ඔස්ට්‍රේලියානු රජයට සුබ සාධන මුදල් ගෙවීමට ඇති සියලු ඔස්ට්‍රේලියනුවන් හට ඒවා නැවත ගෙවනතෙක් රටින් පිටවීම තහනම් කර තිබේ.
මේ වන විට ඔස්ට්‍රේලියනුවන්ගෙන් ඩොලර් මිලියන 800 ක් පමණ මුදලක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අයවිය යුතු බව වාර්තා වේ.

රටින් පිටවීම තහනම් කිරීම
පසුගිය දශකය තුළදී විවිධ අන්දමේ විදෙස් ගමන් තහනම් කිරීම් සහ රටින් පිටවීම් තහනම් කිරීම් පැනවීමට ඔස්ට්‍රේලියානු රජයන් කටයුතු කළේය.
ළමා සංවර්ධන සහයක අරමුදල් සඳහා මධ්‍යම රජයට අය විය යුතුව තිබූ මුදල් නොගෙවූ පුද්ගලයින් හට පසුගිය වසරේ ජුනි මාසයේදී රටින් පිටවීමට තහනම් කෙරිණි.
මේ අතර සුබ සාධන දීමනා මීට පෙර ලැබූවන් මධ්‍යම රජයට නැවත ගෙවිය යුතු මුදල් නොගෙවා සිටින විටදී ද ඔවුන්ට රටින් පිටවීමට තහනම් කිරීමට රජය තීරණය කළේය.

හිමිකම් නොකියූ සුබ සාධන දීමනා
හිමිකම් නොකියන පුද්ගලයින් හට මධ්‍යම රජය ගෙවන ලද සුබ සාධන දීමනා නැවත ගෙවන ලෙස අදාළ පුද්ගලයින්ට රජය දැනුම් දී තිබේ.
එවැනි පුද්ගලයින් මේ වන විට 150,000 කට අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තා වන අතර ඔවුන්ගෙන් එම අය විය යුතු මුදල් අය කරගැනීමට නියෝග 20 ක් පමණ ලබා දී ඇතැයි මානව සේවා අමාත්‍ය Michael Keenan පැවසීය.
ඔස්ට්‍රේලියාව තුළ සුබ සාධන දීමනා සඳහා හිමිකම් නොකියන පුද්ගලයින් හට අතපසුවීමකින් හෝ සුබ සාධන දීමනා ලැබුණහොත් එම මුදල් නැවත රජයට ගෙවීම ඔවුන් සතු යුතුකමක් බවද මානව සේවා අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ වන විට සුබ සාධන දීමනා නිල වශයෙන් ලබමින් සිටින පුද්ගලයින්ට හෝ රජයට අය විය යුතු මුදල් ගෙවමින් සිටින පුද්ගලයින්ට මෙම පනවා ඇති රටින් පිටවීමේ තහනම බල නොපාන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

