SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාවය ප්‍රමාද වන ප්‍රධාන හේතු මෙන්න. (SBS සිංහල /වාර්තා)

Australian Visas & Citizenship
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් හෙවත් සලකා බැලීමේ කාලය හෙවත් Global visa and citizenship processing times සෑම මාසයකටම වරක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරයි.

මෙහිදී අයදුම්පත් ඉතා සුළු ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති ඔස්ට්‍රේලියානු වීසා සහ අලුතින් අයදුම්පත් සලකා නොබැලෙන වීසා වලට අදාළ සැකසුම් කාලය (processing time) නිරූපනය  නොකරන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

මෙහිදී අයදුම්පත් සලකා බැලීමේ කාලයන්  ද්විත්වයක් දක්වා ඇති අතර 75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය ලෙස එකක්ද 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය ලෙස දෙවැන්නද දක්වා තිබේ.

Australian Visas & Citizenship
Source: Getty Images

වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වීමට හේතු

සෑම මසකම ඔස්ට්‍රේලියානු වීසා  අයදුම්පත් සලකා බැලීමේ කාලය එක සමාන නොවන බවත් ඒ සඳහා විවිධ හේතු ඇති බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සඳහන් කරයි.

ඒවායින් පහත සඳහන් හේතු ප්‍රධාන තැනක් ගනී.

  • යොමු කර ඇති අයදුම්පත් සංඛ්‍යාව විශාල වීම.
  • කාර්ය බහුල සමයන්.
  • සංකීර්ණ අයදුම්පත්.
  • අසම්පූර්ණ අයදුම්පත්.
  • අයදුම්පතට අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය ලිපි ලේඛන (supporting documents) නොලැබීම.
  • එම ලිපි ලේඛන (supporting documents) නැවත ඉල්ලු විට ඒවා යොමු කිරීමට කල් යාම.
  • අයදුම්පත් සම්බන්ධයෙන් අමතර තොරතුරු අවශ්‍යවූ විට පිටත පවතින ආයතන වලින් එම තොරතුරු ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදයන්.
  • ස්ථිර පදිංචිය පිරි නමන වීසා සඳහා වෙන් කර ඇති කෝටාව සහ එයට නියමිත වීසා ප්‍රමාණය.

පසුගිය අගෝස්තු 31 වන දින වන විට ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රධාන වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන් පිළිබඳ විස්තර මෙතනින්....

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now