අප්‍රේල් මස 02 වන දින "World Autism Awareness Day" හෙවත් Autism රෝගය පිළිබද දැනුවත් කිරීමේ දිනය ලෙස හැඳින්වේ.
ලොව පවතින ඉතා සංකීර්ණ රෝගී තත්ත්ව අතරින් Autism රෝගය ඉතා ඉහළින්ම සාකච්ඡාවට බඳුන්වන රෝගී තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ගෙවී යන දශකය තුළ ලොව බොහෝ රටවල මේ රෝගී තත්ත්වය වැළඳුනු පුද්ගලයින් ගේ ප්‍රමාණය ක්‍රමිකව වැඩිවෙමින් පවතින බවක්ද අපට දක්නට ලැබේ.

Autism රෝගය යනු කුමක්ද?
Autism spectrum disorder හෙවත් ASD යනු වෙනස් ලෙස මොලය වර්ධනය වීම නිසා ඇතිවන තත්ත්වයක් බව මෙල්බර්න් නුවර Speech Pathologist හෙවත් කථනය පිළිබඳ ව්‍යාධිවේදිනියක් ලෙස කටයුතු කරන රිශ්නි පෙරේරා මෙනවිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
මෙම වෙනස්වීම හේතුවෙන් මේ රෝගී තත්ත්වය තිබෙන දරුවන්ට, තරුණ පිරිස් වලට සහ වැඩිහිටියන්ට අනෙක් පුද්ගලයින් සහ ඔවුන්ගේ පරිසරය සමග කටයුතු කිරීම තරමක් අපහසු වෙයි.
Autism රෝගී තත්ත්වය තිබෙන පුද්ගලයින් දෙදෙනෙකු එකිනෙකා හා සංසන්දනය කිරීමට නොහැකි බවත් රිශ්නි පෙන්වා දෙයි.
ඇතැම් Autism රෝගීන්ට ජීවිත කාලය පුරාවටම අතිරේක සහයක් අවශ්‍ය බවත් ඇතැම් Autism රෝගීන් හට සාමාන්‍ය ස්වාධීන ජීවිතයක් ගත කිරීමට හැකි බවත් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

ඔස්ට්‍රේලියාවේ Autism රෝගය පැතිරී ඇති අයුරු
ඔස්ට්‍රේලියාවේ ගෙවී යන දශකය තුළ Autism රෝගය ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින අයුරු සෞඛ්‍ය දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යයි.
වසර 2015 වන විට ඔස්ට්‍රේලියාවේ Autism රෝගීන් 164,000 ක් පමණ හඳුනාගෙන තිබූ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත පෙන්වා දෙයි.
වසර 2012 සිට Autism තත්ත්වය ඇති ඔස්ට්‍රේලියානුවන් 42.1% කින් වර්ධනය වී ඇති බවද එම වාර්තා අනාවරණය කරයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ හඳුනාගත් සෑම Autism රෝගය ඇති පුද්ගලයින් 5 දෙනෙකුගෙන්ම 4 දෙනෙකු පිරිමින් බවද හඳුනාගෙන තිබේ.
නමුත් ඊට නිසි හේතුව තවමත් අනාවරණය කරගෙන නොමැති බව රිශ්නි පෙරේරා මෙනවිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ Autism රෝගය හා සබැඳි පහත දත්තද විශේෂ අවධානයක් ගනී.
- ඔස්ට්‍රේලියාවේ Autism රෝගය ඇති 3/4 කට වඩා වැඩි පිරිසක් වයස අවුරදු 5 - 24 අතරේ පසුවෙයි.
- එම ප්‍රමාණයෙන් 2/3 ක් පමණ බරපතල ආබාධිත තත්ත්ව වලට මුහුණ පා සිටියි.
- ඔස්ට්‍රේලියාවේ Autism රෝගය ඇති පුදගලයින්ගෙන් 3/4 කට පමණ බුද්ධිය හා හැගීම් සම්බන්ධ ක්‍රියා සඳහා අතිරේක සහය අවශ්‍ය බව පැවසෙයි.
- ඔස්ට්‍රේලියාවේ Autism රෝගය ඇති පුදගලයින්ගෙන් අඩකට පමණ සන්නිවේදන ක්‍රියා සිදුකිරීමට අතිරේක සහය අවශ්‍ය වෙයි.
- Autism රෝගය ඇති දරුවන් 5 දෙනෙකුගෙන් 4 දෙනෙකු හටම පාසල් වලදී විවිධ ගැටළු වලට මුහුණ පෑමට සිදුවෙයි.

