මේ ගෙවී යන ඔක්තෝබර් මාසය ඔස්ට්‍රේලියාව තුළ මානසික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය ක්‍රමිකව වැඩිවී ඇති බැවින් මේ මාසය තුළ ඒ පිළිබද දැනුවත්කිරීම් බොහෝ සෙයින් සිදුවේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔස්ට්‍රේලියාවේ සියදිවි නසා ගැනීම්
2016 වසරේ ඔස්ට්‍රේලියාවේ සියදිවි නසා ගැනීම් 2,866 ක් වාර්තාවූ අතර 2017 වසරේදී එම අගය 3,128 ක් දක්වා ඉහළගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
2016 සිට 2017 දක්වා සියදිවි නසා ගැනීම් වල වර්ධනය 9% කින් ඉහළ ගොස් ඇති බවද සඳහන්.
ඊට අමතරව සියදිවි නසා ගැනීම් අතින් ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ට වඩා පිරිමි පාර්ශවය තුන්ගුණයක් වැඩි බවද ඔවුන් පෙන්වා දෙයි.
සාමාන්‍ය මරණ 1000 කට ඔස්ට්‍රේලියාවේ පිරිමින්ගේ සියදිවි නසාගැනීම් 19.1 ක් සිදුවන අතර එය ප්‍රතිශතයක ලෙස ගත් කල 75.1% කි.
එමෙන්ම සාමාන්‍ය මරණ 1000 කට ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ සියදිවි නසාගැනීම් 6.2 ක් සිදුවන අතර එය ප්‍රතිශතයක ලෙස ගත් කල 24.9% කි.

ප්‍රාන්ත වශයෙන් ගත් කල
සියදිවි නසා ගැනීමේ සංඛ්‍යාත්මක අගයන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වශයෙන් සැලකු විට පසුගිය වසරේ ඉහලම සියදිවි නසා ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙනි.
එම අගය 880කි.
804 ක සිය දිවි නසා ගැනීම් වාර්තා කරමින් ක්වීන්ස්ලන්තය දෙවැනි තැනට පත්වී ඇති අතර 621 ක සිය දිවි නසා ගැනීම් වාර්තා කරමින් වික්ටෝරියානු ප්‍රාන්තය තුන්වන තැනට පත්වී ඇත.
Northern Territory, Australian Capital Territory සහ ටස්මේනියාව යන ප්‍රාන්ත අඩුම සියදිවි නසාගැනීම් සංඛ්‍යාවක් පසුගිය වසරේ වාර්තා කර ඇති අතර ඒවා පිළිවෙලින් 51, 58 සහ 80 බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ සියදිවි නසාගැනීම්වල සාරාංශය
- ඔස්ට්‍රේලියාවේ පිරිමින්ගේ මරණ වලට හේතු වන දසවන සාධකය සිය දිවි නසාගැනීම් වේ.
- වාර්ෂිකව මාර්ග අනතුරුවලින් මියයන පිරිමින්ට වඩා සිය දිවි නසාගැනීම් වලින් ඔස්ට්‍රේලියාවේ පිරිමින් මිය යයි.
- ඔස්ට්‍රේලියාවේ සිය දිවි නසාගැනීම් වලින් 75% කම මරණ පිරිමි පාර්ශ්වයේ මරණ වේ.
- වයස අවුරුදු 15 - 44 අතර පිරිමින්ගේ මරණ වල ප්‍රධානතම සාධකය වී ඇත්තේ සිය දිවි නසාගැනීම්ය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

