ඔස්ට්‍රේලියාවේ බහුතර රජයක් බිහි කිරීමට ලිබරල් සන්ධානයට හැකිවන ලකුණු.

Australian Federal Election 2019

Source: AAP

පසුගිය සෙනසුරාදා පැවති ඔස්ට්‍රේලියානු මැතිවරණයෙන් බලයේ සිටි ලිබරල් සන්ධානය නැවතත් ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව නොකඩවා තුන්වරටත් ලිබරල් සන්ධානය ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ බලය හිමි කරගැනීමට සමත්වී ඇති අතර Scott Morrison නැවතත් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

මේ වන විට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 76.2% ක් ගණනය කර අවසන් බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට අනුව මෙවර ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන 151 න් මේ වන විට ආසන 75 ක් දිනාගැනීමට ලිබරල් සන්ධානය සමත්වී ඇති අතර කම්කරු පක්ෂය පාර්ලිමේන්තු ආසන 65 ක් දිනා සිටී.

ග්‍රීන්ස් පක්ෂය එක් පාර්ලිමේන්තු ආසනයක්ද ස්වාධීන අපේක්ෂකයින් පාර්ලිමේන්තු ආසන 5 ක්ද මේ වන විට දිනා සිටී.

ඒ අනුව තවත් පාර්ලිමේන්තු ආසන 5 ක අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

කෙස්වෙතත්, ලිබරල් සන්ධානයට තවත් පාර්ලිමේන්තු ආසන 2 ක් හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම වාර්තා කාරයි.

මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ආසන 151 න් අවම වශයෙන් ආසන 76 ක් ලබාගත යුතුය.

නමුත් ආණ්ඩු පක්ෂයෙන් කතානායකවරයා පත් කිරීමෙන් පසුව එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුවට අහිමි වන නිසා බහුතර රජයක් පිහිටුවීම සඳහා අවම ආසන 77 ක් ලබාගත යුතුව තිබේ.

ඡන්ද ගණනය කිරීම තදුරටත් සිදුවෙමින් පවතී.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now