2019-20 මුදල් වර්ෂය උදෙසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද (02/04) රාත්‍රි 7.30 ට ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානුවාසීන්ට විවිධ සහන ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඒ අතරේ ඔස්ට්‍රේලියානු ජනතාව හට ආදායම් බදු සහන ලබා දීම කෙරෙහි මධ්‍යම රජයේ දැඩි අවධානය යොමුව ඇතැයිද වාර්තා වේ.

වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආදායම් බදු කප්පාදුව
පසුගිය වසරේ මැයි 08 වන දින ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියාවේ 2018/19 මුදල් වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැයෙහි අඩංගු ආදායම් බදු කප්පාදුව මෙවර අය වැය සමගද සම්බන්ධ වෙයි.
එම ආදායම් බදු කප්පාදුව පියවර කිහිපයක් ඔස්සේ වසර 7 ක් පුරාවට ක්‍රියාත්මක වීම ඊට හේතුව වේ.
ඒ අනුව මෙවර අය වැයේදී අඩු සහ මධ්‍යම ආදායම් ලාභී ඔස්ට්‍රේලියානුවාසීන් හට විශේෂ සහන හිමිවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මේ වන විට ඉඟි පළ කර ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය වසරේ ඉදිරිපත් කළ ආදායම් බදු කප්පාදු සැලැස්ම මෙවර අය වැයේදී යම් ආකාරයක සංශෝධනය කිරීමක් සිදුකිරීමට වත්මන් ලිබරල් සන්ධාන රජය සූදානම් බවද මේ වන විට වාර්තා වේ.
පසුගිය වසරේ ජූලි පළමු දින සිට ක්‍රියාත්මක වූ ආදායම් බදු කප්පාදුව හේතුවෙන් වාර්ෂිකව $48,000 - $90,000 අතර ආදායමක් ලබන පුදගල්යින්ට වාර්ෂිකව $530 ක ආදායම් බදු සහනයක් හිමිවිය.
එම බදු සහනය දළ වශයෙන් මිලියන 4.4 ක වැඩ කරන ජනතාවට ලැබුණු බවද සඳහන්.

මෙවර ආදායම් බදු සහනය
මෙවර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් $37,000 - $126,000 අතර වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයින් හට විශේෂ බදු සහනයක් ලබා දීමට වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වන බව වාර්තා වේ.
එම පුද්ගලයින් සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 10 ක වැඩ කරන ජනතාව ලෙස ඇස්තමේන්තු කර තිබේ.
මේ හේතුවෙන් පසුගිය වසරේ ඉදිරිපත් කළ වාර්ෂික ආදායම $90,000 - $120,000 අතර වන පුද්ගලයින්ට එතෙක් බලපෑ 37% ක බදු අනුපාතය වෙනුවට 32.5% ක බදු අනුපාතය ක්‍රියාත්මක කිරීම මෙවර සිදුනොවනු ඇතැයි සඳහන්.
එමෙන්ම මෙතෙක් කලක් වාර්ෂික ආදායම $37,000 දක්වා තිබූ පුද්ගලයින්ට පනවා තිබූ 19% ක ආදායම් බදු ප්‍රතිශතය මෙවර අය වැයේදී වාර්ෂික ආදායම $41,000 දක්වා බලපැවැත්වෙන ලෙස සංශෝධනය කෙරේ.
එනිසාම අඩු අදායම් ලාභී පුදගල්යින්ට $445 සිට $645 දක්වා ආදායම් බදු සහනයක් හිමිවනු ඇතැයි අනාවැකි පළවේ.

පසුගිය වසරේ අය වැයට අනුව වාර්ෂික ආදායම ඩොලර් 20,000 සිට ඩොලර් 1,000,000 දක්වා ආදායම් බදු කප්පාදුව හේතුවෙන් ලැබීමට අපේක්ෂිත ආදායම් බදු සහන පහත පරිදි වේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

