා දෙයි.
මෙම නව ක්‍රියාවලිය හරහා low-skilled ඛාණ්ඩයේ රැකියා වල නිරතවන්නන්, අර්ධ කාලීන රැකියා වල නිරතවන්නන් සහ තරුණ පිරිස් හට තම රැකියා අහිමිවීමේ වැඩි අවදානමක් ඇති බව ඔවුන් පවසයි.
එමෙන්ම ඉතා සුළු ලාභයක් ලබමින් පවත්වාගෙන යන ඔස්ට්‍රේලියානු ව්‍යාපාර වලටද මේ මගින් ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කරන බව Australian Industry Group හි ප්‍රධාන විධායක Innes Willox පැවසුවාය.
කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ ජීවන වැටුප පිළිබඳ මෙම සැලැස්ම Australian Council of Trade Unions ඉතා අගය කර ඇති අතර ඔස්ට්‍රේලියාවේ වැටුප් සම්බන්ධව ඇති අර්බුදය විසඳීමට මෙය බොහෝ ලෙස ඉවහල් වන බව එහි ලේකම් Sally McManus පැවසුවාය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

