2019 නොවැම්බර් සිට ක්‍රියාත්මක කෙරෙන නව Regional Visa පිළිබද සම්පූර්ණ විස්තරේ මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australian New Regional Visas

Australian New Regional Visas Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වීසා වැඩසටහන සඳහා සංශෝධන කිහිපයක්ම පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කළේය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese


 

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීමේ අරමුණින් මෙම සංශෝධන ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට නිපුණතා සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ පවුල් වල උදවිය යොමු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

ඒ සඳහා නව Regional Visas හෙවත් ප්‍රාදේශීය වීසා වර්ග ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි.

Australian New Regional Visas
Source: Department of Home Affairs

නව Regional Visa

මෙම නව Regional Visa අදාළ වන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට සහ සේවය කිරීමට අවශ්‍ය නිපුණතා සංක්‍රමණිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට පමණි.

2019 වසරේ නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම නව Regional Visa පහත පරිදි ප්‍රධාන ඛාණ්ඩ 2 කි.

  • Skilled Employer Sponsored Regional (Provisional) visa

     ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක ක්‍රියාත්මක සේවයෝජකයෙකුගේ අනුග්‍රහය යටතේ මේ සඳහා අයදුම් කළ හැකිය.

  • Skilled Work Regional (Provisional) visa

     අදාළ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ නිර්දේශය මත හෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීමට සහ සේවය කිරීමට සුදුසුකම් ලැබූ පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම මත මේ සඳහා අයදුම් කළ හැකිය.

මෙම නව Regional Visa හිමිවූවන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කළ යුතු අතරම එම කලාප වල සේවය කළ යුතුද වේ.

වසර 5 ක් දක්වා වූ වලංගු කාලයකට මෙම වීසා හිමිවනු ඇත.

එමෙන්ම මෙම නව Regional Visa හිමි පුද්ගලයින්ට අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

මෙම නව Regional Visa සඳහා එම ස්ථිර පදිංචි වීසා වැඩසටහන 2022 නොවැම්බර් මාසයේදී ආරම්භ වේ.

එහිදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා තමන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් සේවය කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුවේ.

çLarge Group of Diverse People with Different Occupations (Getty Images)
Source: Getty Images

ප්‍රතිලාභ

මෙම නව Regional Visa හරහා නිපුණතා සංක්‍රමණිකයින්ට මෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල නියුතු ව්‍යාපාර හා සේවායෝජකයින්ට ද විශාල ප්‍රතිලාභ අත්වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත වීමට අපේක්ෂා කරන නිපුණතා සංක්‍රමණිකයින්ට මේ හරහා අමතර ලකුණු ප්‍රමාණයක්ද පිරි නැමෙයි.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට අදාළ වෘත්තීය ලැයිස්තුවට වෘත්තීන් 450 කට අධික සංඛ්‍යාවක් මේ වන විට ඇතුලත් කර තිබීම නිසා නිපුණතා සංක්‍රමණිකයින්ට පුළුල් අවස්ථා හිමිවීමක් සිදුව තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප සඳහා අයදුම් කරන නිපුණතා සංක්‍රමණිකයින්ගේ වීසා අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධානය යොමු කර ඇති බවද වාර්තා වේ.

Australian New Regional Visas
Source: Flickr

ප්‍රාදේශීය විශ්ව විද්‍යාල වලින් පිටතට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට ද අමතර විකල්ප

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය විශ්ව විද්‍යාල හෝ අධ්‍යාපන ආයතන වලින් පිටතට පැමිණෙන උපාධිධාරීන්ට තම Temporary Graduate visa සඳහා අමතර වසරක කාලයක් ලබාදීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි.

ඒ සඳහා පහත සුදුසුකම් ඔවුන් විසින් සැපිරිය යුතුය.

  • ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය විශ්ව විද්‍යාල හෝ අධ්‍යාපන ආයතන වලින් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් තිබීම.
  • තමන්ගේ පළමු Temporary Graduate (subclass 485) visa ලබා තිබියදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කර තිබීම.

Temporary Graduate (subclass 485) visa සඳහා මේ වන විට වසර 2ක කාලයක් ලබාදෙන අතර එහිදී ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ වාසය කරමින් පූර්ණ කාලීනව රැකියා කිරීමට අවස්ථාව සැලසෙයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කලාප වන මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බර්න්, පර්ත් සහ ගෝල්ඩ් කෝස්ට් යන කලාප වලින් බැහැරවූ සියලු කලාප ප්‍රාදේශීය කලාප ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නම් කර තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


4 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

2019 නොවැම්බර් සිට ක්‍රියාත්මක කෙරෙන නව Regional Visa පිළිබද සම්පූර්ණ විස්තරේ මෙන්න. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala