ලෝ ප්‍රකට Times Higher Education සඟරාව මගින් සිදු කරනු ලබන ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 2019 ශ්‍රේණිගත කිරීම පසුගිය සතියේදී එළිදැක්විණි.
එහිදී ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල 200 අතරින් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 6 ක් පල්ලම් බැස ඇති බව අනාවරණය විය.
නමුත් මෙල්බර්න් විශ්ව විද්‍යාලය පමණක් තම ස්ථානය රැකගැනීමට මෙවරද සමත්වී තිබේ.

Times Higher Education ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම
QS World University Rankings සමග එක්ව Times Higher Education ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම ප්‍රථමයෙන් ආරම්භ කරනුයේ 2004 වසරේදීය.
නමුත් එම සභාගයෙන් Times Higher Education 2009 වසරේදී වෙන්වුණු අතර පසුව Times Higher Education සහ QS World University Rankings ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වෙනමම සිදු කරන්නට විය.
ඒ හේතුවෙන් මේ වන විට ලොව පිළිගත් ප්‍රධානතම ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් ද්විත්වය ලෙස මෙම ශ්‍රේණිගත කිරීම් හැඳින්වේ.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
2019 වසරේ Times Higher Education ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම සඳහා ලොව ක්‍රියාත්මක විශ්ව විද්‍යාල 1,250 ක් සම්බන්ධ කරගත් බව එහි නිල වෙබ් අඩවිය පවසයි.
අවධානය යොමු කර ඇති ක්ෂේත්‍ර
- ඉගැන්වීම්,
- පර්යේෂණ,
- දැනුම බෙදා දීම
- ජාත්‍යන්තර මුහුණුවර,
- සමානාත්මතාව,
- සිසුන් මගින් තබන විශ්වාසය,
- ශාස්ත්‍රීයත්වය වැනි ක්ෂේත්‍ර 13 ක්.
ඉරාකය, නේපාලය, ටැන්සානියාව, කසකස්තානය ඇතුළු රටවල් 86 ක විශ්ව විද්‍යාල ප්‍රථම වරට Times Higher Education ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම මෙවර නියෝජනය කිරීමද සුවිශේෂී සිදුවීමකි.

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ සාරාංශය

ආසියානු කලාපයෙන් ප්‍රථම ස්ථානය ලැබූ විශ්ව විද්‍යාලය ලෙස චීනයේ Tsinghua විශ්ව විද්‍යාලය තේරී පත්ව ඇති අතර එය මෙවර Times Higher Education ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ 22 වන ස්ථානයට පත්ව තිබේ.
එමෙන්ම මෙවර Times Higher Education ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ වැඩිම විශ්ව විද්‍යාල සංඛ්‍යාවක් නිරූපණය කරනුයේ ඇමෙරිකාව වන අතර දෙවැනි තැන ජපානයටද (103) තෙවැනි තැන එක්සත් රාජධානියට (98) හිමිවී තිබේ.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල
මෙල්බර්න් විශ්ව විද්‍යාලය මෙවර Times Higher Education ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ඉහලින්ම ඇති ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය බවට පත්ව ඇත්තේ 32 වන ස්ථානයට පත්වීමෙනි.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