Autism රෝගය ඇතිවීමට බලපාන සාධක
මොළය වර්ධනය වීමේ සහ ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇතිවීම Autism spectrum disorder ඇතිවීමට ප්‍රධානතම හේතුව ලෙස මෙල්බර්න් නුවර Speech Pathologist රිශ්නි පෙරේරා මෙනවිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
ඇතැම් පුද්ගලයින්ගේ එම වෙනස්වීමට හේතුව ජානමය වෙනස්කමක් බවත් එම ජානය නිශ්චිත වශයෙන් කුමක්ද යන්න තවමත් සොයාගෙන යන බවත් ඇය පැහැදිලි කළාය.
ඇතැම් රෝගීන්ට ගර්භනී කාලයේදී මෙන්ම උපතේදී ඇතිවන යම් යම් බලපෑම්ද හේතුවන බව ඇය පෙන්වා දුන්නාය.
එන්නත් වලින් හෝ Parenting හෙවත් මාපිය කටයුතු හේතුවෙන් Autism රෝගය ඇතිවන බවට සමාජයේ දුර්මතයක් පවතින බවත් එය කිසිසේත්ම එසේ නොවන බවත් රිශ්නි අප සමග පැවසුවාය.

Autism රෝගය හඳුනාගන්නේ කෙසේද?
Autism රෝගය සම්බන්ධ රෝග ලක්ෂණ බොහොමයක් ඇති අතර ඒවායින් ඉතා වැදගත් රෝග ලක්ෂණ පිළිබඳ මෙල්බර්න් නුවර Speech Pathologist රිශ්නි පෙරේරා මෙනවිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේ මේ අයුරිනි.
Autism රෝගයට ඇති ප්‍රතිකාර ක්‍රම
Autism රෝගීන් දෙදෙනෙකු කිසි විටෙක සංසන්දනය කළ නොහැකි බවත් මෙම රෝගී තත්ත්වය එකිනෙකාට වෙනස්වූ ඉතා සංකීර්ණ තත්ත්ව ගන්නා බවත් රිශ්නි අප වෙත පැවසුවාය.
එහිදී ඒ ඒ රෝගීන්ට වෙන්වූ ප්‍රතිකාර ක්‍රම වල ඇති වැදගත්කම ඇය මෙසේ පැහැදිලි කළාය.
Autism රෝගියෙකු රැකබලා ගැනීමේදී සැළකිලිමත් විය යුතු දේවල්
Autism රෝගියෙකු රැකබලා ගැනීම යනු විශාල කැප කිරීමකි.
අදාළ Autism රෝගියාට ලබා දෙන ප්‍රතිකාර ක්‍රම එම දෙමාපියන් හෝ රකබලාගන්නන් නිවසේදී පවා එලෙසම සිදුකළ යුතුය.
මේ තත්ත්වය මානසිකව හා කායිකව ඉතා වෙහෙසකර තත්ත්වයක් නිසාවෙන්ම Autism රෝගය ඇති ළමුන්ගේ දෙමාපියන් අතර දික්කසාද ඇතිවීම, ආතතිය සහ මානසික ගැටළු වැඩි වශයෙන් ඇතිවන බව තම අත්දැකීම් වලින් දැක ඇති බව මෙල්බර්න් නුවර Speech Pathologist රිශ්නි පෙරේරා මෙනවිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
එනිසාම Autism රෝගියාව රැකබලාගන්නා අතරේම තමන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යද රැකබලාගත යුතු බව ඇය පැවසුවාය.

Autism රෝගීන් සම්බන්ධව සමාජය දැක්විය යුතු සහයෝගය
සමාජයක් ලෙස ගත් කල එකිනෙකා වෙනුවෙන් අප සැමටම සමාජ වගකීම් තිබේ.
විශේෂයෙන්ම රෝගී පුද්ගලයින් හමුවේ අපට ඇති සමාජ වගකීම බෙහෙවින් වැඩිය.
Autism රෝගීන් සම්බන්ධව සමාජය දැක්විය යුතු සහයෝගය පිළිබඳ අවසාන වශයෙන් රිශ්නි දැක්වුයේ මෙවැනි අදහසකි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

