කිරි පිටි පිළිබඳ පසුගිය සමයේදී ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනාත්මක කතාබහක් මතු විය.
විශේෂයෙන් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවලින් ශ්‍රී ලංකාවට ගෙන්වන කිරිපිටි වල සත්ත්ව තෙල් සහ අනෙකුත් අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට බරපතල ප්‍රකාශ ශ්‍රී ලංකා සමාජය තුළ සාකච්ඡාවට බඳුන් විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
කිරි නිෂ්පාදනය පිළිබඳ කතාබහ කරන විට ඔස්ට්‍රේලියාවටද හිමිවන්නේ ලෝකයේ සුවිශේෂී ස්ථානයකි.
"ඔස්ට්‍රේලියාවේ වතුර වලට වඩා කිරි ලාබයි" යන කියමන ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රසිද්ධ කියමනකි.
ඊට හේතුව එඅන්නේ ඔස්ට්‍රේලියාවේ පානීය ජලය ලීටරයකටත් වඩා අඩු මිලකට නැවුම් කිරි ලීටරයක් මිලට ගත හැකි වීමය.
ඔස්ට්‍රේලියාවේ කිරි නිෂ්පාදනය සහ කිරි කර්මාන්තය පිළිබඳ වැදගත් සහ අප්‍රකට තොරතුරු රැසක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියාවේ කිරි කර්මාන්තයේ ඉතිහාසය
වසර 1788 දී ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයේ ප්‍රථම නාවුක සමුහය (නැව් 11 ක්) පැමිණීමත් සමග කිරි හරක් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට පැමිණි බව වාර්තා වේ.
අමුත් එසේ පැමිණි ප්‍රථම කිරි හරක් රංචු සඳහා ආහාරයට ප්‍රමාණවත් තරමේ සරු තණකොළ සොයාගැනීමේ අභියෝග වලට මුහුණ පෑමට සිදු විය.
මේ අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය ජනපදකරණය කිරීමෙන් අනතුරුව මෙරට කිරි කර්මාන්තය ස්ථාපිත කිරීමේ අදහස කල් දමන්නට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට සිදුවිය.
කිරි සඳහා ගවයින් ඇතිකිරීම වෙනුවට මස් පිණිස ගවයින් විශාල වශයෙන් ඇති කිරීමට ඒ අනුව ඔවුන් පෙළඹිණි.
නමුත් කිරි නිෂ්පාදනය ද සිදුවූ අතර එම කිරි නිෂ්පාදනය දේශීය වෙළෙඳ පොළ ඉලක්ක කරගිනිමින් පමණක් ක්‍රියාත්මක විය.
මන්ද ඒ වන විට ශීතකරණ පහසුකම් නොතිබීම ඊට හේතුව විය.
එනිසාම බොහෝ කිරි නිෂ්පාදනාගාර පාරිභෝගිකයින්ට ඉතා සමීපව පිහිටා තිබුණි.
නමුත් වසර 18 සියවස අග භාගයේදී ශීතකරණ තාක්ෂණය දියුණු වීමත් සමග ඔස්ට්‍රේලියාවේ කිරි කර්මාන්තය වානිජ මට්ටමට පත්වීම ආරම්භ විය.

වර්තමාන ඔස්ට්‍රේලියාවේ කිරි කර්මාන්තය
වර්තමානය වන විට ඔස්ට්‍රේලියාවේ කර්මාන්ත අතරින් කිරි කර්මාන්තය විශාලතම වානිජ කර්මාන්තයක් බවට පත්වී තිබේ.
එය ඔස්ට්‍රේලියාවේ තුන්වන විශාලතම කෘෂිකාර්මික සහ සත්ත්ව පාලන කර්මාන්තය බවට පත්වී ඇත්තේ වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක වටිනාකමක් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට එකතු කරමිනි.
ඊට අමතරව ලොව තුන්වන විශාලතම කිරි නිෂ්පාදන අපනයනය කරන්නා ලෙසද ඔස්ට්‍රේලියාව වාර්තා වන අතර තම නිෂ්පාදන වලින් ඔස්ට්‍රේලියාව 50% ක් අපනයනය කරයි.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ කිරි ගවයින් මිලියන 1.6 ක් පමණ සිටින බව වාර්තා වන අතර එක් කිරි ගව පට්ටියක කිරි ගවයින් 220 ක් පමණ සිටින බවද සඳහන්.
ජාතික වශයෙන් ඔස්ට්‍රේලියාව කිරි ලීටර් බිලියන 9 - 10 ත් අතර ප්‍රමාණයක් නිපදවයි.
ඔස්ට්‍රේලියාවේ කිරි කර්මාන්තය සිදුවන ප්‍රදේශ පහත සිතියමේ දැක්වෙයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කිරි නිෂ්පාදන සහ අපනයන වෙළෙඳ පොළ
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන කිරි නිෂ්පාදන ලෙස නැවුම් කිරි, බටර්, චීස්, කිරි පිටි, යෝගට්, අයිස් ක්‍රීම්, කිරි මෝරු, කැසෙයින් වාර්තා වේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ඒක පුද්ගල කිරි සහ කිරි නිෂ්පාදන භාවිතය පහත පරිදි වෙයි.
- නැවුම් කිරි - ලීටර් 102
- චීස් - කිලෝ ග්‍රෑම් 13
- බටර් - කිලෝ ග්‍රෑම් 4
- යෝගට් - කිලෝ ග්‍රෑම් 7
නවසීලන්තයට සහ යුරෝපයට පමණක් දෙවැනි වන ඔස්ට්‍රේලියාවේ කිරි අපනයනය ලොව තුන්වන විශාලතම කිරි නිෂ්පාදන අපනයනයට හිමිකම් කියයි.
සාමාන්‍යයෙන් ලෝක කිරි අපනයන වෙළෙඳ පොළෙන් ඔස්ට්‍රේලියාව විසින් 10 - 12 % ප්‍රතිශතයකට වගකියනු ලබයි.
ඔස්ට්‍රේලියාවේ කිරි විශාල වශයෙන් අපනයනය කරනුයේ අග්නිදිග ආසියානු කලාපයට වන අතර එය 30% ක පමණ ප්‍රතිශතයකි.
ජපානය ඇතුළු සෙසු ආසියනු රටවලට ඔස්ට්‍රේලියාවේ කිරි විශාල වශයෙන් අපනයනය කරයි.
ඊට අමතරව මැදපෙරදිග කලාපයට මෙන්ම අප්‍රිකාවට සහ අමෙරිකවටද ඔස්ට්‍රේලියාවේ කිරි අපනයනය කරයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

