ලොව වෙසෙන මිනිසුන් භාවිත කරන විවිධ දේවල් සහ වදන් ලෝකයේ විවිධ රටවලින් ලෝකයට දායාද කර ඇත.
ඇතැම් විට එහි නිර්මාණකරුවා එක් රටක වුවත් එහි සොයාගැනීම හෝ නිපැයුම සිදුව ඇත්තේ තවත් රටක වෙයි.
ඔස්ට්‍රේලියාවෙන් ලොවට දායාද කළ ලොව වෙසෙන පුද්ගලයින් භාවිතා කරන ජනප්‍රිය දේවල් 5 ක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
1. Selfie
ජංගම දුරකතනය පුද්ගලයාගේ ජනප්‍රියම සහ නැතුවම බැරි උපකරණය වන මෙවන් යුගයක Selfie ඡායාරූප වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.
Facebook, Instagram, Twitter වැනි ලොව ප්‍රකට සමාජ ජාල හේතුවෙන් මෙම Selfie ඡායාරූප අද වන විට කොයි කා අතරත් ජනප්‍රිය වී තිබේ.
නමුත් මෙම Selfie යන වදන ලොවට දායාද කර ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන් බව ඇසුවොත් ඔබ තරමක් පුදුම වනු ඇත.
ලෝක ප්‍රකට Oxford ශබ්දකෝෂයට අනුව 2002 සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ එක්තරා බීමත් පුද්ගලයෙකු තම මිතුරෙකුගේ 21 වන උපන්දින සැමරුමේදී මධු විත පානය කර වැටීමෙන් තම මුඛයට සිදුවූ අනතුර ඡායාරූපයකට නගා පළ කර එය “Selfie” යනුවෙන් නම් කර ඇත.
පසුව එම වදන 2103 දී Oxford ශබ්දකෝෂයට ඇතුළත් කර තිබේ.

2. Black Box Flight Recorder
ගුවන් යානා අනතුරක් සිදුවූ වහාම එහි කළු පෙට්ටිය පිළිබඳ මාධ්‍ය තුළින් අපට අසන්නට ලැබේ.
Black Box Flight Recorder හෙවත් මෙම කළු පෙට්ටියනිර්මාණය කර ඇත්තේ ප්‍රකට ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙකු වූ David Ronald de Mey Warren ය.
ගුවන් යානයක නියමු කුටියේ සිදුවන සියලුම දේ පටිගත කිරීමක් මෙමගින් සිදුවන අතර යම් අනතුරකදී එමගින් පහසුවෙන් සාක්ෂි ලබා ගැනීමට හැකිවෙයි.

3. Google Maps
ලෝකයේ සංචාරය කරන බහුතරයකගේ සමීපතම මග පෙන්වන්නා බවට අද වන විට Google Maps සැලකෙයි.
Lars සහ Jens Eilstrup Rasmussen නමැති ඩෙන්මාර්ක් සොයුරන් දෙදෙනා විසින් පළමුව මෙම Google Maps නිර්මාණය කරන්නට වූ පටන් ගත් අතර එය පාදක වුයේ සිඩ්නි නුවර සමාගමකය.

4. නූතන Polymer මුදල් නෝට්ටු
ලොව රටවල භාවිතා වන මුදල් නෝට්ටු එකිනෙකින් වෙනස් වන අතර ඒවා නිපදවා ඇති අමුද්‍රව්‍යයද වෙනස් වේ.
ලෝකයේ නූතන Polymer මුදල් නෝට්ටු භාවිතය ලොවට හඳුන්වා දුන්නේ ඔස්ට්‍රේලියාවෙන් වන අතර ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව, Commonwealth Scientific and Industrial Research Organisation (CSIRO) සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලය ඒ සඳහා දායක වී තිබේ.
මෙම Polymer මුදල් නෝට්ටු 1988 දී ප්‍රථම වරට නිකුත් කළ අතර 1996 වන විට ඔස්ට්‍රේලියාවේ මුළුමනින්ම භාවිතයට ගැනිණි.

5. Hills Hoist
ඔස්ට්‍රේලියාවේ බොහෝ නිවෙස් වල පසුපස මිදුලේ දක්නට ඇති මෙම Hills Hoist රෙදි වේලා ගැනීමට භාවිතා කරන මෙවලමකි.
රෙදි වැලවල් කිහිපයකින් සමන්විත මෙය එක තැන සිට කරකැවීමට ද හැකි වන අතර පහසුවෙන්ම රෙදි විශාල ප්‍රමාණයක් එකවර වේලා ගත හැකිවේ.
1945 වසරේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර Lance Hill නමැති නිෂ්පාදනකරු විසින් මෙය නිපදවූ අතර මේ වන විට එය ඔස්ට්‍රේලියාවේ , නවසීලන්තයේ පමණක් නොව ලොව ප්‍රධාන පෙළේ රටවල ජනප්‍රිය ගෘහ අංගයක් බවට පත්ව ඇත.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

