පසුගිය දා නවසීලන්තයේ Christchurch නුවර සිදුකළ වෙඩි තැබීමෙන් සිදුවූ මිනිස් සංහාරයත් සමග ලෝකයේ රටවල ගිනි අවි භාවිතය පිළිබඳ නීති පිළිබඳව දැඩිව කතා බහ කිරීමට පටන් ගත්තේය.
නවසීලන්තයේ Christchurch වෙඩි තැබීමේ සිදුවීම ඔස්ට්‍රේලියාවට ඉතා දැඩි ලෙස බලපෑ අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ එම ඝාතකයා ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වීමය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ගිනි අවි නීති ලිහිල් කිරීමට පොරොන්දු වෙමින් One Nation පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඇමෙරිකාවේ ජාතික රයිෆල් සංගමයෙන් මුල්‍යාධාර ඉල්ලූ රහසිගත වීඩියෝවක් මේ සතිය මුලදී ලෝක ප්‍රකට Al Jazeera රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීමත් සමග ඔස්ට්‍රේලියාවේ ගිනි අවි භාවිතය සහ ඒ සම්බන්ධ නීති පිළිබඳ නැවතත් දැඩි සාකච්ඡා ආරම්භ විය.

ඔස්ට්‍රේලියාවේ ගිනි අවි භාවිතය
වසර 1996 තෙක් ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති බලාත්මක කිරීමේ සහ මෙහෙයවීමේ බලය තිබුණේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි වෙතය.
එක් එක් ප්‍රාන්තයේ ගිනි අවි නීති එකිනෙකට වෙනස් විය.
ප්‍රචන්ඩ ක්‍රියා පිළිබඳ ජාතික කමිටුවට අනුව වසර 1990 වන විට ඔස්ට්‍රේලියාව තුළ මිලියන 3.5 ක් පමණ ගිනි අවි තිබිණි.
එනම් සෑම ඔස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකු හටම එක් ගිනි අවියක් බැගින් තිබිණි.
මේ අතර එකළ ගිනි අවි සඳහා බලපත්‍ර ලබා ගැනීම එතරම් බරපතල ලෙස සිදු නොවුණු අතර ඒවා පිළිබඳ සංකීර්ණ ගැටළු තිබිණි.
උදාහරණ ලෙස ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගිනි අවි සඳහා බලපත්‍ර ලබා ගැනීම වෙනස්වූ අතරම බලපත්‍ර ලබාගත යුත්තේ කුමන ගිනි අවි සඳහා ද යන්න පිළිබඳව විවාද ඇතිවන්නට ද විය.
ඇතැම් විට ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි සඳහා ද බලපත්‍ර ලබාගෙන තමන් සන්තකයේ තබා ගැනීමට මහජනතාවට එකල හැකිවී තිබීම එවැනි සංකීර්ණතත්වයට කදිම නිදසුනකි.

Port Arthur මිනිස් සංහාරය
එම පැරණි නීති සියල්ලක්ම එකවර වෙනස් වන්නට විය.
ඊට ප්‍රධානතම හේතුව වුයේ 1996 වසරේ Port Arthur හිදී සිදුවූ මිනිස් සංහාරය වෙයි.
Martin Bryant නැමත්තා විසින් එහිදී මිනිසුන් 35 ක් වෙඩි තබා මරා දැමූ අතර තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලැබීය.
ඒ සඳහා යුධ රයිෆල් 2 ක් භාවිත කර තිබුණි.
Port Arthur මිනිස් සංහාරයෙන් පසුව එවකට ඔස්ට්‍රේලියානු අගමැතිව සිටි John Howard ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති මුළුමනින්ම සංශෝධනය කිරීමට පෙළඹිණි.
එහිදී ඔහු National Firearms Agreement හෙවත් ජාතික ගිනි අවි ගිවිසුමක් නිර්මාණය කිරීමට යෝජනා කළේය.
නමුත් එවකට සිටි ඇතැම් ප්‍රාන්ත හා ටෙරටරි විපක්ෂ මෙන්ම බොහෝ ගිනි අවි හිමියෝ ඊට විරුද්ධ වූහ.
නමුත් Port Arthur මිනිස් සංහාරය සිදුවී දින 12 කට පසුව එය සම්මත විය.

ඉන් අනතුරුව එවකට ඔස්ට්‍රේලියානු අගමැතිව සිටි John Howard, Sale හි පැවති ගිනි අවි පාලනය කිරීමේ රැළියක් ඇමතුවේය.
එහිදී ඔහු වෙඩි නොවදින කබායක් හැඳගෙන එම රැස්වීම අමතන්නට විය.
ඔස්ට්‍රේලියානු පොළොවේ ඔස්ට්‍රේලියානු අගමැතිවරයෙකු වෙඩි නොවදින කබායක් හැඳගෙන රැස්වීමක් පැවැත්වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙස එය වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ ගිනි අවි නීති
ඔස්ට්‍රේලියාවේ ගිනි අවි ළඟ තබාගැනීම 1996 දී සම්මතවූ National Firearms Agreement හෙවත් ජාතික ගිනි අවි ගිවිසුමට අනුව සිදුවේ.
එම ගිවිසුමට අනුව ස්වයංක්‍රීය, අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි, self-loading සහ pump action shotguns මෙන්ම ඇතැම් handguns ද පුදගලිකව ළඟ තබා ගැනීම තහනම් කෙරිණි.
යමෙකුට ගිනි අවියක් ළඟ තබා ගැනීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේදී ඊට සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ යුතුය.
ගිනි අවි හිමියන්ට තමන් සන්තකයේ තබාගත හැකි ගිනි අවි සංඛ්‍යාව අදාළ බලපත්‍රයේ සඳහන් වන අතර ඒ සඳහා උණ්ඩ මිලදී ගැනීමට නිශ්චිත කාලයක් සඳහා සීමා කර ඇත.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ගිනි අවි සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් කරන අයදුම්කරුවෙකු ඊට පෙර මිනීමැරීම් සිදු කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන පරීක්ෂණ සඳහා මෙන්ම මානසික සෞඛ්‍ය, ශාරීරික, විවිධ ඇබ්බැහි වීම්, ගෘහස්ථ හිංසනය, පදින්චිභාවය සහ අනෙකුත් පරීක්ෂණ සඳහා මුහුණ දිය යුතු වෙයි.
තමන්ගේ බලපත්‍ර කාල සීමාව අවසන් වූ පසුව ඒවා සඳහා නැවත අයදුම් කිරීමට හෝ ඒවා නැවත අලුත් කරගැනීමට ගිනි අවි හිමියන්ට සිදුවේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

