ඔස්ට්‍රේලියාවේ වෙසෙන පිරිමි පුද්ගලයින්ගෙන් හරි අඩක් පමණ තම ජීවිත කාලයේ කිනම් අවස්ථාවකදී හෝ පිළිකාවකින් පීඩා විඳින බව නවතම සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සිදු කරන ජාත්‍යන්තර නියෝජිත ආයතනය (IARC) විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ පිළිබඳ සඳහන් වේ.

ඕෂිනියා කලාපයේ වැඩිපුර පිළිකා අවදානම් තත්ත්වයක්
ලොව පුරා වාර්තා වූ පිළිකා රෝග සිදුවීම් අළලා IARC ආයතනයේ Globocan 2018 දත්ත ගබඩාව සකසා ඇති අතර එම දත්ත විශ්ලේෂණයේදී ලොව වැඩිම පිළිකා අවදානම් තත්ත්වයක් ඇති කලාප ලෙස ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හඳුනාගෙන තිබේ.
2018 වසරේදී පිළිකා රෝග හඳුනාගැනීමේ නවතම සිදුවීම් ඔස්ට්‍රේලියාවෙන් 197,876 ක් වාර්තා වූ අතර එයින් 120,034 ක් පිරිමින් බව The Age පුවත් පත වාර්තා කරයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
එම දත්ත වලට අනුව වයස අවුරුදු 75 ට පෙර ඔස්ට්‍රේලියාවේ වෙසෙන පිරිමින්ගෙන් 49.58% කටම පිළිකාවක් වර්ධනය වීමේ සම්භාවිතාවක් ඇති බව අනාවරණය වී ඇත.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන කාන්තාවන්ගෙන් 33.36% කටම පිළිකාවක් වර්ධනය වීමේ සම්භාවිතාවක් ඇති බවද එහිදී හෙළිවී තිබේ.
නමුත් ලෝකය දෙස බැලූ කළ පිරිමි පාර්ශවයට පිළිකා වැළඳීමේ සම්භාවිතාව 22% ක් වන අතර ඔස්ට්‍රේලියාවේ ඒ ප්‍රමාණය දෙගුණයක් බව පෙනී ගොස් ඇත.

සුබදායී පුවතක්
ඔස්ට්‍රේලියාවේ පිළිකා පිළිබඳ ඉහත සඳහන් අසුබ පුවත අතරේ සුබදායී පුවතක්ද වාර්තා වෙයි.
එනම් ඔස්ට්‍රේලියාවෙන් හමුවන සුලබම පිළිකා වර්ගය මාරාන්තික නොවන non-melanoma ඝනයට අයත් සමේ පිළිකා බව IARC ආයතනය පවසයි.
2018 වසරේදී වැනි සිදුවීම් 59,278 අලුතින් වාර්තා වී ඇති අතර එම පිළිකා සෑදී මිය ගිය ප්‍රතිශතය 1.79% ක් වැනි අඩු අගයක් බවද පැවසේ.
ඔස්ට්‍රේලියාවේ පිළිකා වැළඳීමේ ප්‍රවණතාව කෙමෙන් ඉහළ යන විට හෘදයරෝග සහ ආඝාතය වැනි රෝග තත්ත්ව වැළඳීම කෙමෙන් පහත බසින බවක් පෙනෙන්නට ඇති බව ඔස්ට්‍රේලියානු පිළිකා සභාවේ ප්‍රධාන විධායක මහාචාර්ය Sanchia Aranda පැවසුවාය.

මේ අතර සමේ පිළිකා මැඩ පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඩොලර් බිලියන ගණනක වාර්ෂික සෞඛ්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බවද ඇය පෙන්වා දුන්නාය.
මෙලනෝමා නොවන සමේ පිළිකා තත්ත්වයන් යටතේ ඔස්ට්‍රේලියාවේ බහුලතම පිළිකා වර්ග ලෙස සැලකෙන්නේ පියයුරු පිළිකා සහ පුරස්ථිත ග්‍රන්ථි පිළිකා වේ.
2018 වසරේ මේ දක්වා එම පිළිකා වැළඳීමේ නව සිදුවීම් 18,000ක් පමණ වාර්තා වී ඇති බවත් පුරස්ථිත ග්‍රන්ථි පිළිකා අතරින් මේ වසරේ මේ දක්වා 3,290 ක් පමණ මරණයට පත්ව ඇති බවත් සඳහන්.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

