පසුගිය වසර 5 ඇතුළත ඔස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයන්ට මුහුණපාන බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් දෙදෙනකුත් සෑම පිරිමින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුත් මෙසේ සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයන්ට මුහුණපාන බව අනාවරනය වී තිබේ.
වැඩිම ලිංගික හිංසනයන් සිදුවන සේවා ක්ෂේත්‍ර
ඔස්ට්‍රේලියාවේ ලිංගික හිංසනයන් සිදුවන සේවා ක්ෂේත්‍ර අතරින් ඉහළින්ම ඇත්තේ තොරතුරු, මාධ්‍ය සහ විදුලි සංදේශ යන ක්ෂේත්‍ර වල බව ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
පසුගිය වසර 5 ඇතුළත තොරතුරු, මාධ්‍ය සහ විදුලි සංදේශ යන ක්ෂේත්‍ර වල සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් 4 දෙනෙකුම තම සේවා ස්ථාන වලදී විවිධ ආකාරයේ ලිංගික හිංසනයන්ට මුහුණපාන බව එහිදී අනාවරනය වී තිබේ.
එමෙන්ම කලා සහ විනෝදාස්වාද ක්ෂේත්‍ර වලද විදුලිය, ගෑස්, ජලය සහ කසල සේවා මෙන්ම සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍ර වලද ලිංගික හිංසනයන්ට බහුතර පිරිස් මුහුණ පාන බව මෙහිදී හෙළිවී ඇත.

ඔස්ට්‍රේලියාවේ ලිංගික හිංසන ඉහළ යයි.
ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමේ පසුගිය සමීක්ෂණ වාර්තාවේ (2012) සටහන් වූ අගයට වඩා මෙවර සමීක්ෂණයේදී ඔස්ට්‍රේලියාවේ ලිංගික හිංසනයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව Sex Discrimination කොමසාරිස්වරිය වන Kate Jenkins, SBS පුවත් සේවයට පැවසුවාය.
මේ තත්ත්වය ඉතා ඛේදනීය තත්ත්වයක් බවත් එනිසාම මේ තත්ත්වය වෙනස්කිරීමට කාලය එළඹ ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

වයස් සහ ජන ඛාණ්ඩ ලෙස ගත්විට
සාමාන්‍ය පුද්ගලයින්ට වඩා සමලිංගික පුද්ගලයින්ව සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයන්ට මුහුණ පාන සම්භාවිතාව ඉහළ බවද මෙහිදී සඳහන්.
එමෙන්ම ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්ගෙන් අඩකටත් වඩා සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයන්ට මුහුණ පාන බව පවසා ඇත.
මේ අතර ආබාධිත නොවන පුද්ගලයින්ට වඩා ආබාධිත පුද්ගලයින්ව සේවා ස්ථාන වලදී ලිංගික හිංසනයන්ට මුහුණ පෑමේ වැඩි සම්භාවිතාවක් පවතින බවද සඳහන්.
ඔස්ට්‍රේලියාව තුළ ලිංගික හිංසනයන්ට ඉතා පහසුවෙන්ම මුහුණ දෙන කණ්ඩායම බවට වයස අවුරුදු 18 ත් 29 ත් අතර තරුණ පිරිස් බවද හෙළිවී තිබේ.

ලිංගික හිංසනයන්ට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ග
ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානයකදී ඔබට යම් ආකාරයක ලිංගික හිංසනයකට මුහුණ පෑමට සිදුවන්නේ නම් ඊට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතී.
ලිංගික හිංසකයාව මුහුණට මුහුණ මුනගැසී සෘජුවම ගැටළුව නිරාකරණය කරගැනීම, සේවා ස්ථානය තුළ මානව සම්පත් අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම, තමන්ගේ ප්‍රදේශයේ නගර සභාවට අනුබද්ධ මානව හිමිකම් කොමිසමට හෝ මධ්‍යම රජයේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඔබට කළ හැකිය.
ඔබේ ගැටළුව එයින්ද නොවිසඳේ නම් ඔබට අධිකරණයේ පිහිට පැතිය හැකිවේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

