ඔස්ට්‍රේලියාවේ සියලු ගුවන්තොටුපොළ ආශ්‍රිතව පනවා ඇති නව පොලිස් බලතල වලට අනුකූල නොවන ඕනෑම ගුවන් මගියෙකු හට ඩොලර් 4,200 ක් දක්වා වූ දඩයක් පැනවීමට හෝ රැඳවුම් භාරයට ගැනීමට නියෝග පැනවීමට හෝ ඔස්ට්‍රේලියානු පොලීසියට දැන් බලතල හිමිව තිබේ.
ගුවන්තොටුපොළ වල ආරක්ෂාව සම්බන්ධව ඔස්ට්‍රේලියානු රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග යටතේ පොලීසියට මෙම බලතල හිමිව ඇති බව The Age පුවත්පත සඳහන් කරයි.

නව බලතල
ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපොළ වල සිටින මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වේවි යැයි සැක කෙරෙන ඕනෑම පුද්ගලයෙකුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රය හෝ වෙනත් අනන්‍යතා සහතිකයක් ඉල්ලා සිටීම, සැකකාර පුද්ගලයින් ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් ඉවත් කිරීම හෝ එම පුද්ගලයින්ට පැය 24 ක් දක්වා ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුල් වීම තහනම් කිරීම මෙම නව බලතල වලට අදාළ වේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
මෙම බලතල වලට අභියෝග කරන පුද්ගලයින්ට හෝ මේවාට යටත් නොවන පුද්ගලයින්ට හෝ ඩොලර් 4,200 ක් දක්වා වූ දඩයක් පැනවීමට හෝ රැඳවුම් භාරයට ගැනීමට නියෝග පැනවීමට හෝ ඔස්ට්‍රේලියානු පොලීසියට බලය හිමිව ඇත.
මෙම නව බලතල හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ ආරක්ෂාව ඉහළ නැංවීමට හැකියාව ලැබෙන අතරම අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකරගැනීමට මාර්ග විවෘත වන බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

නීති ක්‍රියාත්මක කිරීම
ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපොළ වල පොලිස් නීති වලට යටත් නොවුණහොත් ඔස්ට්‍රේලියාවේ අපරාධ නීතිය යටතේ අදාළ පුද්ගලයාට ඩොලර් 4,200 ක දඩයක් ගෙවිය යුතුවේ.
එමෙන්ම, පොලීසිය තොරතුරු විමසන විට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ හොත් මාස 12 ක් දක්වා පොලිස් රැඳවුම් භාරයේ තබා ගැනීමටත් පොලිස් කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරුණහොත් එම කාලය වසර 2ක් දක්වා දීර්ග කිරීමටත් නව නීති අනුව පොලීසියට බලතල හිමිවේ.

අනන්‍යතා සහතික
ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ඔබේ අනන්‍යතාව සහතික කිරීමට ඔස්ට්‍රෙලියානු රජයේ අනන්‍යතා ලිපි ලේඛන හෝ ගුවන් ගමන් බලපත්‍ර වැනි අනෙකුත් පුද්ගලික අනන්‍යතා සහතික හෝ හැඳුනුම්පත් මෙන්ම ලියකියවලි ඔබට ඉදිරිපත් කළ හැකි බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.
ඔබට ඒ කිසිදු ලියවිල්ලක් නොමැතිනම් ඔබේ නම සහ අනෙකුත් විස්තර පොලීසියට සැපයිය හැකිවේ.
ඔස්ට්‍රේලියානු ගුවන්තොටුපොළ වෙත මෑත කාලයේදී දිගින් දිගටම එල්ල වෙමින් පවතින ත්‍රස්ත තර්ජන හේතුවෙන් මෙවැනිවූ දැඩි නීති ගෙනඒමට සිදුව ඇති බව ගුවන් තොටුපොළ ආරක්ෂක බලධාරීන් පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

