ඔස්ට්‍රේලියාවේ බලශක්ති වියදම්, ළමා සුරැකුම් වියදම් සහ නිවාස මිල ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිල දර්ශක අගයන්ට වඩා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සභාව පවසයි.
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම සම්බන්ධව ඔවුන් අද (12/10) නිකුත් කළ වාර්තාවේ මේ බව අනවරණය කොට ඇත.

ඒ අනුව පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාරිභෝගික භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ ගිය ප්‍රතිශත පහත පරිදි එම වාර්තාවේ දක්වා ඇත.
- විදුලිය මිල - 10.4% කින් ඉහළට
- ගෑස් මිල - 7.1% කින් ඉහළට
- ළමා සුරැකුම් වියදම් - 6% කින් ඉහළට
- ගමනාගමන වියදම් - 5% කින් ඉහළට
- නිවාස මිල - 3% කින් ඉහළට
- සෞඛ්‍ය වියදම් - 3% කින් ඉහළට
- අධ්‍යාපනික වියදම් - 2.7% කින් ඉහළට
මෙලෙස ඉහළ ගිය ජීවන වියදමට ජනතාවට මුහුණ දිය හැකි අන්දමේ වාතාවරණයක් සැකසීමට ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති සභාව විවිධ සංශෝධන හා යෝජනා ඉදිරිපත් කර තිබේ.

ජීවන වියදමට මුහුණ දෙන්න ඉදිරිපත් කළ යෝජනා
- ජීවන වියදමට සරිලන ලෙස වැටුප් ආකෘතියක් සකස් කිරීම.
- රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම.
- සේවකයින් අනියුක්ත කිරීමේදී ආර්ථික වාසි උදෙසා හෙට්ටු කිරීම් නැවත්වීම.
- විරැකියා අනුපාතය අවම කිරීමට රැකියා ක්ෂේත්‍රයේ නීති සංශෝධනය කිරීම.

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම
ඔබ ඔස්ට්‍රේලියාවේ වාසය කරනවා නම් ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම පිළිබඳ අනිවාර්යෙන්ම දැන සිටීම ඉතා වැදගත්ය.
ඒ අනුව ඔබේ වියදම් පාලනය කිරීමට හැකි වන අතරම ඔබට අවශ්‍ය ආදායම පිළිබඳවද වැටහීමක් ඔබට ලබාගැනීමට හැකිවනු ඇත.
ඔස්ට්‍රේලියානු රජයේ study in australia වෙබ් අඩවියට අනුව මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වියදම් අගයන් වාර්තා වන්නේ පහත අයුරිනි.
- නේවාසිකාගාර සහ හෝටල් කාමර - සතියකට $90 - $150
- හවුලේ සිටින විට නිවාස කුලිය - සතියකට $85 - $215
- නිවාස කුලිය - සතියකට $165 - $440
- ආහාර පාන වියදම් - සතියකට $80 - $280
- ගෑස් සහ විදුලිය බිල් - සතියකට $35 - $140
- දුරකථන හා අන්තර්ජාල ගාස්තු - සතියකට $20 - $55
- පොදු ප්‍රවාහන ගාස්තු - සතියකට $15 - $55
- මෝටර් රථ වියදම් - සතියකට $150 - $260

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මේ වන විට ඔස්ට්‍රේලියාවේ වසරක් ජීවත්වීමට එක් අයෙකු සඳහා අවම වශයෙන් $20,290 ක් වැය වන අතර ඔබට සහකරුවෙකු හෝ සහකාරියක් සිටිනවානම් එම මුදලට තවත් $7,100 ක් එකතුවේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
ඔබට දරුවන් සිටීනම් එක් දරුවෙකු හට ඩොලර් 3,040 ක මුදලක් එකතු වනු ඇත.

