ගුවන් ගමන් වල යෙදෙන බොහෝ දෙනෙකු හට Jet lag හෙවත් ගුවන් ගමන් විඩාව මහත් පීඩාවක් ගෙනදෙන්නකි.
විශේෂයෙන්ම නිරතුරුවම ගුවන් ගමන් වල යෙදෙන හෝ දීර්ග ගුවන් ගමන් වල යෙදෙන උදවියට මේ සඳහා බහුල ලෙස මුහුණ දීමට සිදුවේ.
නිද්‍රාශීලිභාවය, තෙහෙට්ටුව, උදාසීනත්වය, මතකය ප්‍රමාද වීම, ආහාර ජීර්ණයේ යම් අපහසුතා මේ හේතුවෙන් ඇතිවන ප්‍රධාන අපහසුතාවන් වේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
එකිනෙකට වෙනස් කාල කලාප (time zones) දෙකක් අතර ගමන් කිරීමේදී Jet lag හෙවත් ගුවන් ගමන් විඩාව අත්විඳීමට සිදුවෙයි.
මෙම ගුවන් ගමන් විඩාව මගහරවා ගැනීමට අනුගමනය කළ හැකි විවිධ ක්‍රම පවතින අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රකට executivestyle වෙබ් අඩවිය ඒ සඳහා ඉදිරිපත් කර තිබු ප්‍රායෝගික ක්‍රම කිහිපයකි මේ....

වෙලාව වෙනස් කිරීම
ඔබ ගුවන්ගත වීමට පෙර ඔබේ ගමනාන්තයේ (ඔබ ගොඩ බසින නගරයේ) වේලාවට ඔබේ ඔරලෝසුවේ වේලාව සකස් කරගැනීම ගුවන් ගමන් විඩාව නැති කරගැනීමට හැකි එක් ප්‍රධාන ක්‍රමයකි.
ඔබේ මනසෙහි සෑම විටම සටහන් වන්නේ එම අලුත් වේලාව බැවින් එම නව වේලාවට අනුව ඔබව හැඩගැස්වීමට ඔබේ මනසට පණිවිඩ ලබා දෙනු ඇත.

බර ආහාර ගැනීමෙන් වළකින්න
බොහෝ වේලාවට ගුවන් ගමන් වලදී අදාළ ගුවන් සේවය විසින් සකසන ලද ආහාර ගැනීමට ඔබට සිදුවේ.
නමුත් එහිදී ඔවුන් අවම වශයෙන් ආහාර වේල් දෙකක තේරීමක් (Options) ඔබට ලබා දෙයි.
එහිදී වඩාත් සැහැල්ලු ආහාර වේල තෝරාගැනීමට වගබලාගත යුතුය.

නිදි පෙති සහ විටමින් වර්ග
එකිනෙකට වෙනස් කාල කලාප දෙකක් අතර ගමන් කිරීම ඔබේ නිදාගැනීමේ ආරට මහත් සේ බලපෑමක් ඇති කරයි.
මේ හේතුවෙන් බොහෝ දෙනෙකු නිදි පෙති භාවිතා කිරීමට පෙළඹෙයි.
නමුත් වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතිව මෙම ක්‍රමය අනුගමනය කරනවා නම් වඩා උචිත බව පැවසේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
එමෙන්ම ගුවන් ගමනට පෙර සිටම සහ පසුවද zinc විටමින් B සහ C ලබා ගැනීම ඔබේ ගුවන් ගමන් විඩාව මගහරවා ගත හැකි ක්‍රමයකි.

නූතන ගුවන් යානා තෝරාගන්න.
ඔබේ ගුවන් ගමන කලින් වෙන්කරවා ගැනීමේදී ගමන් කිරීමට ඇත්තේ කුමන ගුවන් යානාවකද යන්න සෑම විටම සොයා බැලිය යුතු වේ.
Boeing 787, Airbus A350 වැනි නූතන ගුවන් යානා වල මෙම ගුවන් ගමන් විඩාව අවම කිරීමට නව ක්‍රමෝපායන් සකස් කර ඇත.
ගුවන් යානය තුළ උස ප්‍රමාණය (cabin altitude), ඉහළ ආර්ද්‍රතාව, පිරිසිදු වාතය වැනි දේ එහිදී ප්‍රධාන වේ..

පළමු දිනය සරළව ගෙවන්න
ඔබේ ගුවන් ගමනෙන් අනතුරුව එළඹෙන පළමු දිනය කිසිවිටෙකත් කාර්ය බහුල නොකරගැනීම ද ගුවන් ගමන් විඩාව මගහරවා ගැනීමට හැකි පහසු ක්‍රමයකි.
ඔබේ සංචාරය ඉතා කෙටි හෝ රාජකාරී එකක් නම් පළමු දිනයේදී ඉතා කෙටි හමුවීම් පමණක් යොදාගන්න.

උපක්‍රමශීලී ගුවන් ගමන් වේලාවන්
ඔබේ ගමනාන්තය සටහන් කෙරෙන රටේ වේලාව අනුව ඔබේ ගුවන් ගමන වෙන්කරවා ගන්න.
උදාහරණ ලෙස ඔබ ශ්‍රී ලංකාවට හෝ ආසියාවේ වෙනත් රටකට ගොඩ බැසීමට අදහස් කරනවා නම් ඔබේ ගමනාන්තයට රාත්‍රී කාලයේදී ගොඩබැසීමට වග බලාගතහොත් එය ඔබේ මනසට මෙන්ම සිරුරටද බොහෝසේ පහසු වනු ඇත.
නමුත් මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

