ඔස්ට්‍රේලියාවේ වඩාත් දෝෂ දර්ශනයට ලක්වූ බද්දක් වන කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ වලට පනවා තිබූ GST බද්ද ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
මෙම බද්ද ආර්ථික සදාචාරයට හෝ සමාජ සදාචාරයට පටහැනි බවට පවසමින් කාන්තා කටයුතු සම්බන්ධ ක්‍රියාකාරීහු වසර ගණනාවක සිට මෙය ඉවත් කරන ලෙස රජයට බලපෑම් සිදු කළහ.

කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ මත පැනවූ GST
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තීරණයට අනුව එළඹෙන ජනවාරි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ අලෙවි කරනු ලබන කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ වලට පනවා තිබූ GST බදු ඉවත් කෙරෙනු ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg, ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල භාණ්ඩාගාරික අමාත්‍යවරුන්ව පසුගිය සතියේ මෙල්බර්න් නුවරදී හමුවීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
වසර 2000 දී GST බද්ද හඳුන්වා දුන් දින සිට කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ වලට පනවා තිබූ GST බදු ඉවත් කරන ලෙස ඉල්ලා පුරා වසර 18 ක් ඉල්ලීම් සිදු කිරීමට සිදුවූ බව පාරිභෝගික එකමුතුවන් පවසයි.
කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ වලට GST බදු පනවා ඔස්ට්‍රේලියානු රජය වාර්ෂිකව ඩොලර් මිලියන 30 ක ආදායමක් ඉපයූ බව වාර්තා වේ.
මේ අනුව 2019 ජනවාරි 01 වන දින සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට එම බදු ආදායම අහිමි වනු ඇත.
මිල පහළ යාම
කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ වලට පනවා තිබූ GST බද්ද ඉවත් කිරීමත් සමග එම භාණ්ඩ වල මිල පහළ යනු ඇත.
එමෙන්ම nicotine patches, sunscreen ඇතුළු තවත් සෞඛ්‍ය භාණ්ඩ කිහිපයකටම පනවා තිබූ GST බදු මේ වන විටත් ඉවත් කර තිබේ.
මධ්‍යම රජයේ මෙම නව තීන්දුව හේතුවෙන් මිලයන ගණනක ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් හට සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන බව ඔස්ට්‍රේලියාවේ කාන්තා කටයුතු ඇමතිනිය වන Kelly O’Dwyer පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්
ඔස්ට්‍රේලියානු ජනගහනය පසුගිය අගෝස්තු මාසයේදී මිලියන 25 ඉක්මවූ බව වාර්තා විය.
ඒ අනුව එම සමස්ත ජනගහනයෙන් මිලියන 12 කට තරමක් වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ සමස්ත කාන්තා - පිරිමි ප්‍රතිශතය (කාන්තාවන් 100 දෙනෙකුට සිටින පිරිමින් සංඛ්‍යාව) 98.4% කි.
එම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ අඩුවෙන් කාන්තාවන් වෙසෙන නගරය ලෙස ඩාවින් නුවර වාර්තා වන අතර වැඩියෙන්ම කාන්තාවන් වෙසෙන නගරය ලෙස ඇඩිලේඩ් නුවර වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයෙන් මිලියන 12 කට තරමක් වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටින හෙයින් වන කාන්තා සනීපාරක්ෂක භාණ්ඩ වලට පනවා තිබූ GST බද්ද නිසා එක් කාන්තාවකට දළ වශයෙන් අමතර ඩොලර් 2.46 ක බදු ගෙවීමට සිදුවී ඇති බව සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

