ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයින් සම්බන්ධව වාර්ෂිකව පළ කෙරෙන 2018 Overt Power ලැයිස්තුව පසුගියදා එළිදැක්විණි.
Australian Financial Review පුවත්පත විසින් මෙහෙයවන මෙම ලැයිස්තුවේ මෙවර ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයා බවට වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison තේරී පත්වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයින් සම්බන්ධ ලැයිස්තු දෙකක්.
ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයින් සම්බන්ධ ලැයිස්තු දෙකක් වාර්ෂිකව Australian Financial Review පුවත්පත විසින් ප්‍රසිද්ධියට පත් කරයි.
OVERT POWER LIST (බලසම්පන්න පුද්ගලයින්ගේ විවෘත ලැයිස්තුව) සහ COVERT POWER LIST (බලසම්පන්න පුද්ගලයින්ගේ සංවෘත ලැයිස්තුව) එම ලැයිස්තු ද්විත්වය වේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
විවෘත ලැයිස්තුවේ සිටින පුදගලයින්ගෙන් කොපමණ ප්‍රතිශතයක ආභාසයක් ලබනවාද යන්න මත සංවෘත ලැයිස්තුව සකස් කෙරෙන බව Australian Financial Review පුවත්පත පවසයි.
2018 ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයින්ගේ විවෘත ලැයිස්තුවේ පළමුවැන්නා අගමැති Scott Morrison වන විට දෙවැන්නා විපක්ෂ නායක Bill Shorten බවට පත්වී තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මෙවර ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයින්ගේ විවෘත ලැයිස්තුවෙන් එළියට විසිවී තිබේ.
නමුත් ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Tony Abbott මෙවර ලයිස්තුවේ 9 වන ස්ථානයට පත්ව ඇත.
2018 ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයින්ගේ සංවෘත ලැයිස්තුවේ පළමුවැන්නා ලෙස භාණ්ඩාගාරික ලේකම් Philip Gaetjens පත්ව ඇති අතර එහි දෙවැනි තැන David Gazard, Stuart Robert, Alex Hawke, Ben Morton, Scott Briggs යන අගමැති Scott Morrison ගේ මිතුරන්ට හිමිව තිබේ.

2018 ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයින්ගේ විවෘත ලැයිස්තුව
1. Scott Morrison - Prime Minister
2. Bill Shorten - Opposition Leader
3. Josh Frydenberg - Treasurer
4. Kenneth Hayne - Banking royal commissioner
5. Mathias Cormann - Finance Minister
6. Sally McManus - ACTU secretary
7. Peter Dutton - Home Affairs Minister
8. Chris Bowen - shadow treasurer
9. Tony Abbott - former prime minister
10. Susan Kiefel - First woman Chief Justice

2018 ඔස්ට්‍රේලියාවේ බලසම්පන්නම පුද්ගලයින්ගේ සංවෘත ලැයිස්තුව
1. Philip Gaetjens - Treasury Secretary
2. David Gazard, Stuart Robert, Alex Hawke, Ben Morton, Scott Briggs - Friends of Scott Morrison
3. Martin Parkinson - Secretary of Prime Minister and Cabinet
4. Ray Hadley, Alan Jones, Rupert Murdoch and Sky After Dark commentators - Right-wing media
5. Michael O'Connor- CFMMEU national secretary
6. Nick Warner - Intelligence chief
7. John Howard - former prime minister
8. Rod Sims - ACCC chairman
9. Ian Silk - Australian Super CEO
10. Ben Oquist and Richard Dennis - The Australia Institute
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

